රුපියල් කෝටි 6ක් වැයවන ක්වොන්ටම් තාක්ෂණික මෙහෙයුමක් සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි අනුමැතිය ලබා දී තිබේ.
වඩා හොඳ පුරෝකථනයන් හරහා ආරක්ෂිත සන්නිවේදනය, සෞඛ්‍ය ආරක්ෂණ ප්‍රතිචාර සහ ආපදා කළමණාකරණය යන ක්ෂේත්‍රවල දේශීය සංවර්ධනය සඳහා වූ ජාතික ක්වොන්ටම් මෙහෙයුමට අප්‍රේල් 19 වැනිදා අග්‍රාමාත්‍යවරයා අනුමැතිය ලබා දුන්නේය.
මේ වන විට ඉන්දියාව කෘතිම බුද්ධිය හා ක්වොන්ටම් තාක්ෂණය ඇතුළු විවිධ නැගී එන තාක්ෂණයන්හි දේශීය සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කර ඇත.
2023-24 සිට 2030-31 දක්වා කාලය පුරාවට පැවැත්වෙන මෙහෙයුම සඳහා රුපියල් කෝටි 6003.65ක් වැය වේ. මෙම මෙහෙයුම මඟින් ඉන්දියාවේ ක්වොන්ටම් තාක්ෂණයේ විචිත්‍රවත් සහ නව්‍ය පරිසර පද්ධතියක් නිර්මාණය කිරීමට අමතරව විද්‍යාත්මක හා කාර්මික පර්යේෂණ සහ සංවර්ධන පෝෂණය කරනු ඇතැයි ‘ටයිම්ස් ඔෆ් ඕමාන්’ වාර්තා කරයි.
මෙම ව්‍යාපෘතිය අවසානයේදී ඉන්දියාවට ගෝලීය නිෂ්පාදකයෙකු වීමට සහ ක්වොන්ටම් පරිගණක සෑදීමේ හවුල්කරුවෙකු වීමට උපකාරී වනු ඇත.
නව මෙහෙයුම ඉලක්ක කරන්නේ සුපිරි සන්නායක සහ ෆොටෝනික් තාක්‍ෂණය වැනි විවිධ වේදිකාවල වසර අටක් තුළ භෞතික කියුබිට් 50-1000ක් සහිත අතරමැදි පරිමාණ ක්වොන්ටම් පරිගණක සංවර්ධනය කිරීමයි.







