අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එන්නත් මදි… මිනිස්සුන්ගෙන් ගුටි නොකා බේරෙන්න සීදුවේ දී පී.එච්.අයි. ලාට පැන යන්න සිදුවෙයි…

by editor
මැයි 13, 2021
in පුවත්
එන්නත් ලැබී නැත. එහෙත් එන්නතක් බලාපොරොත්තුවෙන් මහ වැස්සේ පෝලිම් ගැස සිටින මිනිස්සු...

එන්නත් ලැබී නැත. එහෙත් එන්නතක් බලාපොරොත්තුවෙන් මහ වැස්සේ පෝලිම් ගැස සිටින මිනිස්සු...

Share on FacebookShare on Twitter

ප්‍රමාණවත් පරිදි එන්නත් නොලැබීම නිසා ගම්පහ දිස්ත්‍රික්කය තුළ සිදු කරමින් ඇති එන්නත් කිරීම් මුලුමනින්ම අර්බුදකයකට ගොස් ඇති බවත් කුපිත වූ ජනතාව   එන්නත්කරණ වැඩසටහනක් සංවිධානය කළ සීදුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට  පහර දීමට සූදානම් වීම නිසා  ඊයේ (12) සිය යතුරුපැදි කාර්යාලයේ දමා වෙනත් වාහනවල නැගී ඔවුන්ට රහසේ  පලායන්නට සිදු වූ බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ගේ සංගමයේ උප සභාපති එස්.ඒ.යූ.ටී කුලතිලක ලංකාසරට  පැවසීය.

මේ වනවිට කඳාන සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේ සංවිධානය කර ඇති එන්නත් මධ්‍යස්ථානයට ප්‍රදේශයේ ගුරුවරුන් 700ක් ගෙන්වා එන්නත් කිරීමට සැලසුම් කරන ලෙස දුන් උපදෙස් මත එය   සංවිධානය කළත් තවමත් එක එන්නතක්වත් ලැබී නැති බව ඔහු පවසයි.

“ මිනිස්සු මහ වැස්සෙ කුඩ ඉහළගෙන දැනුත් පෝලිමෙ… කිලෝ මීටරයක් විතර දිගට පෝලිම.  අදට දෙනවා කිව්වා එක එන්නතක්වත් තවම ලැබිලා නෑ.“

“ඊයෙ 4000කට එන්නත් දෙන්න ලෑස්ති කරන්න කිව්වා. අපට ලැබුණෙ එන්නත් 2400යි. මිනිස්සු බැණ බැණ ගියා. බලධාරීන් අපට කියනවා. අපි සංවිධානය කරනවා. මිනිස්සු එනවා. ඔවුන්ගෙ ආවේග යන්නෙ අපේ පිටින්. අපි අන්තිම අසරණයි.“ උප සභාපතිවරයා පැවසුවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඊයේ සීදුවේ දී ප්‍රහාරයට ලක්වීමට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ගේ අත්දැකීම  මේ අර්බුදයේ තරම පෙන්වා දෙන්නක් බව සෞඛ්‍ය අංශ කීවේය.

“ බෙහෙත් විදින්න සැලසුම් කරලා තිබුණෙ රද්දොළුව සහ කෝවින්න ප්‍රදේශවල අයට.  3000කට ලෑස්ති කරන්න කිව්වා. මිනිස්සු 3000ක් විතර පොලිමෙත් හිටියා. අපිට ලැබුණෙ 1200යි.

අපි කියලා යැව්වා බෙහෙත් මදි කියලා. තව 900ක් දෙන්නම් කිව්වා හවස එකට කලින්. නවසීය ටිකකින් 600 උනා. බෙහෙත් ආවෙ නෑ. ආයෙ පණිවිඩයක් ආවා දෙන්න පුලුවන් 400ක් කියලා. ඒක ගන්න ගියාම එව්වෙ එන්නත් 200යි. ඒ වෙනකොටත් මිනිස්සු 1000ක් විතර පෝලිමේ. ඒ අයත් ආවේගෙන්…

මිනිස්සු අපිව වටකරගත්තා. තර්ජන කරන්න ගත්තා. බයිසිකල් ටික ක්ලිනික් එකෙන් දාලා වෙන වාහනවල නැගලා රහසින් පැනගත්තෙ…. අද  (13) බෙහෙත් ඇවිත් නෑ. එම්.ඕ.එච්. එකේ.  පන්සියකට වඩා පෝලිම.“ සීදුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් ලංකාසරට පැවසීය.

එන්නත් 8000ක් ගම්පහට ලබා දී ඇති බවත් දැන් ගබඩාවල එන්නත් නැති බවත් ඒ හේතුවෙන් ගම්පහ එන්නත් කරණය අද නවත්වා ඇති බවත් ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ආරංචි මාර්ග කීවේය.

“ ඊයේ රත්නාවලිය ඉස්කෝලෙ ලඟ, ගම්පහ නගරසභාවෙ, ගණේමුල්ලෙ ගලහිටියා මධ්‍යමහා විද්‍යාලය ලඟ එන්නත් කිරීම් කළා. එන්නත් මදි වෙලා 2000ක් විතර ආපහු යැවුවා… මිනිස්සු මරාගන්න ආවෙ නැති ටික විතරයි…“

ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ආරංචි මාර්ග කීවේය.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද රෑ සිට සඳුදා තෙක් කඩසාප්පු වැසෙයි – ගමන් බිමන් බෑ

Next Post

ඉන්දියාවේන් පැනවිත් උතුරේ සැඟවෙන පවුල් පිටින් කොටු වේ….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.