අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාවේ බීජේපීය මෙරට ගේන්න බරටම වැඩ කරන ලංකාවේ තුන්දෙනා මෙන්න

by Lanka Sara Editor
පෙබරවාරි 21, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දියාවේ පාලන බලය සහිත භාරතීය ජනතා පක්ෂයේ සම්බන්ධයක් සහිත දේශපාලන පක්ෂයක් මෙරට බිහි කිරීම සඳහා එම පක්ෂය සමඟ සමීප සබඳතාවක් ඇති දමිළ පුද්ගලයන් තිදෙනකු මේ වනවිට කටයුතු කරගෙන යන බව ප්‍රකට දමිළ දේශපාලන විශ්ලේෂයකු වන ඩී.බී.එස් ජයරාජ් මහතා සඳහන් කරයි.

ඉලංකෙයි භාරතීය ජනතා කච්චි (ශ්‍රී ලංකා භාරතීය ජනතා පක්ෂය) ලෙසින් නම් කිරිමට යෝජනා වි ඇති මෙම දේශපාලන පක්ෂය ළඟදීම ශ්‍රි ලංකාවේ පිහිටුවිමට අවශ්‍ය කටයුතු කරන බවට ශ්‍රි ලාංකික හින්දු සමාජ ක්‍රියාකාරිකයකු වන කනපතිපිල්ලේ හෙවත් මරවන්පුලාවු සචිත්තානන්දන් ඉන්දීය වෙබ් අඩවියකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් පවසා ඇති බව ජෙයරාජ් මහතා ඩේලිමිරර් පුවත් පතට සතිපතා ලියන තිරු ලිපියෙන් අනාවරණය කර ඇත.

තමන්ට පවතින උතුර් දේශපාලන ආරංචි මාර්ග අනුව ඔහු පවසන්නේමේ සඳහා සචිත්තානන්දන් මහතා සමඟ තවත් පුද්ගලයන් දෙදෙනකු සම්බන්ධ වි සිටින බවය. එක් පුද්ගලයකු වන්නේ මුතුස්වාමි නැමැති කොළඹ ව්‍යාපාරිකයෙකි. අනෙක් පුද්ගලයා වන්නේ යාපනයේ හින්දු සංවිධානයක් වන “Inthu Samayap Peravai (ඉන්තු සමායප් පෙරවායි ) සංවිධානයේ නිර්මාතෘ ශක්තික්‍රීවන් නැමැත්තාය. එයින් දේශපාලන වශයෙන් දැඩි විභවයක් සහිත චරිතය ලෙස හුවා දක්වා ඇත්තේ සචිත්තානන්දන්ය.

ඔහු ඉන්දියාවේ ශක්තිමත් දේශපාලනික සහ ආගමික ව්‍යාපාරයක් වන ශිව සේනා සංවිධානය ශ්‍රි ලංකාවට ගෙන ඒමට කටයුතු කළ පුද්ගලයා වන අතර යාපනයේ පිළිගත් චරිතයක් ලෙසින් සැලකෙයි. යාපනයේ තෙන්නමාරච්චි ප්‍රදේශයේ වැසියකු වන සචිත්තානන්දන් දැඩි හින්දු ආගම්වාදියකු වන අතර ඔහු හින්දු ආගමේ ම කොටසක් වන ශිව දහම සම්බන්ධයෙන් අන්තවාදී මතයක් දරන්නකු බව සඳහන් වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පසුගිය මහ මැතිවරණයේදීද ඔහු මෙම ආගම්වාදී මුහුණුවරකින් හින්දු ඡන්ද දායකයන් ඉලක්ක කරගෙන වන්නි දිස්ත්‍රික්කයේ තරග වැදී ඇති අතර එහිදී ඔහු පරාජයට පත්ව ඇත.

ඔහු දමිල භාෂාවෙන් පළවන “වන් ඉන්දියා“ නම් වෙබ් අඩවියකට පවසා ඇත්තේ ශ්‍රි ලංකාවේ භාරතීය ජනතා පක්ෂයේ සම්බන්ධතාවක් සහිත පක්ෂයක් පිහිටුවන බවයි.

මේ බව තහවුරු කරමින් ජෙයරාජ් මහතාට කරුණු හෙළි කර ඇති භාරතීය ජනතා පක්ෂයේ ක්‍රියාකාරකම් පිළිබඳව හසළ අවබෝධයක් ඇති ප්‍රධාන පෙළේ ඉන්දීය මාධ්‍යවේදියකු පවසා ඇත්තේ භාරතීය ජනතා පක්ෂයට තම හින්දුත්ව දේශපාලන දර්ශනය වෙනත් රටවල් කෙරෙහි ව්‍යාප්ත කිරීමේ දැක්මක් පවතින බවය. ඒ සඳහා ඔවුන් යම් යම් සැලසුම් සකස් කරමින් සිටින බවත් ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් සැලකීමේදී මෙරට දැඩි හින්දු භක්තික දේශපාලකයන් සහ යුරෝපාකරයේ සිටින දෙමළ ඩයස්පෝරාවත් භාරතීය ජනතා පක්ෂයේ සාමාජිකයනුත් අතර මේ වනවිට ඊට අදාළ විවිධ අන්තර්ක්‍රියාකාරකම් සිදුවෙමින් පවතින බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

“හිරු ස්ටාර්“ උදාර පිළිගන්න අහුන්ගල්ලට රසිකයෝ රොක් වෙති…

Next Post

එන්නත්කරණයේ විධිමත් සැලැස්මක් නෑ…  ජී.එම්.ඕ ඒ

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.