ඊසාන දිග මෝසම සක්‍රීය වීමත් සමග නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මි. 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි ආකාරය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද උදෑසන නිවේදනය කළේය.
උතුරු පළාතේත් මාතලේ, නුවරඑළිය, පොලොන්නරුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.
සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්වල සහ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල ද හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලද විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළඟක් පිළිබඳව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කර ඇත.

නායේ යෑම්
මේ වනවිට බදුල්ල. නුවර කුරුණැගල සහ මාතලේ දිස්ත්‍රික්ක වෙත ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායේ යෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිවේදනය කර තිබේ. බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල, පස්සර, හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්, නුවර දිස්ත්‍රික්කයේ මැද දුම්බර, පාත දුම්බර සහ දොලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙතත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සහ මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල පල්ලේගම, අඹන්ගග කෝරලේ, පල්ලේපොල, මාතලේ සහ නාවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් පළමු මට්ටමේ අනතුරු ඇඟවීමක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ.
එමෙන්ම නුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට සහ මාතලේ දිස්ත්‍රික්කයේ යටවත්ත, උකුවෙල, රත්තොට සහ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් දෙවැනි මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
ගංවතුර තත්ත්ව
මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් දිඹුලාගල, ඊච්චලම්පිට්ටේ, හිඟුරක්ගොඩ, කන්තලේ, කින්නියා, කෝරළේපත්තු උතුර, ලංකාපුර, මැදිරිගිරිය, මුතූර්, සේරුවිල සහ තමන්කඩුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා පැය 48ක ගංවතුර අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.
මල්වතු ඔයේ ජල මට්ටම ඉහළ ගොස් තිබේ. වෙන්ගලවෙඩ්ඩිකුලම්, මඩු, මූසාලෙයි සහ නානාද්දන් ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශ සඳහා ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
මහවැලි ගං ද්‍රොණියේ මනම්පිටිය, යාන් ඔ ගං ද්‍රෝණියේ හොරොව්පතාන මල්වතු ඔය ගං ද්‍රොණියේ තන්තිරිමලේ, මාදුරු ඔය ගං ද්‍රෝණියේ පදියතලාව, ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් සම්බන්ධව අනතුරු ඇඟවේ.
මේ වනවිට ජලාශ 44ක් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. මහා වාරිමාර්ග යතටට ගැනෙන අම්බලන්ඔය, නාමල්ඔය, පන්නගලම, රඹකැන්ඔය, කොට්ටිකුලම, හුරුළුවැව, මහා කනදරාව, මහා විලච්චිය, මානන්කට්ටිය, නාච්චාදූව, නුවර වැව, පදවි වැව, රාජාංගනය, වාහල්කඩ, යාන් ඔය, අම්බේවෙල, දඹරව, කන්දේ ඇල, සොරබොර, නවකිරි, රුගම්, උන්නිච්චි, වෙහෙරගල, වීරවීල, යෝධවැව, මේ වනවිට වාන් දමමින් ඇත.







