දිනසේන රතුගමගේ –
සංචාරකයින්ට ඉන්දීය මුදල් ශ්‍රී ලංකාව තුළ භාවිත කිරීමට අවසර හිමි වීමත් සමගම ඉන්දියාවේ සිට හොරෙන් උතුරට පැමිණෙන විවිධ ජාවාරම්කරුවන් ද ශ්‍රී ලාංකිකයින්ට ඉන්දීය මුදල් නෝට්ටු ලබා දී ගණුදෙණු කිරීමට පටන් ගෙන තිබේ.
ඉන්දියාවේ සිට ධීවර බෝට්ටුවක ආධාරයෙන් මන්නාරමට වියළි කහ තොගයක් අනවසරයෙන් රැගෙන එන ලද ඉන්දීය ව්‍යාපාරිකයෙකු පේසාලේ පදිංචි ගැණුම් කරුට මුදල් ගෙවා ඇත්තේ ඉන්දීය මුදල් නෝට්ටු වලිනි.
මුලින් උතුරේ වැසියන් ඉන්දීය මුදල් නෝට්ටුවලින් ගණු දෙණු කිරීමට මැළිකමක් දක්වන ලද නමුත් ඉන්දියාවේ සිට ගුවන් මගින් යාපනය ජාත්‍යාන්තර ගුවන් තොටුපලට පැමිණෙන ඉන්දීය ජාතිකයින්ට කිසිදු අපහසුවකින් තොරව ඉන්දීය මුදල් නෝට්ටු ලබා දීමට ඇති හැකියාවත් එම මුදල් නෝට්ටු වලට වැඩි වටිනාකාමක් ලබා ගැනීමට අවස්ථවත් උදා වී තිබීමත් නිසා උතුරේ ව්‍යාපාරිකයින් ඉන්දීය ජාතික ව්‍යාපාරිකයින් සමග කෙරෙන නීත්‍යානුකූල හා නීත්‍යානුකූල නොවන ගණුදෙණු වලදී ඉන්දීය මුදල් නෝට්ටු බාර ගැනීමට පුරුදු වී සිටින බව මන්නාරමේ වැසියෝ කියා සිටියහ.
මේ අතර ඉන්දියාවේ සිට අනවසරයෙන් උතුරු මුහුදේ මසුන් මැරීමට පැමිණෙන ධීවරයින්ද ඔවුන් රැගෙන එනු ලබන ඉන්දීය මුදල් නෝට්ටු උතුරේ ධීවරයින්ට ලබා දී එම මුදල් වෙනුවට බීඩි ,සිගරට්, ඖෂධ වර්ග හා වෙනත් සුළු සුළු භාණ්ඩ ලබා ගැනීමට පුරුදුව සිටින බව වාර්තා වේ.