අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එක්ක ගියේ දන්සල් වඳින්න කියලා… උන් මගේ දුව සල්ලාලයෙකුට විකිණුවා…. කළුතර දැරියගේ අම්මා කියන කතාව විමසිල්ලෙන් අසන්න….

by editor
මැයි 8, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

කළුතර ලැගුම්හලක තුන්වන තට්ටුවෙන් පහළට ඇදවැටී මිය ගිය කළුතර බාලිකා විද්‍යාලයේ සාමාන්‍යපෙළ පන්තියේ ඉගනුම ලැබූ ටිහාරා නිර්මාණි නිංශ්ශංක සිල්වා නැමැති 16 හැවිරිදි දැරියගේ ඛේදනීය මරණය සම්බන්ධව කළුතර බාලිකා විද්‍යාලයේම උසස් පෙළ පන්තියක අධ්‍යාපනය ලබන  පබාරා නම් තරුණිය  ද දැනුම්වත් බවත්    සිය දියණියගේ  මරණය සැලසුමකට අනුව සිදුකළ එකක් බවත්  එම සිසුවියගේ මව අද (08) චෝදනා කළාය.

ඇය පවසන්නේ යෙහෙළියත් ඔහුගේ පෙම්වතා යැයි පවසන පුද්ගලයාත් මෙම තරුණිය පාපතර සල්ලාලයෙකුට මුදලට අලෙවි කර ඇති බවය.

“පබාරා  පෙරේදා හවස 5ට විතර ඇවිල්ලා කිව්වා දන්සකට යන්න ඕනේ කියලා. මම කිව්වා දරුවාට යන්න එපා කියලා. දෙපාරක් ඇහුවා මම ඒත් එපා කිව්වා. තුන්වැනි පාර අහද්දි දරුවෙක් නිසා මම කිව්වා ඔයා ගිහින් ඉක්මනට එන්න කියලා. ඒ වචනෙන් ප්‍රයෝජනය අරගෙන මේගොල්ලෝ ගියා. “

“දරුවා ගෙදර අවේ නැතිකොට මම කෝල් එකක් ගත්තා. එතකොට කිව්වා දන්සලේ ඉන්නේ කියලා. මම ආයේ කෝල් කරාම ෆෝන් එක වැඩ කළේ නෑ. ”

“මම පබාරට වතාවල් දෙකක් තුනක් කියලා තියෙනවා මගේ දරුවාට ඉගෙන ගන්න දෙන්න කියලා. ඔයා එන්න එපා කියලා. ඊට පස්සේ ඒ යන වෙලාවේ කිව්වා ඇන්ටි මම අදින් පස්සේ එන්නේ නෑ කිව්වා. එතන ලොකු ප්ලෑනක් තිබිලා තමයි එයා ඒ දේ කියලා තියෙන්නේ. “

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“මගේ දරුවාව විකුණලා තියෙනවා පාපතරයෙකුට මගේ දරුවා ආය එන්නේ නෑ. මින් මත්තට වෙන දරුවෙකුට මේ දේ සිදුනොවෙන්න මේකට සාධාරණය ඉටු කරන්න.”අම්මා කීවාය.

දන්සල් වඳන්නට ගෙදරට ගොස් දැරිය රැගෙන එන්නේ කළුතර බාලිකා විද්‍යාලයේම  උසස් පෙළ පන්තියේ අධ්‍යාපනය ලබන පබාරා නැමැති මෙම තරුණියය.

සැකකාර සල්ලාලයා….

එදින 6.20ට පමණ ඇයත් ඇයගේ පෙම්වතාත්, තවත් පුද්ගලයෙක් සමග ඔවුන් කළුතර කාමර කුලියට දෙන හෝටලයක් වෙත පැමිණෙන්නේය.    මිය ගිය බාලවයස්කාරියව හෝටල් කාමරය වෙත රැගෙන යෑමට තමන්ගේ වෙනත්  යෙහෙළියකගේ හැඳුනුම්පතක් පබාරා නැමැති තරුණිය හෝටලය වෙත ඉදිරිපත් කර තිබිණු බව මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේය.

එමෙන්ම 16 හැවිරිදි දැරියත්, දැරියගේ පෙම්වතා යැයි කී 29 හැවිරිදි පුද්ගලයාත්, 19 හැවිරිදි පාසල් තරුණිය සහ ඇයගේ පෙම්වතාත් එකට මත් පැන් පානය කර කාමර දෙකට ගිය බවත් 19 හැවිරිදි තරුණිය සහ තරුණයා ටික වේලාවකින් හෝටලයෙන් පිටවී ගොස් ඇත්තේ දැරිය හා ඇයගේ පෙම්වතා බව කී 29 හැවිරිදි පුද්ගලයා හෝටලයේ තනි කර බවත් පෙනී ගොස් ඇත.

මේ සම්පූර්ණ සිදුවීමේම යම් සැලසුම් සහගත බවක් පෙනී ගොස් ඇත්තේ මාස දෙකකට පෙර 16 හැවිරිදි දැරිය සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගන්නා බව කියන පුද්ගලයා මුදල් යමින් ඇති සල්ලාලයෙක් බව හෙළි වීමත් සමගය.  මෙම පුද්ගලයා පානදුර බේරුවල සහ කළුතර ප්‍රදේශවල ව්‍යාපාර කරන පුද්ගලයෙකි.

එමෙන්ම මේ මරණයෙන් පසු සිදුවූ කිසිම සිදුවීමක කිසිම මානුෂික ස්වරූපයක් හෝ කම්පනයක් ගැබ්වී තිබුණේ නැත. පෙම්වතා යැයි කී පුද්ගලයා දැරිය නිරුවතින් උඩු මහලේ සිට ඇද වැටුණු විට පලා යන්නේය. වයස 29ක් වූ මෙම පුද්ගලයා විවාහ දෙකකට ඇතුළු වී දික්කාසද වී සිටි අයෙක් බව හෙළි වී ඇත.

” අපි ඔක්කොම අමාරුවේ වැටෙනවා ඕක හංගපන් ”  ඒ යනුවෙන් ඔහු දැරිය නිවසට ගොස් හෝටලයට කැඳවාගෙන පැමිණි පබාරා නැමති තරුණියගේ පෙම්වතා යැයි කී පුද්ගලයාට  උපදෙස් දෙන්නේය. මිනිය හංගන්න කියා සල්ලාලයා පලා යන්නේය.

“ඕක” දැරියගේ සිරුරය. ආදරය සම්බන්ද අල්ප මාත්‍ර දෙයක් මුලු සිදුවීමේම දකින්නේ නැත.

මේ උපදෙස් මත  මීටර හාරසීයයක් පමණ ඇවිදගෙන පැමිණෙන මෙම තරුණයා හා තරුණිය නිරුවතින් මියගොස් සිටින දැරියගේ සිරුර පසෙකට ඇද දමා කිසිවක් නොවුන සේ කළුතර දෙසට ඇවිද යන්නේය.

දැරියගේ නිවසට ගොස් දන්සල් වඳින්න යන බව ඇයගේ මවට කියා  ඇයව නිවසින් රැගෙන ආවේ පබාරා නැමති මෙම තරුණිය ය.     අනතුරුව දැරිය සහ සල්ලාල ව්‍යාපාරිකයා හෝටලයේ තනි කර මග හැර ගිය තරුණිය අවසානයට දකින්නේ  තමන් සමග පැමිණි දැරියගේ මළ සිරුරය. ඇය සිය පෙම්වතා සමග එම නිරුවත් සිරුර රේල්  පාරෙන් ඉවතට ඇද දමා එතැනින් පිටවී යෑමට තරම් අසංවේදී වී ඇති අයුරු හෙලි වන්නේය. මේ සියල්ල ඇය හා ඇයගේ පෙම්වතාත් පෙම්වතාගේ මිතුරෙක් බව පෙනෙන සල්ලාල ව්‍යාපාරිකයාත් අතර වූ ගනුදෙනුවක ස්වරූපයක් පෙන්වන්නේය.

දැරියගේ මළ සිරුර පොලිසියෙන් හොය ගන්නේ 05 වැනිදා රාත්‍රියේය.

“ මුන් මගේ දරුවා පාපතරෙයකුට විකිණුවා…” මේ තත්ත්වය තුළ ඒ අම්මා තුළ ඇතිවූ සැකය සාධාරණය. ඒ සඳහා සැලසුමක් තිබූ බවත් සිතිය හැකි තොරතුරු පෙළ ගැසෙන්නේය.

දැන් ඒ දියණිය මේ ලෝකයෙන් සමුගෙනය.   මෙම දැරිය සිය දිවි නසා ගත්තා ද,  මරා දැම්මා ද යන්න තවම පැහැදිලි නැතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේ  මිනී මැරුමක් සේ සලකා සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වන බවය.

දැරිය කෙලෙසූ බව සිතන සැකකාර සල්ලාලයා ගැලණිගමින් තමන් ගමන් කළ මෝටර් රථය අත්හැර   පැන ගොස් ඇත. ඔහුගේ මිතුරෙක් දැනුම්වත් කර වාහනය රැගෙන යන ලෙස දන්වා තිබුණු අතර අද වාහනයත් වාහනය රැගෙන පැමිණි පුද්ගලයාත් අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රධාන සැකකරු  පිළිබඳ තවම හෝඩුවාවක් නැත. ඔහුගේ ගුවන් ගමන් බලපත්‍ර තහනම් කර තිබේ. පබාරා නැමැති තරුණියත්, ඇයගේ පෙම්වතා බව කියන 22 හැවිරිදි තරුණයාත්,  සැකකරු පලාගිය වාහනය රැගෙන පැමිණි ඝාතකයාත්   කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මියගිය තරුණියගේ පශ්චාත් මරණ පරීක්ෂණය කළුතර ශික්ෂණ රෝහලේදී ඊයේ (07) සිදුකෙරුණු අතර එහිදී අධිකරණ වෛද්‍ය නිලධාරියවරයා මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දී තිබේ.

ඒමෙන්ම ඇගේ ශරීර කොටස් සහ රුධිර සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකවරයාට සහ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකර ඇත.

සිසුවියගේ ශරීරය පරීක්ෂා කිරීමේදී දකුණු පාදයේ සහ පපුවේ වම් ප්‍රදේශයේ දත් පහරවල් නිරීක්ෂණය වී ඇතැයි ද වාර්තා වේ.

මහා කාලකණ්ණි කතාවක තව මොනවා හෙළි වේදැයි අප දන්නේ නැත. එහෙත් ඒ සෑම පරිච්ඡේදයකින්ම හෙළිදරවු වන්නේ මේ සමාජයේ ඇති කුප්ප අමානුෂික බවය. අසංවේදී අශිෂ්ට බවය.

දරුවනේ… පරිස්සම් වෙන්න. ඔබ ජීවත් වෙමින් ඇත්තේ මහා අනාරක්ෂිත වනචාරී සමාජයකය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආර්ථිකය විනාශ කළ වරද පිළිබඳව ගෝඨාභය, මහින්ද ඇතුළු ප්‍රධානීන්ට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට දින තීන්දු වෙයි!

Next Post

කළුතර දැරියගේ මරණයට සම්බන්ධ ප්‍රධාන සැකකාර සල්ලාලයා පොලිස් අත්අඩංගුවට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.