සූරියවැව නුවන් ජයසේකර –
ඩුබායි සිටන ජාවාරම්කරුවෙකුගේ මෙහෙයවීමෙන් ඊෂි කෑෂ් ක්‍රමය ඔස්සේ සිදුකරන මත්ද්‍රව්‍ය ජාවාරමක් පිළිබද ලද තොරතුරකට අනුව තංගල්ල මාවැල්ල පාරේ සිදුකල මෙහෙයුමකදී හෙරොයින් සමග සැකකරුවන් 02ක් හා අයිස් සමග සැකකරුවන් 02ක් අද උදේ වරුවේ අත් අඩංගුවට ගැනීමට තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරීන් සමත් වී තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 30ත් 48ත් අතර වයසේ පසුවන සැකකරුවන් සිව් දෙනෙකි. සැකකරුවන් තංගල්ල අම්බලන්තොට හා මාමඩල පදිංචි කරුවෝ වෙති.
ඩුබායි සිටින ජාවාරම් කරුවෙකු විසින් කලක සිට ඊෂි කෑෂ් හරහා තංගල්ල සිට අම්බලන්තොට දක්වා හෙරොයින් බෙදා හැරීමේ ජාවාරම්ක සිදුවෙන බවට ලද තොරතුරකට අනුව මෙම වැටලිම සිදුකර තිබේ. එහිදී එක් සැකකරුවෙකු හෙරොයින් මිලි ග්‍රෑම 500ක් සමග අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් සිදුකල ප්රශණ කිරීමේදි අනාවරණය වු තොරතුරු මත මාවැල්ල ප්‍රදේශයේදී හෙරොයින් බෙදාහැරීමේ ජාවාරමේ නිරත වු ප්‍රධාන ජාවාරම් කරුද හෙරොයින් ග්‍රෑම් 29යි මිලි ග්‍රෑම් 280ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන්ගෙන් සිදුකල ප්රශණ කිරීමේදි අනාවරණය වි ඇත්තේ ඩුබායි සිටින අයෙකු විසින් මෙ ජාවාරම මෙහෙයවන බවය. එහිදී ඔවුන්ගේ ප්‍රකාශ මත තවත් අයිස් මත් ද්‍රව්‍ය ජාවාරමක තොරතුරුද අනාවරණය වීය. ඒ අනුව එම ජාවාරම මෙහෙය වු පුද්ගලයෙකු අයිස් මත් ද්‍රව්‍ය ග්‍රෑම් 05යි මිළි ග්‍රෑම් 600ක් සමග හා අයිස් මිලි ග්‍රෑම් 520ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අයිස් ග්‍රෑම් 1ක් රුපියල් 13000/= මුදලකට හා හෙරොයින් ග්‍රෑම් 01ක් රුපියල් 22000/=ක මුදලකටත් අලෙවි කර තිබේ. සැකකරුවන් තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධා පොලිස් පරීක්ෂක වසන්ත ඇතුළු නිළධාරීන් කණ්ඩායමක් විසින් වැඩිදුර විමර්ශන පවත්වයි.







