ඉන්දීය නාවික හමුදාව විසින් සිය නවතම බ්‍රමෝස් කෲස් මිසයිලය සාර්ථකව අත්හදා බැලීමට සමත්ව තිබේ.
මෙම මිසයිලය පසුගිය සෙනසුරාදා දිනයේදී ඉන්දීය ප්‍රහාරන නෞකාවක් වන අයි.එන්.එස්. චෙන්නායි නෞකාවේ සිට එල්ල කරනු ලැබීය.
ඒ අනුව ශබ්දයේ වේගය ඉක්මවා සිය ඉල්ලකය වෙත් ගමන් කිරීමේ හැකියාවක් පවතින අදාල මිසයිලය ඉතාමත් නිවැරදිව ඉල්ලකය වෙත ලඟා වූ බව ඉන්දීය නාවික හමුදාව සඳහන් කරයි.
මෙම මිසයිලය සහ එය එල්ල කිරීමට යොදාගත් ප්‍රහාරය නෞකාව ඉන්දීයාව තුලම නිෂ්පාදයන කරන ලද්දක් වන අතර එය දැනට පවතින නවීනතම තාක්ෂණය යොදාගනෙ නිපදවූවකි.
අදාල මිසයිල අත්හදා බැලීමත් සමඟ ඉන්දීය නාවික ශක්තිය වඩාත් පුළුල් පරාසයකට ගෙන යන අතර කලාපයී ආරක්ෂාව තහවුරු කිරීමටද මෙය ඉතාමත් වැදගත්ය.







