අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එම්.ඕ.එච්.වලට ප්‍රමාණවත් එන්නත් නෑ… එන්නත අරන් ඩෙල්ටා ගෙනියන්න රෝහලට පැමිණි මිනුවන්ගොඩ මිනිස්සු..

by editor
අගෝස්තු 10, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

ඕනෑම පුද්ගලයෙකුට පළමු හා දෙවන මාත්‍රා ලබා ගැනීම සඳහා මිනුවන්ගොඩ රෝහල විවෘත කිරීමත් සමග ඇති වී තිබෙන තත්වය මේ සමග වූ ඡායාරූප පෙළ පෙන්වයි.

ප්‍රධාන මාර්ගයේ මිනුවන්ගොඩ දෙසටත් වේයන්ගොඩ දෙසටත් පෝලිම් දෙකක් සේ කිසිම සෞඛ්‍ය පිළිවෙතකින් තොරව මිනිස්සු දෙදහසකට අධික සංඛ්‍යාවක් පොදි ගැසෙමින් සිටිති. අවට වාහන තදබදයකි. 

මේ පෝලිම ආරම්භ වූයේ පාන්දර 4 සිට බවත් මෙවැනිම තත්වයක් ඊයේත් පැවති බවත්, ඊයේ ඇති වූ තදබදයක් අවසානයේ ඇති වූ ගැටුම්ක් නිසා රෝහලේ ගේට්ටු කණුවක් ද පැමිණ සිටි පිරිස් පෙරළා දැමූ බවත් ඇසින් දුටුවෙක් පැවසීය.


මේ අතර මෙවැනි තදබදයක් ඇති නොවන සේ ඒ ඒ ප්‍රදේශවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සිදුකරන එන්නත්කරණ වැඩපිළිවෙළ නිසි පරිදි පවත්වා ගැනීම සඳහා ප්‍රමාණවත් එන්නත් නොලැබෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළි කළේය.

මේ පිළිබඳව කළ විමසීමක දී කාටන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උප සභාපති එස්.ටී.යූ.ටී. කුලතිලක පැවසුවේ ඕනෑම කෙනෙකුට එන්නත් ලබා ගැනිම සඳහා ස්ථාන විවෘත කිරීම පිළිබඳ ප්‍රචාරක වැඩ සටහන් දියත් වුවත් බිම් මට්ටමේ තත්වය ව්‍යාකූල බවය.
“ එම්.ඕ.එච්. කාර්යාලවලට ලැබෙන එන්නත් ප්‍රමාණය අඩුයි. අපෙන් මුල් මාත්‍රාව ගත් අයට දෙවන මාත්‍රාව ලබා දීමට ප්‍රමාණවත් එන්නත්වත් ලැබී නෑ. ගම්හප සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සියල්ලේම ඇත්ත තත්වය මේකයි. දෙවන මාත්‍රාව ලබා දීමටවත් ප්‍රමාණවත් එන්නත් නැති නිසා අපට පළමු මත්‍රාව ලබා දෙන්න විදිහක් නෑ. යුද හමුදාව යොදවා කළ වේගවත් එන්නත්කරණය හොඳයි. ඒත් මේ පැවති යාන්ත්‍රණය ක්‍රියාත්මක වන ගමන් විකල්ප වලට යෑමයි සුදුසු.

“මේ බිම් මට්ටමේ ගැටලුව විසඳන්නෙ නෑ. මෙය දකින්නෙත් නෑ. මිනිස්සු අපට ඇවිත් බැණලා යනවා තමුසෙලට ආණ්ඩුවෙන් දෙන බේත් ටික ගෙනත් විදගන්න බැරිද කියලා. කාටද තේරුම් කරලා දෙන්නෙ දෙවන මාත්‍රාව විදින්න ප්‍රමාණවත් එන්නත් ප්‍රමාණයවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලට එවන්න කියලා. “ ඔහු පැවසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

දවස් පහක් තිස්සේ හුස්ම ගැනීමේ අපහසුව කී බියම කොවිඩ් ආසාදිතයෙක් රෝහලක ඇඳක් නැතිව නිවසේ දී මරුට

Next Post

ධම්මික පැණිය ආණ්ඩුවෙන්ම තහනම් කරයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.