සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එංගලන්ත පළමු ඉනිම අවසානයි… අසිත ප්‍රනාන්දු කඩුළු 05යි… ඒත් ඔවුන් ලබා දුන් ඉලක්කය තියුණුයි…

by editor
අගෝස්තු 30, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය ක්‍රියාත්මකය.  එංගලන්ත ඉනිම අවසානය. සියල්ලන්ම දැවී ගොස්ය. නමුත් ලැබී ඇති ඉලක්කය කිසිසේත්ම පහසු නැත. එය ලකුණු 427කි.

අද තරගය ආරම්භ වන්නේ එංගලන්ත කණ්ඩායම කඩුළු 07කට ලකුණු 358ක් ලබාගෙනය. ඊයේ ජෝ රූට් දියත් කළ විචිත්‍ර පිති ප්‍රහාරය ලෝඩ්ස් පිටිය වර්ණවත් කළේය. ජෝ රූට් පන්දු 203ක් මුහුණ දෙමින් හතරේ පහර 18ක් සමග ඊයේ ලකුනු 143 කේ ලැබුවේය.

ශතකාවසානයක් පෙන්නමින් ඊයේ දිනයේ නොදැවී ක්‍රීඩා කරමින් ලකුණු 74ක් ලබාගෙන සිටි එංගලන්ත අංක 8 ක්‍රීඩක ගස් එට්කින්සන් පන්දු 115කට මුහුණ දෙමින් අද විශිෂ්ට ලකුණු 118ක් වාර්තා කළේය. එම ප්‍රහාය ප්‍රවේගකාරීය. ඔහු රැස් කළ ලකුණු සංඛ්‍යාව ලකුණු 118 ට හතරේ පහර 14කි. හයේ පහර 4කි. ඔහු අද ලෝඩ්ස් පිටියේ සෑම අස්සක් මුල්ලක් නෑරම සිය අණසකට යටත් කරගත්තේය. ලොඩ්ස් පිටියේ දී ජාත්‍යාන්තර ටෙස්ට් තරගයක මංගල ශතකය වාර්තා කිරීම අන්ර්ජාතික ක්‍රිකට් ක්‍රීඩකයෙකුට සිහිනයකි. අද මේ යොවුන් ක්‍රීඩකයා එය යථාර්ථයක් කර ගත්තේය. 

ගස් එට්කින්සන් සිය මංගල ශතකය ලෝඩ්ස් පිටියේ දී වාර්තා කළේය…

එංලන්ත කණ්ඩායම 427 ලබා ගන්නේ රූට්ස් ගේ සහ එට්කින්සන්ගේ ශතක දෙකේ පදනම මතය. ඔවුන් දෙදෙනා පමණක් කණ්ඩායමට එක් කළ ලකුණු ප්‍රමාණය ලකුණු 261කි.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

අද තරගයේ අති විශිෂ්ට උඩපන්දු රැකීමක් දුටුවෙමු. එම මනරම් පන්දු රැකීමත් මේ තරගාවලියේ අප තුළ බලාපොරොත්තු දනවන නවක ක්‍රීඩක මිලාන් රත්නායක ගෙනි. පන්දුව පසුපස හඹා යමින් ගුවනේ පාවී ගොස් උඩුගුවනේ දී රැකගත් එම උඩ පන්දුව ලෝඩ්ස් ක්‍රිකට් ඉතිහාසයේ විචිත්‍ර වරණයෙන් සටහන් වනු ඇති බව විශ්වාසය. අසිත ප්‍රනාන්දුගේ පන්දුවකට ශතක ලාභී ගස් එට්කින්සන්ගේ කඩුල්ල දවා ගැනීම සඳහා මිලාන් රත්නායක රැකගත් උඩ පන්දුව ක්‍රීඩාශීලීත්වය සහ එහි මුවහත් තියුණුබව වෙනුවෙන් සිදුකළ කැපකිරීමක ප්‍රකාශනයක් බඳු බව ලියා තැබිය යුතුය.

පළමු ඉනිමේ පන්දු යැවීමේ දී හොඳම පන්දු යැවීම අසිත ප්‍රනාන්දුගෙනි. අසිත ප්‍රනාන්දු ලකුණු 102කට කඩුළු 05කි. මිලාන් රත්නායක ලකුණු 89කට කඩුළු 02කි. ලහිරු කුමාර ලකුණු 101කට කඩුළු 02කි. ප්‍රභාත් ජයසූරිය ලකුණු 96කට කඩුල්ලකි.

මේ වනවිට ශ්‍රි ලංකා ඉනිම ඇරඹී තිබේ. ස්වකීය අනාගත ක්‍රිකට් ජීවිත සම්බන්ධව තීරණාත්මක අවස්ථාවක ආරම්භක පිතිකරු නිශාන් මධුෂ්ක ඇත. පිට පිටම අසාර්ථක වෙමින් සිටින සිය පිතිකරණ භූමිකාවේ අගය තහවුරු කරගැනීම වෙනුවෙන් ලකුණු අතරට පැමිණීමේ තියුණු අභියෝගය ඔහු සතුය. පැතුම් සිය අංක 03 භූමිකාව සම්බන්ධව සාධාරණ ප්‍රකාශනයක් කණ්ඩායමට ලබා දිය යුතු අවසථාවක පසුවේ. මේ තරගය ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩාවට ඉතාම වැදගත් වන්නේ මෙවැනි කාරණා රැසක් හේතුවෙනි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව අවුරුදු 21 හිස් විදේශ ගමන් බලපත්‍ර හිතුමතේ එකම සමාගමකින් ගෙන්වාගෙන ගහපු ගේම පාස්පෝට් ඔෆීස් එක ඉස්සරහා කැරළි හදන හැටි විගණනය හෙළි කරයි!

Next Post

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ කෝටි 24ක හොරොයින් තොගයක් අතුරු දහන් වීම සම්බන්ධව ගබඩා භාරකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග!

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.