ඊයේ දවස තුළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 07ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් වාරතා කළේය. ඒ අනුව මේ වනවිට ලංකාවෙන් වාර්තාවන කොවිඩ් ආසිදිත පුද්ගල මරණ සංඛ්‍යාව 323 දක්වා ඉහළ ගියේය.
වත්තල ප්‍රදේශයේ 75 හැවිරිදි පුද්ගලයෙක්, නුගේගොඩ ප්‍රදේශයේ 69 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 02 ප්‍රදේශයේ 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, උඩුගම්පොල ප්‍රදේශයේ 69 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, පොළොන්නරු ප්‍රදේශයේ 39 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, මඩවල ප්‍රදේශයේ 73 හැවිරිදි කාන්තාවක්, ගෙලිඔය ප්‍රදේශයේ 77 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් මිය ගොස් තිබිණි.
එමෙන්ම ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිත පුද්ගලයින් 816ක් වාර්තා විය. ඒ අනුව කොවිඩ් දෙවන රැල්ලේ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 60990කි.
මේ පීළිබඳ රජය නිකුත් කළ සියලුම නිවේදන පහතින් දැක්වේ.










