මනම්පිටිය නිමල් ජයරත්න –
පොළොන්නරුව වැලිකන්ද කටුවන්විල මාර්ගයේ ඉසඩ්.ඩී.ප්‍රධාන ඇළට යාබදව විවිධ රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතන ගෙනවිත් බැහැර කරන කැලිකසල සහ අපද්‍රව්‍ය වන අලින්ට දැඩි තර්ජනයක් වී තිබේ.
මේ දිනවල එලෙස බැහැර කරන කැලිකසල සහ අපද්‍රව්‍ය වන අලි ආහාරයට ගැනීම නිසා වන සතුන්, අලි ඇතුන් මෙන්ම ගවයින් අකාලයේ ලෙඩ රෝගවලට ගොදුරුවන බවද ප්‍රදේශයේ පරිසරවේදීහු සහ ජනතාව පෙන්වා දෙති.
සෝමාවතිය හා ත්‍රිකෝණමඩුව රක්ෂිතයේ සැරිසරණ වන අලි සහ අවට ප්‍රදේශවල ගවයින් මෙම අපද්‍රව්‍ය දෛනිකව ආහාරයට ගන්නා බවත්, කැලි කසල ලෙස එම ස්ථානයේ පොලිතීන්, කුකුළු ගොවිපල අපද්‍රව්‍ය පමණක් නොව රෝහල්වලින් බැහැර කරන විෂ සහිත සායනික අපද්‍රව්‍යය ද පවතින බවත් ගම්මු කියති. සායනික අපද්‍රව්‍ය ඒ ආකාරයෙන් එම විවෘත ස්ථානවලට බැහැර කරන්නේ කුමණ පදනමකින් දැයි ප්‍රශ්න කරන ගැමියන් පෙන්වා දෙන්නේ එය මුළුමනින්ම නීති විරෝධී කටයුත්තක් බවත් ඒ ගැන හැකි ඉක්මනින් සොයා බලන ලෙසත්ය.
මෙම තත්ත්වය මත සෝමාවතිය,ත්‍රිකෝණමඩුව ඇතුළු අවට රක්ෂිතවල වනසතුන් ගම්වැදීමට පටන්ගෙන ඇති බවද ඔහු පෙන්වා දෙති







