සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියානු ෆාමකෝපියා ගැන දැනගන්න…

by editor
අප්‍රේල් 13, 2025
in පුවත්
indian-farmacopya
Share on FacebookShare on Twitter

බීබීසී –

“ලංකාවේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය තියෙනවා වගේ ඉන්දියාවේ ‘ෆාමකෝටියා’ කියන ආයතනයට ලංකාවේ ඖෂධ නියාමන අධිකාරිය සතු බලය මෙන් සමාන බලයක් දෙන්න තමයි ඊයේ ගිවිසුම අත්සන් කරලා තියෙන්නේ. මේක නිශ්චිතවම පාවා දිමේ ගිවිසුමක්.”

ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදී ශ්‍රී ලංකාවේ කළ සංචාරය අතරතුර දෙරට අතර ගිවිසගත් එක් ගිවිසුමක් ගැන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ කරන ලද ඉහත ප්‍රකාශය මේ දිනවල සමාජ මාධ්‍යවල දැඩි කතා බහට ලක්ව තිබේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර හුවමාරු කර ගත් ගිවිසුම් මොනවා ද?

පුබුදු ජයගොඩ කරන ලද ප්‍රකාශයට අමාත්‍ය මණ්ඩල ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස අප්‍රේල් 08 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දිමේ මාධ්‍ය හමුවේ දී පිළිතුරු ලබා දෙමින් කියා සිටියේ ; “මේ තමයි ඉන්දියන් ෆාමකෝපියා එක (පොතක් පෙන්වමින්) මේකේ එඩිෂන් කීපයක් තියෙනවා. ෆාමකෝටියා කියලා ආයතනයක් නෑ. මේ ඖෂධ සංග්‍රහය, මේක පොතක්. මේකේ තියෙන ඕනම ඖෂධයක් සම්බන්ධයෙන් ඔබට විස්තර බලාගන්න පුලුවන්.”

ඉන්දියාව සමග අත්සන් කරන ලද ගිවිසුම අනුව ඉන්දියානු ෆාමකෝපියා නම් ඖෂධ සංග්‍රහය මෙරට නිල වශයෙන් පිළිගත් බවත් මීට පෙර බ්‍රිතාන්‍ය හා ජපාන ෆාමකෝපියා සංග්‍රහයන් ද මෙරට පිළිගෙන ඇති බවත් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

පුබුදු ජයගොඩ විසින් ‘ෆාමකෝටියා’ නමැති ආයතනයක් ලෙස හඳුන්වනු ලබන; අමාත්‍ය නලින්ද ජයතිස්ස විසින් ‘ෆාමකෝපියා’ ඖෂධ සංග්‍රහයක් යැයි කියන ලබන මේ ඉන්දියානු ‘ෆාමකෝපියා’ පිළිබඳව බීබීසි සිංහල සේවය කරුණු සොයා බැලීමක් කරන ලදී.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ඉන්දියානු-ශ්‍රී ලංකා ඖෂධ නියාමන සහයෝගිතාව

ඉන්දියාව ලෝකය තුළ ඖෂධ නිෂ්පාදනය හා බෙදහැරීම සම්බන්ධ ව හිමි කරගෙන ඇති ප්‍රබල හිමිකාරිත්වය හේතුවෙන් “ලෝකයේ ෆාමසිය” යන නාමය ඔවුන් වෙත පටබැඳි ඇත.

යුරෝපය, එක්සත් ජනපදය, ජපානය, බෙල්ජියම සහ ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් 200කට ආසන්න ප්‍රමාණයකට ඉන්දියාව තම ඖෂධ නිෂ්පාදන අපනයනය කරනු ලබයි.

ඉන්දියාව ගෝලීය ඖෂධ වෙළඳපොලේ 20%ක පමණ හිමිකාරීත්වයක් අත්පත් කරගෙන සිටින අතර ගෝලීය ඖෂධ නිෂ්පාදන වෙළඳපොලේ තුන් වැනි ස්ථානය හිමි කර ගැනීමට සමත් ව තිබේ.

ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මොදිගේ සංචාරයේදී ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ එළැඹි ඖෂධ නියාමන සහයෝගිතාව පිළිබඳව මීට පෙර අමාත්‍ය විජිත හේරත් පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ අවස්ථාවේ කියා සිටියේ ඉන්දියාවේ ෆාමකෝපියා කොමිසම (Indian Pharmacopoeia Commission) සහ මෙරට ජාතික ඖෂධ නියාමන අධිකාරිය සමඟ අවබෝධතා ගිවිසුමකට එකඟ වූ බව යි.

එමගින් ඉන්දියාවේ ෆාමකෝපියා කොමිසම මෙරට තුළ පිළිගැනීමට ලක්වන බව ඔහු එහිදී පෙන්වා දුන්නේය.

“මේකේ ප්‍රධාන ඉලක්කය ගත්තොත්, දැනටමත් අපි ඉන්දියාවෙන් ඖෂධ වර්ග ගෙන්නනවා අපේ මුළු බෙහෙත් අවශ්‍යතාවෙන් 80%කට ම. වැඩි ම ප්‍රමාණයක් අපි ඉන්දියාවෙන් ගේන්නේ.”

“එතකොට ඒ ගෙන්වන ඖෂධවල ගුණාත්මක තත්ත්වය සහ ආරක්ෂණ තත්ත්වය පිළිබඳව සහතිකයක් ඕනේ. දැනට අපි ලංකාවේ NMRA එක හරහා, ඒ කටයුත්ත සිද්ධ වෙමින් තියෙනවා.

“දැන් මේ ගිවිසුමෙන් වෙන්නේ, ඉන්දියාවේ ෆාමකෝපියා කොමිසම අපි මෙතෙක් කල් පිළිගත්තේ නැහැ. නමුත් මේ ගිවිසුමෙන් පිළිගන්නවා,” අමාත්‍යවරයා එහිදී පැවසීය.

එමගින් ශ්‍රී ලංකාවට අඩු මිලට මෙන් ම ගුණාත්මක තත්ත්වයෙන් උසස් ඖෂධ ලබා ගත හැකි බව ඔහු එහිදී කියා සිටියේය.

“අනිවාර්යයෙන් ඉන්දියාවෙන් බෙහෙත් ගේන්න ඕනේ කියලා එකක් මේ ගිවිසුම්වල නැහැ.” අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ඉන්දියානු ෆාමකෝපියා ඖෂධ සංග්‍රහය යනු කුමක්ද?

ඉන්දියානු ෆාමකෝපියා (IP) නමින් ඖෂධ සංග්‍රහයක් මෙන් ම ඉන්දියානු ෆාමකෝපියා කොමිසම (Indian Pharmacopoeia Commission) යනුවෙන් ආයතනයක් ද ඉන්දියාවේ පවතින බව අප කළ සොයා බැලිමේ දී දැනගත හැකි විය.

ඉන්දියාවේ ඖෂධ සහ රූපලාවන්‍ය පනතේ සහ ඒ යටතේ ඇති රීතිවල අවශ්‍යතා සපුරාලීම සඳහා ඉන්දියානු රජයේ සෞඛ්‍ය සහ පවුල් සුභසාධන අමාත්‍යාංශය වෙනුවෙන් ඉන්දියානු ෆාමකෝපියා කොමිසම (IPC) විසින් ඉන්දියානු ෆාමකෝපියා නම් ඖෂධ සංග්‍රහය (IP) ප්‍රකාශයට පත් කරනු ලැබේ.

ඉන්දියාවේ නිෂ්පාදනය කරන ලද හෝ අලෙවි කරන ඖෂධ සඳහා ‘නිල ප්‍රමිති පොත’ ලෙස ඉන්දියානු ෆාමකෝපියා සංග්‍රහය පිළිගනු ලබන අතර ඖෂධ වල අනන්‍යතාවය, සංශුද්ධතාවය සහ ශක්තිය සඳහා විශ්ලේෂණය පිළිබඳ බලයලත් ක්‍රියා පටිපාටි එකතුවක් මෙහි අඩංගු වන බව ඉන්දියානු ෆාමකෝපියා කොමිසමේ නිල වෙබ් අඩවියේ සඳහන් වේ.

ඉන්දියානු ෆාමකෝපියා ඖෂධ සංග්‍රහයේ ප්‍රමිතීන් ස්වභාවයෙන් ම බලයලත් වන අතර ඉන්දියාවේ ඖෂධවල ගුණාත්මකභාවය සහතික කිරීම සඳහා නියාමන බලධාරීන් විසින් එය භාවිතා කරන බව ද එහි සඳහන් කර ඇත.

ඖෂධවල තත්ත්වය සහතික කිරීමට මෙන් ම අධිකරණ කටයුතුවලදී ද ඉන්දියානු ෆාමකෝපියා සංග්‍රහයේ ප්‍රමීතින් පිළිගත හැකි බවත් කොමිසමේ නිල වෙබ් අඩවියේ දක්වා තිබේ.

ඉන්දියානු ෆාමකෝපියා ඖෂධ සංග්‍රහය සංස්කරණ කිහිපයකින් සමන්විත අතර 2022 වසරේ දී එහි 9 වැනි සංස්කරණය වෙළුම් 4කින් යුතුව ප්‍රකාශයට පත් කර ඇත.

ඉන්දියානු ෆාමකෝපියා කොමිසමේ කාර්ය භාරය කුමක්ද?

ඉන්දියානු රජය විසින් ස්වාධීන ආයතනයක් ලෙස පිහිටුවා ඇති ඉන්දියානු ෆාමකෝපියා කොමිසම (IPC) 2009 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන අතර ඉන්දියානු මධ්‍යම රජය හා සෞඛ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍යංශය විසින් මෙම කොමිසම වෙත අරමුදල් සපයනු ලැබේ.

ඉන්දියාවේ නිෂ්පාදනය කරනු ලබන, ආනයනය කරන, ගබඩා කර ඇති, ඉන්දියාවේ බෙදාහරින සහ විකිණීම සඳහා ප්‍රදර්ශනය කරනු ලබන ඖෂධ වල ප්‍රමිතිය, ගුණාත්මකභාවය ආදී කරුණු සඳහා අවශ්‍ය නිර්ණායක නිකුත් කිරිම මෙම කොමිසම මගින් සිදුකරනු ලබයි.

ඉන්දියාවේ ඖෂධ සංග්‍රහය වන ඉන්දියානු ෆාමකෝපියා කෘතිය ප්‍රකාශයට පත් කිරීම, සංස්කරණය සහ ඊට අදාළ රේගුලාසි ආදීය සකස් කිරීම ද ඉන්දියානු ෆාමකෝපියා කොමිසමට පැවරී ඇත.

ඉන්දියානු ෆාමකෝපියා කොමිසම පිළිබඳව මෙන් ම ඉන්දියානු ෆාමකෝපියා ඖෂධ සංග්‍රහය පිළිබඳ වැඩි විස්තර වෙබි අඩවියට පිවිසිමෙන් ඔබට ලබා ගත හැකියි.

ඉන්දියානු ඖෂධ කොමිසම (IPC) මානව එන්නත් සඳහා මතභේදාත්මක සහ යල් පැන ගිය සත්ත්ව පරීක්ෂණ නවතා දැමීමට පියවර ගෙන ඇති අතර එය සත්ත්ව සුබසාධන සංවිධානවල පැසසුමට ලක්ව තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගැබිණි කාන්තාවක් ඇතුළු කාන්තාවන් 02ක් සමග පැහැරගෙන ගිය මෝටර් රථයක් පොලිසිය වෙඩි තබා නවත්වා ගනී… කාන්තාවන් දෙදෙනාට අනතුරක් නෑ….

Next Post

රථ වාහන පරීක්ෂාවක දී ඉතිහාසයේ දැවැන්තම මත්ද්‍රව්‍ය තොගය අත් අඩංගුට! මත්ද්‍රව්‍ය කිලෝ 100යි… වටිනාකම කෝටි 125යි… (විඩියෝ සහිතයි)

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.