ඉන්දියාවට මෙම වසර අවාසාන වන විට ලොව දෙවැනියට වැඩිම අපනයන කරනු ලබන රට බවට පත්වීමට හැකියාව පවතින බව එරට මධ්‍යම බැංකුවේ නියෝජ්‍ය අධිපත මයිකල් ඩී පාට්‍රා අනාවරණය කරයි.
මෙම තත්ත්වයත් සමඟ මිලදී ගැනීමේ හැකියාව මත ලොව තෙවැනියට විශාලත ආර්ථිකය බවට පත්ව ඇති බවද මෙම වසරේ ගෝලීය ආර්ථික වර්ධනයට සියය 14ක දායකත්වයක් ඉන්දියාව සිදුකර ඇති බවද ඉන්දීය මධ්‍යම බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයා පෙන්වා දෙයි.
මේවන විට ගෝලීය වශයෙන් පාරිභොජන භාණ්ඩ වල මිල ගණන් ඉහළ යාමේ ප්‍රවණතාවයක් පවතින බැවින් ඉන්දීය ජංගම ගිණුමේ සියයට 2.5ත් 3ත් අතර හිඟයක් නිර්මාණය වී ඇති බවත් එය රටේ ආර්ථික වර්ධනය විශාල බලපෑමක් සිදු නොකරණ බවද හෙතෙම පෙන්වා දී ඇත.
පාට්‍රා පෙන්වා දෙන ආකාරයට ඉන්දීය ආර්ථිකයේ විශේෂත්වය වන්නේ එරට ආර්ථික කටයුතු සඳහා අවශ්‍ය කරනු ලබන යෝජනයන් දේශීයව සපයා ගැනීමයි. මෙහිදී මෙම අයෝජනය බොහෝමයක් ඉතිරි කිරීම් බවද නියෝජ්‍ය අධිපතිවරයා පෙන්වා දෙන අතර 2007 සහ 2008 වර්ෂයේ ඇති වූ ගෝලීය ආර්ථික අවපාතයෙන් ඇති වූ බලපෑමත් තවමත් පවතින බවද එය ඉතුරුම් යම් ආකාරයකින් අඩු කිරීමට හේතුවී ඇති බවද සඳහන් කරයි.
ඒ අනුව ඉන්දියාවේ ඉතිරි කිරීම් වර්ධනය කිරීම අතිශය වැදගත් කාරණයක් බවද පෙන්වා දෙන පාට්‍රා ඉතිරි කිරීම් වර්ධනය මගින් අයෝජනයන් සදහා අවශ්‍ය අරමුදල් පහසුවෙන් සපයා ගැනීමට හැකියාව පවතින බවද පෙන්වා දෙයි.
එමෙන්ම ඉදිරි දශකයේදී ඉන්දියාවට ඉලක්කම් දෙකක ආර්ථීක වර්ධනය වේගයක් අත්කර ගැනීමට හැකියාව පවතින බවත් එහිදී නව තරුණ ප්‍රජාවගේ ශ්‍රමය ඒ සඳහා යොදා ගැනීමේ හැකියාව පවතින බවද සඳහන් කරයි.
ඒ අනුව ඉදිරි දශකය තුලදී ඉන්දියාව ලොව බලගතුම රාජ්‍යක් වීමට බොහෝ ඉඩ පවතින අතර එහිදී ඇමරිකා එක්සත් ජනපදයේ මේවන විට ඇතිව තිබෙන ආර්ථික දෙදරීමට යම් ආකාරයකින් වාසි සහගත වීමට ඉඩ පවතී.







