බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උගුරේ පිළිකාව එක් රුධිර පරීක්ෂණයකින් සොයාගෙන වෛද්‍ය විද්‍යාවේ විශිෂ්ට පෙරළියක් කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයින් තුන් දෙනෙක්…

by editor
මාර්තු 16, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –

  • Oxford සරසවිය සොයා ගැනීම පිළි අරන්… ඇමරිකාවේ ව්‍යාධිවේදීන්ගේ සංගමය පරික්ෂණය ප්‍රකාශයට පත් කරලා… තව තියෙන්නේ පේටන්ට් අයිතිය ලබා ගැනීම පමණයි…

රෝගියෙක් වෛද්‍යවරයෙක් වෙත ප්‍රතිකාර ලබා ගැනීමට ගිය පසුව එම පුද්ගලයාට පිළිකා රෝග ලක්ෂණයක් ඇතිදැයි සැක හැර  තහවුරු කරගැනීම සඳහා පරීක්ෂණ ගණනාවකට රෝගියා යොමු කරන්නට  වෛද්‍යවරයාට සිදුවේ.

මෙම පරික්ෂණ කර ප්‍රතිඵල දැන ගැනීම සඳහා  රෝගියාට මාස ගණනාවක්ම බලා සිටීමට සිදුවේ. එවන් විටක රෝගය උඩුදුවා අවසන් වීමට තිබෙන ඉඩ කඩ වැඩිය.

එහෙත් කිසියම් පිළිකාමය තත්ත්වයක් එක් රුධිර පරික්ෂාවක් සනාථ කර ගත හැකි නම් එය වෛද්‍ය විද්‍යාවේ නව පෙරළියකි. බොහෝ පිළිකා රෝගී තත්ත්වයන් මුල් අවස්ථාවේ දී හඳුනා ගත හැකිනම් එම රෝගී තත්ත්ව මාරාන්තික නොවේ.  අවශ්‍ය වන්නේ කල්තියා කරන රෝග විනිශ්ඡය ය.

ඒ කඩඉම තරණය කළ විශිෂ්ඨ විද්‍යාත්මක ප්‍රවේශයකට අපේ විද්වත් පර්යේෂක පිරිසක් සම්බන්ධව මේ සටහන තබන්නේ මහත් වූ ආනන්දයෙනි.    උගුරේ නැතහොක් ස්වාරාලය ආශ්‍රිතව ඇතිවන පිළිකාවක් රුධිර පරික්ෂාවකින් සනාථ කර ගත හැකි  පරික්ෂණ ක්‍රමයක්  සොයා ගැනීමට අපේ විශේෂඥයින් කීපදෙනෙකු සමත් වී ඇත.

මේ විශිෂ්ට සොයා ගැනීමට ලොකට හඳුන්වා දී ඇත්තේ වතුපිටිවල මූලික රෝහලේ උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය රිස්නි ශකාෆ්   සහ කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව රසායනික අනුක ජීව විද්‍යාව සහ ජෛව තාක්ෂණ අංශයේ මහාචාර්ය සමීර ආර් සමරකෝන්, ආචාර්ය උමා ප්‍රියදර්ශනී රාජගෝපාලන් නැමැති විද්‍යඥයින්   ප්‍රමුඛ කණ්ඩායම විසිනි.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

විශේෂඥ වෛද්‍ය රිස්නි ශකාෆ්

වෛද්‍ය විද්‍යාවේ තිරණාත්මක ඉදිරි ගමනක් සලකුණු කළ  මෙම නව සොයා ගැනීම සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය රිස්නි ශකාෆ්  විස්තර කළේ මෙසේය,

“කිසියම් පුද්ගලයෙකුගේ උගුරේ පිළිකාවක් තියෙන බව හදුනා ගන්න සෑහෙන් කාලයක් ගතවෙනවා. උගුරේ යම් අසාමාන්‍ය තත්ත්වක් පෙන්නුම් කරන බව රෝගියෙක් පැමිණ අපට කිව්වොත් අපි මුලින්ම කරන්නේ එන්ඩස්කොපි පිරික්ෂණයක් ලක් කිරිමක්. එතනදී කුඩා කැමරාවක් උගුර ආශ්‍රිත ප්‍ර දේශයට දාල අපි බලනවා උගුරේ යම් අසාමාන්‍ය තත්ත්වක් පෙන්නුම් කරනවාද කියලා. එහිදි යම් අසාමාන්‍ය තත්ත්වයක් පෙන්නුම් කලොත් අපි එතැනින් කුඩා පටක කොටසක් ලබා ගන්නවා. එයට අපි කියන්නේ බයොප්සි පරික්ෂණයක් කියලා. මේ පරික්ෂණය සැක සහිත නම්  ඒ කියන්නේ පිළිකාවක් තිබෙන බවට කිසියම් සැක සහිත යමක් තියෙනවා නම් රෝගියාව නැවත සී.ටී. ස්කෑන් පරික්ෂාවකට යොමු කරනවා.  මෙම පියවර තුනෙන් පසුව තමයි අපි තීරණයක කරන්නේ රෝගියාට පිළිකාවක් සෑදීගෙන එනවාද   නැද්ද කියලා .”

“කොහොම නමුත් මෙම පරික්ෂණ තුනම රජයේ රෝහලකින් කරනවා නම් සැලකිය යුතු කාලයක් ගතවෙනවා. මෙය අවදානම් කාලයක්. “  විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේය.

මහාචාර්ය සමීර ආර්.සමරකෝන්….

රෝග විනිශ්ඡය සඳහා දීර්ඝ කාලයක් ගතවිම  මගහරවාගෙන  එක් රුධිර පරික්ෂාවකින් රෝගියෙකුට පිළිකාවක් වැලදී තිබෙන්නේද නැතහොත් ඔහුගේ ශරීරයේ පිලිකා සෛල වර්ධනය වෙමින් පවතින්නේද යන්න පිලිබදව  දැන ගත හැකි ක්‍රම ලෝකයේ වේ. එසේ හඳුනා ගත හැකි පිළිකා වර්ග කිපයක් පිළිබඳ වෛද්‍ය විද්‍යානුකූල සොයා ගැනිම් ඇත. එහෙත්     මෙතෙක් කලක් රුධිර පරීක්ෂාවකින් උගුරේ  පිලිකාවක්  පිලිබඳසොයාගෙන තිබුණේ නැත.  ඒ සොයා ගැනීම කරන්නේ අපේ  රටේ විශේෂඥයින් තුන්දෙනෙකි.  විශේෂඥ වෛද්‍ය රිස්නි ෂකාෆ් මේ කියන්නේ ඒ කතාවය.

“ මෙම රුධිර පරික්ෂාව හදුන්වන්නේ Autoantibody tumor marker යනුවෙන්.  ඒ කියන්නේ උගුරේ පිළිකාවලට විරුද්ධව එන ප්‍රතිදේහ ජනක  අපිට හොයා ගන්න පුලුවන් වුණා. පිලිකාවලට විරුද්ධව එන   ප්‍රතිදේහ  පිලිකා සෛල තියෙන රෝගීන්ගේ  වැඩියි. ඒ ප්‍රමාණය  සියයට 80 – 90 වගේ.   අනිත් රෝගීන්ගේ එහෙම නැහැ.  මෙම පරික්ෂණය  කළාට පසුව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය (  University of Oxford ) මේක පිළිගත්තා.

තව ඇමරිකාවේ ව්‍යාධිවේදීන්ගේ සංගමය  මෙම පරික්ෂණය ප්‍රකාශයට පත්කළා.  අපි මේ පරික්ෂණයේ දැන් සිටින්නේ අවසාන අදියරේ. ඒ කියන්නේ පේටන් අයිතිය ලබා ගැනීම පමණයි. ඉන් අනතුරුව මෙම Autoantibody පරික්ෂණය ලොව පුරා මුදා හැරීමට අපට පුලුවන්“ විශේෂඥ වෛද්‍යවරයා කිවේය.

 

\

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දකුණු පළාත භාර SDIG ඇතුළු SDIG අට දෙනෙකුට වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරු…

Next Post

ඔහුට 100යි… ඇයට 96යි… ජූනි මාසේ විවාහය තීන්දුයි… ආදරයට වයස ඉලක්කමක් විතරයි…

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.