ඉන්ධන පෝලිම්වල සිටිය දී මිය ගිය දෙවැනි පුද්ගලයාගේ මරණයත් වාර්තා වේ
මීට ටික වෙලාවකට පෙර මෙසේ මියගොස් ඇත්තේ මාකොල ඉන්ධන පෝලිමක භූමිතෙල් ලබා ගැනීම සඳහා සිටි 70 හැවිරිදි වියපත් පුද්ගලයෙකි.
මේ තැනැත්තා වෘත්තීය ත්රි රෝද රථ රියදුරෙකි. භූමිතෙල් පෝලිමේ දී ක්ලාන්තවී ඇද වැටුණු ඔහු රාගම රෝහල වෙත ඇතුළත් කරන විට මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
ඊයේ නුවර දී 71 හැවිරිදි පුද්ගලයෙක් භූමිතෙල් පෝලිමක සිටිය දී ඇද වැටී මිය ගොස් තිබිණි.
මේ ප්රවෘත්තියත් කියවන්න…
මහනුවර ලාම්පුතෙල් පෝලිමක දී වියපත් මිනසෙක් මැරී වැටෙයි ! පැය 09ක් පෝලිමේ ඉඳලා…