බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාවේ මිනිස්සුන්ට හුස්ම අරන් වඩින ඉස්ලාම් භක්තික “ඔක්සිජන් මෑන්“ – ප්යාරේ ඛාන්..

by editor
අප්‍රේල් 29, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

චතුර රුවන් වීරක්කොඩි 

  • දශක කීපයකට පෙර නාග්පූර් දුම්රියපල ලඟ දොඩම් විකිණූ කොල්ලෙක්…

  • අද ඉන්දියානු රුපියල් කෝටි 400ක වත්කම් සහිත ප්‍රවාහන සමසාගම් කරුවෙක්…

  • වෛද්‍ය ප්‍රතිකාර සඳහා භාවිතා කරන ද්‍රව ඔක්සිජන් මෙට්‍රික් ටොන් 400ක්  නොමිලේ බොදා හැරලා…

  • ඔහුගේ ව්‍යාපෘතියට ඉන්දියාව පුරාම සහාය පල කරන්න පටන් අරන්…

මහාරාෂ්ට්‍රයේ ප්‍රධාන නගරයක් වන නාග්පූර්හි පෞද්ගලික ප්‍රවාහන සමාගමක් පවත්වාගෙන යන ප්යාරේ ඛාන් ( Pyare Khan) නැමැත්තෙක් මේ දිනවල සුපිරි වීරයෙක් බවට පත් වී තිබේ.

නම වගේම වැඩෙනුත් ආදරයෙහි අරුත සමාජයට ඒත්තු ගැන්වූ ප්යාරේ ගැන තව නොබෝ දිනකින් ලොවම කතාබස් කරනු ඇත.

ඔක්සිජන් කන්නදැයි අසමින් වනාන්තර විනාශ කර කාන්තාර බිහිකරන හිපාටු දේශපාලුවන් ගැන ඇසෙන වටපිටාවක මෙවැනි මිනිසුන් ගැන   කලාතුරකින් හෝ අසනන්ට ලැබීම වාසනාවකි.

රජයේ රෝහල්වල සහ නාග්පූර් නගරයේ අනෙකුත් ප්‍රතිකාර මධ්‍යස්ථානවල මරණාසන්නව සිටින කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව ගණනය කළ නොහැකි තරම් විශාලය.  ගෙවීගිය පැය 24 තුළ පමණක් මියගිය කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 3500 ඉක්මවා ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Pyare-Khan
ප්යාරේ ඛාන්

මේ රෝගීන් සඳහා කළ හැකි යමක් තිබේනම් එය සිදුකරන්නට දෙපාරක් නොසිතූ ප්යාරේ ඛාන් සිය පෞද්ගලික ධනයෙන් ඉන්දියානු රුපියල් මිලියන 8.5ක් වැය කරමින් එම රෝගීන්ට අවශ්‍ය කරන වෛද්‍ය ප්‍රතිකාර සඳහා භාවිතා කරන ද්‍රව ඔක්සිජන්  මෙට්‍රික් ටොන් 400ක් සම්පාදනය කරන්නට කටයුතු කළේය.

මේ දිනවල ඉන්දියාව තුළ පිරිසිදු වාතය සදහා ඇත්තේ අති විශාල ඉල්ලුමකි. ඔක්සිජන් සපයන සමාගම් අසීමාන්තික ලාභ උපයන්නට මෙය අවස්ථාවක් කරගෙන තිබේ. නමුත් ප්යාරේ ඛාන් ඔහුගේ සේවා සැපයීම වෙනුවෙන් කිසිදු මුදලක් අයකිරීම ප්‍රතික්ෂේප කරයි. මේ නිසාම “ඔක්සිජන් මෑන්” ලෙසින්ද ඔහුව හැඳින්වීමට පටන්ගෙන තිබේ.

සියලුම රෝහල් සදහා ඔහු මේ වනවිට ඔක්සිජන් පිරවූ සිලින්ඩර බෙදාහැර අවසන්ය.

ඉස්ලාම් භක්තිකයෙක් වන ප්යාරේ ඛාන් ඒ පිළිබඳව පවසා ඇත්තේ එය තමාට පැවරී ඇති වගකීමක් බවයි. උතුම් වූ රාමදාන් සමය තුළ සිදු කළ යුතු “ෂකත් (Zakat) නම් අනෙකාට උපකාර කිරීමේ චාරිත්‍රය මෙම අසරණ රෝගීන් උදෙසා සිදු කරන්නට ලැබීම ගැන සතුටුවන බව හේ දුරටත් පවසා තිබේ..

මේ වනවිට නොමිලේ ඔක්සිජන් ලබාදීමේ සේවාව සඳහා විශාල ඉල්ලුමක් ඇතිවෙමින් පවතින අතර අනෙකුත් ප්‍රාන්තවලින්ද ඔහුව මුණගැසී ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට හා සහයෝගය ලබාදීමට අපේක්ෂාවෙන් සිටින බව ආරංචි මාර්ග පවසයි.

1995 වසරේදී නාග්පූර් දුම්රිය ස්ථානය අසළ කරත්තයක් මත තබාගෙන දොඩම් විකුණූ ප්යාරේ ඛාන් අද ඉන්දියානු රුපියල් කෝටි 400ක වත්කම් සහිත Amshi Transport සමාගමේ හිමිකරුවාය.  එම සමාගම සතු ට්‍රක්‍ රථ සංඛ්‍යාව 300කි.

ඇත්තෙන්ම ප්යාරේ ඛාන් වැනි උතුම් මිනිසුන් අද සමාජයේ විරලය. අමිලය. ඔහු දෙවියන් උදෙසා කළ ශුද්ධ වූ උපවාසය ජීවිත රැසක් රැකගන්නට හේතු සාධක වී තිබේ. සතුන් මරා ලේ හැලීම වෙනුවට ඔක්සිජන් දී ජීවිත රැකීම දේව වචනය ලෙස විශ්වාස කළ ප්යාරේ ඛාන් වැනි මිනිසුන් තවත් අතලොස්සක් හෝ හිඳී නම් ලෝකය මනරම් තැනක් වනු ඇත.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පරීක්ෂණාගාර ධාරිතාව පැනලා… පී.සී.ආර් හා රැපිඩ් ඇන්ටිජන් නියැදි 2800ක් ගම්පහ එම්.ඕ.එච්. කාර්යාලවල

Next Post

මාර්තුව අපේ අපනයනවලට හොඳ වෙයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.