අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාවේන් ආව බ්‍රැන්ඩික්ස් සේවකයන් නිරෝධායන නීති කැඩූ හැටි

කම්හල් පරිපාලනය නොකීවාට ඉන්දියානු සේවකයින් මිනුවන්ගොඩ කම්හලේ වැඩ කරලා....

by editor
ඔක්තෝබර් 10, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

brandix apperal ලිමිටඩ් ආයතනයෙන් ඉන්දියාවේ සිට විශේෂ ගුවන් යානයකින් මෙරටට ගෙන එන ලද කිසිවකුගේ නිරෝධායනය තම කණ්ඩායමේ කිසිවෙක් විසින් අධීක්ෂණය කර නොමැති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය උපුටා දක්වමින් ඩේලි මිරර් පුවත් පත පුවත්පත අද වාර්තා කළේය.

බ්‍රැන්ඩික්ස් ඇපරල් ආයතනයෙන් සහ covid 19 වසංගතය වැළැක්වීමේ ජාතික මෙහෙයුම් කාර්ය සාධක බලකා මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදන පිළිබඳ අදහස් දක්වමින් එම සංගමයේ ලේකම් එම්. බාලසූරිය  පවසා තිබුණේ ඉන්දියාවේ විශාකාපට්නම් සිට ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබුවේ යැයි කියන එම කාර්ය මණ්ඩල සාමාජිකයන් රජයේ නියාමනය කරන ලද නිරෝධායන මධ්‍යස්ථානයක දින 14ක් අනිවාර්යෙන් නිරෝධායනයකට භාජනය විය යුතු බවය.  ඉතිරි දින 14 ස්වයං නිරෝධායනය අධික්ෂණය කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට භාරදිය යුතු බවය.

“ඔවුන් කියන්නේ ඉන්දියාවේ සිට ආපු අය දින 28ක නිරෝධායනයට ලක් වුණා කියලා. අපි ඔවුන්ට කියන්නේ කුමන ස්ථානයකදී නිරෝධායනය වූයේද වගේම අපගේ කුමන සාමාජිකයාද ඔවුන්ගේ නිරෝධායනය අධීක්ෂණයට ලක් කළේ කියන එක පිළිබඳ අපිට තොරතුරු ලබා දෙන්න කියන එකයි.” යනුවෙන් ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් මත්තල ගුවන් තොටුපළට ගුවන්තොටුපල UL 1159 ගුවන් යානය ඔස්සේ මෙරටට ගෙන්වූ පුද්ගලයන්ගේ තොරතුරු ලබා ගැනීම සඳහා මත්තල ගුවන්තොටුපල හා ශ්‍රී ලන්කන් එයාර් ලයින් සමාගම යන ආයතන දෙකම සම්බන්ධ කර ගත්තද ඔවුන්ගේ තොරතුරු ලබා දීම නිධාරීහු ප්‍රතික්ෂේප කළහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ශ්‍රී ලංකන් එයාර් ලයින් සමාගම මාධ්‍ය ප්‍රධානී දීපාල් පෙරේරා පැවසුවේ මගීන්ගේ තොරතුරු ලබා දීම ඔවුන්ගේ නීති රෙගුලාසි උල්ලංඝනය කරන බවයි. කෙසේවෙතත් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ද නියමිත පරිදි ඉල්ලීමක් කළද එම පුවත්පතට අදාල තොරතුරු ලබාදීම ශ්‍රී ලංකන් එයාර් ලයින් ආයතනය ප්‍රතික්ෂේප කර තිබේ.

බ්‍රැන්ඩික්ස් ආයතනය විසින් තම මිනුවන්ගොඩ කම්හලේ කිසිදු විදේශකයෙකු සේවයේ යොදවා නොමැති බව ප්‍රකාශ කළ ද රජයේ නියාමනය කරන ලද නිරෝධායන මධ්‍යස්ථානයක අනිවාර්ය නිරෝධායනය භාජන වී සිටින නිර්නාමික නිලධාරියකු ඩේලි මිරර් පුවත්පතට සඳහන් කර ඇත්තේ මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ ඉන්දියානු කම්කරුවන් කටයුතු කළ බවය. එම පුද්ගලයා වැඩිදුරටත් පවසා ඇත්තේ “brandix සමාගම මෙම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන්නේ නම් සේවකයන්ට ගෙවීම් පිළිබඳ සියලු විස්තර පෙන්වන ලෙස මම කළමනාකාරීත්වයට අභියෝග කරන බවයි” යනුවෙනි.

මෑතකදී ඉන්දියාවේ සිට මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවට රෙදි පිළි ගෙන එනු ලැබුවේ දැයි විමසූ විට ආනයනික තොග ඇති නමුත් ඒවා මෑතකදී ගෙන එනු ලැබුවා දේ නොදන්නා බව ද එම පුද්ගලයා කීය.

brandix apperal ආයතනය විසින් ඉන්දියාවේ සිට සිය සාමාජිකයන් ගෙන්වන ලද විශේෂ ගුවන් යානා තුනෙහි මගින් තුන්සිය හතළිස් එක් දෙනෙකු බැස ඇති බව එම ආයතනයේ සන්නිවේදන අංශ ප්‍රධානී ඉමන්ති පෙරේරා මහත්මිය පැවසීය. එහෙත් ඇය පැවසුවේ සැප්තැම්බර් 22 දින යූඑල් 1159 ගුවන් යානයෙන් පැමිණියේ මගින් 48 දෙනෙකු පමණක් බවයි. කෙසේ වෙතත් විදේශ කටයුතු අමාත්‍යාංශයේ මගින් අදාළ මාධ්‍ය ආයතනය වෙත එවන ලද විද්‍යුත් තැපෑලට සඳහන් වන්නේ එම යානයෙන් මගින් 60 දෙනෙකු සිට ඇති බව ය.

මේ අතර මිනුවන්ගොඩ  බ්‍රැන්ඩික්ස් ඇගළුම් කර්මාන්ත ආයතන සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම සඳහා පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස කම්කරු කොමසාරිස් ජෙනරාල්වරයා වෙත කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා   විසින් නියෝග කළේය.

මීට පදනම වී තිබුණේ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධ ක්‍රමවේදය ක්‍රියාත්මක නොකළ බවට  බ්‍රැන්ඩික්ස ආයතනයේ වෘත්තීය සමිති විසින් පාලන අධිකාරිය වෙත  නගනු ලබන චෝදනාවය. ඉදිරි ක්‍රියා මාර්ග ගැන සලකා බැලීම සඳහා අදාල චෝදනාව සම්බන්ධව ලිඛිත පැමිණිල්ලක් කරන ලෙස වෘත්තීය සමිති වෙත ඇමතිවරයා විසින් දැන්වූයේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශිෂ්‍යත්ව, උසස් පෙළ මුල් කරගෙන විශේෂ දුම්රිය සේවයක්…

Next Post

ජාතික රෝහලේ හෘද හා සහ විකලාංග සැත්කම් අංශ දෙක වසා දැමේ

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.