අද (11) පෙරවරු 6න් අවසන් වූ පැය 24 තුළ ද වැඩිම කොරෝනා රෝගීන් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්රික්කයේ කොළඹ මහනගර සභා සීමාව තුළිනි.
ඒ අනුව එම කාලය තුළ වැඩිම ආසාදිතයින් වාර්තා වී ඇත්තේ පිළිවෙලින් කොල්ලුපිටිය 55ක්, ග්රෑන්ඩ්පාස් 32ක්, පිටකොටුව 28ක්, කෙසෙල්වත්ත 25ක් හා මරදාන සහ මාළිගාවත්ත 20 බැගිනි. සෙසු ප්රදේශ වන දෙමටගොඩ, කොටහේන, මට්ටක්කුලිය, කොළොන්නාව, ගල්කිස්ස, බොරැල්ල, බ්ලූමැන්ඩල්, මෝදර, කිරුලපන, මිරිහාන, වැල්ලම්පිටිය, දෙහිවල ආදි ප්රදේශවලින් හමුවී ඇත.
ඒ අනුව එම කාලය තුළ රට පුරා හමුවූ ආසාදිතයින් ගණන 430ක් වන අතර ඉන් රෝගීන් ගණන 251ක්ම වාර්තා වූයේ කොළඹ දිස්ත්රික්කයෙනි.