අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එක්ස්ප්‍රස් පර්ල් නැවේ ප්ලාස්ටික් සහ පොලිතීන් කන්ටේනර 87ක්! තොගය ටොන් 3000ට වැඩියි !

by editor
ජූනි 2, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

යූරියා කන්ටේනර් 88ක්!
කෝස්ටික් සෝඩා කන්ටේනර් 42ක්
ලිහිසි තෙල් වර්ග කන්ටේනර් 30ක්


එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තිබූ බහලුම් අතර සිහින් ප්ලාස්ටික් කැට ඇතුළු පොලිතින් සහ නිෂ්පාදන අමුද්‍රව්‍ය ටොන් දහසකට වැඩි ප්‍රමාණයක් ගබඩා කර තිබී ඇති බව අනාවරණය වේ.

ප්ලාස්ටික්, පොලිතීන් සහ පිවීසී නිෂ්පාදන සහ නිෂ්පාදන අමුද්‍රව්‍ය බහලුම් 87ක ඒවා ගබඩා කර තිබී ඇති බව ආරංචි මාර්ග ලංකාසරට අනාවරණය කළේය.

පොලිතීන් සහ ප්ලාස්ටික් නිෂ්පාදනයේදි යොදා ගැනෙන අඩු ඝනත්ව පොලිතීන් (LDPE) සහ වැඩි ඝනත්ව පොලිතීන් කැට (HDPE) කිලෝ 25 බැගින් වන මලු අවම වශයෙන් 25000ක් වත් මෙම නැවේ ගබඩා කර තිබී ඇත. එමෙන්ම එම ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 50 මලු 3400ක් ද සහිත බහලුම් (කන්ටේනර්) 31ක ප්‍රවාහනය කර තිබේ.

x-press-perl
කිලෝ ග්‍රෑම් 25 ප්සාස්ටීක් පෙලට් මළු

පොලිතීන් සහ ප්ලාස්ටික් ගබඩා කළ බහලුම් 55ක් එම නෞකාවේ භාණ්ඩ ලේඛනය තුළ පවතින බව සඳහන් වේ. මෙම පොලිතීන් මලු සහිත බහලුම් රැසක් මුහුදට වැටී විනාශ වි තිබුණු අතර එයින් විශාල පරිසර දුෂණයක් මේ වනවිට දකුණු සහ වයඹ දිග මුහුදු තීරයේ දක්නට ලැබෙයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

නෞකාවේ අනතුරුදායක බහලුම්වල (Dangerous cargo) පැවැති රසායන ද්‍රව්‍ය අතර බොහෝ දෙනකුගේ අවධානයට ලක් වූ නයිට්‍රික් අම්ලය පැවතියේ එක් කන්ටේනරයක් පමණි. එහෙත් මෙම නෞකාවේ දැවන්ත කෝස්ටික් සෝඩා තොගයක් ප්‍රවාහනය කර ඇති අතර එය බහලුම් 42ක් ලෙස වාර්තා වේ.

 x-press-Pearl
වෙරළට ගොඩ ගැසූ ප්ලාස්ටීක් පෙලට්

එමෙන්ම වර්ග තුනකට අයත් යූරියා කන්ටේනර් 88ක් ද පර්ල් එක්ස්ප්‍රස් රැගෙනවිත් ඇති අතර ඊයම් කන්ටේනර් 8ක්ද එහි තිබී ඇත. මෙයට අමතරව මෙතනොල් කන්ටේනර් කිහිපයක්, පරිසරයට අහිතකර රසායන ද්‍රව්‍ය ලෙස කම් කළ කන්ටේනරයක්, සුවඳ විලවුන් , මෙතනෝල්, ඝන කෝස්ටික් සෝඩා, සුවඳ විලවුන් නිෂපාදන, ඖෂධ සහ කාර්මික නිෂ්පාදන අමුද්‍රව්‍යයක් වන සෝඩියම් මෙතොක්සයිඩ් ද්‍රාවණය සහ තීන්ත සහ ගම් වර්ග නිෂ්පාදනයේදී භාවිත වන විනයිල් ඇසිටේට් ඉන්හිබිටර් vinyl acetate inhibitor යන ද්‍රව්‍ය පැවති බව අනාවරණය වේ.

මෙම ද්‍රව්‍යවලට අමතරව ලිහිසිතෙල් විශාල තොගයක්ද එහි ප්‍රවාහනය කර තිබේ. ලංකාසරට වාර්තා වන අන්දමට එන්ජින් ඔයිල්. ගියර් ඔයිල් බ්‍රේක් ඔයිල් ඇතුළු ලිහිසි තෙල් බහලුම් 30ක් පමණ එහි ගබඩා කොට තිබි ඇත. මෙම තොගවලින් වැඩි ප්‍රමාණයක් මේ වනවිට දැවි ගොස් ඇති බවට විශ්වාස කෙරෙයි.

මෙම ද්‍රව්‍යවලට අමතරව ආහාර ද්‍රව්‍ය තොගයක් , වාහන කිහිපයක්, වාහන අමතර කොටස් සහිත කන්ටේනර් ගණනාවක්ද ප්‍රවාහනය වෙවමින් තිබි ඇති අතර සමස්ථ කන්ටේනර් 1886න් බහලුම් 1215ක මෙම භාණ්ඩ අසුරා තිබී ඇත.

මේ අතර එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ගිනිගැනීමේදී මුහුදු වැටුණු බහලුම්වල තිබූ ප්ලාස්ටික් කිලෝ ටොන් 548ක් උස්වැටකෙයියාවේ සිට සරක්කුකන්ද දක්වා වෙරළ තීරයෙන් එකතු කර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය අද නිවේදනය කළේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

යාපනයේ කර්කුකායි ගුරුඩා ගුහාවල අද්භූත සිදුවීම් වෙනවා… උතුරු පලාත් සභාවේ හිටපු සභාපති…

Next Post

ජන ජීවිතය අඩාල වීමට ඉඩ නොතැබිය යුතුයි- ජනපති

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.