අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉරාකයේ කොරෝනා ආසාදිතයින් සිටි රෝහලක ගින්නක්

by Lanka Sara Editor
ජූලි 13, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ඉරාකයේ නසිරියා හි කොරෝනා අසාදිතයින් ප්‍රතිකාර ලබමින් සිටි රෝහලක ඇති වූ ගිණි ගැනීමකින් පුද්ගලයින් 44 දෙනෙකු මරණයට පත්ව තවත් 67ක් තුවාල ලබා තිබේ.

මෙම ගින්නට හසුවීමෙන් රෝහලේ ඔක්සිජන් ටැංකියද පුපුරාගොස් ඇති බවද එරට බලධාරීන් සඳහන් කරයි.

ගිනි ගැනීම සම්බන්ධයෙන් ඉරාක අග්‍රාමාත්‍ය මුස්තාපා අල් කඩිමි විසින් කැබිනට් අමාත්‍යවරුන් සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

එම සාකච්ඡාවේදී ඉරාක අග්‍රාමාත්‍යවරයා විසින් නිසරියා නගරයේ සෞඛ්‍ය සිවිල් ආරක්ෂාව පිළිබඳ ප්‍රදානීන් සේවයෙන් පහකරන්න තීරණයක කර තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒ අනුව ගින්න හටගත් රෝහලේ කළමනාකරුව සේවයෙන් පහකර වහාම අත්ඩංගුවට ගන්න ලෙස නියෝග කර ඇත.

“ඉක්මණින් පැතිර ගිය ගින්නට කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් විශාල පිරිසක් හසුවුනා. ඒඅයව මුදාගන්න සහන සැපයීමේ කණ්ඩායම්වලට දැඩි ප්‍රයත්නයක් දරන්න වුනා.” යනුවෙන් රෝහල් සේවකයෙකු රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර තිබේ.

මූලික පරීක්ෂණ වලට අනුව කොරෝනා රෝගීන් සිටි වාට්ටුව ආසන්නයේ පිහිටි ඔක්සිජින් ටැංකිය පුපුරායාමෙන් පසුව ගින්න සීඝ්‍රයෙන් සහ දරුණු ලෙස පැතිර ගොස් තිබේ.

“කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කළ වාට්ටුව ආසන්නයෙන් ලොකු පිපුරුම් සද්දයක් ඇසුනා. ඒත් එක්කම ගින්න ඉතා ඉක්මනින් පැතිරා ගියා.” යනුවෙන් ගින්නට මැදිවූ විශාල පිරිසක් මුදාගැනීමට සමත්වූ රෝහල් ආරක්ෂක සේවකයෙක් විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වා ඇත.

රෝහල් බලධාරීන් පවසන අන්දමට බොහොමයක් රෝගින් පිළිබඳ තවමත් තොරෙතුරක් සොයා ගැනීමට නොහැකිව ඇති අතර රෝහල් සේවකයින් දෙදෙනෙකු ගින්නට හසුවීමෙන් මරණයට පත්ව තිබේ.

මේ අතර කෝපයට පත් රෝගීන්ගේ ඥාතීන් රෝහල ඉදිරිපිටදී පොලිසිය සමඟ ගැටීමකට ලක්ව ඇති අතර පොලිස් රථ දෙකකටද ගිනි තබා අලාභ හානි සිදුකර තිබේ.

අප්‍රේල් මාසයේදී ඉරාකයේ බැග්ඩෑඩ් හිදී රෝහලක ඔක්සිජන් ටැංකියක් පුපුරායාමෙන් පුද්ගලයින් 82 ක් මරණයට පත්ව තවත් 100කට අධික පිරිසක් තුවාල ලැබීය.

යුද ගැටුම් වලින් බැටකමින් සිටින ඉරාකය තුල මේවන විට ලක්ෂ 14කට අධික කොරෝනා ආසාදිතයින් වාර්තා වී ඇති අතර වෛරසය ආසාදනය වීමෙන් පුද්ගලයින් දාහත් දහසකට අධික පිරිසක් මරණයට පත්ව ඇත.

බොහොමයක් ඉරාක වැසියන් චෝදනා කරනු ලබන්නේ බලධාරීන් යටිතල පහසුකම් වර්ධනය කිරීමට නිසි ලෙස අයෝජනය කිරීමක් සිදුනොකරන බවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ළමා දූෂක හෘද වෛද්‍යවරයා ගැන ශ්‍රී ලංකා හෘද රෝග විශේෂඥයින්ගේ විද්‍යාතනය කියයි…

Next Post

නවලෝක රෝහලේ පීසීආර් චීනෙන් එපා කියයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.