බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දීය නාවික මාණ්ඩලික ප්‍රධානී ශ්‍රී ලංකාවේ සංචාරයක

by Lankasara News
දෙසැම්බර් 15, 2022
in පුවත්
Indian Naval Staff
Share on FacebookShare on Twitter

ඉන්දීය නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් ආර්. හරි කුමාර් මහතා ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ ආරාධනාවක් මත සිව් දින නිල සංචාරයක් සඳහා 2022 දෙසැම්බර් 12 වන දින කොළඹට ළඟා විය. අද්මිරාල් ආර්. හරි කුමාර් මහතා ශ්‍රී ලංකා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා විසින් කොළඹ දී පිළිගන්නා ලදී.

මෙම සංචාරය අතරතුර නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානීතුමා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා හමු වීමට නියමිතය. එසේම, එතුමා ආරක්ෂක ලේකම්තුමා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීතුමා සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් ද හමු වනු ඇත. අද්මිරාල් හරි කුමාර් මහතා ත්‍රිකුණාමලය නාවික සහ සමුද්‍රීය ඇකඩමියේ විසිරයාමේ උලළේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ද සහභාගී වනු ඇත.

ඉන්දියාව විසින් ම නිපදවන ලද බහු කාර්ය මිසයිල නෞකාවක් වන ඉන්දියානු නාවික හමුදාවේ සහ්යද්‍රි නෞකාව ද මෙම සංචාරයට සමගාමීව දෙසැම්බර් 13 වන දින කොළඹ වරායට සේන්දු වීමට නියමිතය. මෙම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ පුහුණු ක්‍රියාකාරකම්වලට සහභාගී වනු ඇති අතර ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ සමුද්‍රීය සහයෝගිතා අභ්‍යාසයන්හි ද නිරත වනු ඇත.

2022 මාර්තු මස පැවති SLINEX 21 වාර්ෂික නාවික අභ්‍යාසයේ දී ඉන්දීය නාවික හමුදාව ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ සමීපව කටයුතු කළේය. තව ද ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමුද්‍රීය හැකියාවන් ශක්තිමත් කිරීමේ අරමුණින් ඉන්දියානු නාවික හමුදාව 2022 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානයක් තිළිණ කළේය. සමුද්‍රීය තාක්ෂණය ඇතුළු ක්ෂේත්‍රයන් තුළ අභිරුචිකරණය කරන ලද සහ විශේෂිකරණය කරන ලද පුහුණුවීම් ද ඉන්දියානු නාවික හමුදාව විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවට ලබා දේ.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ඉන්දියානු නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානීතුමාගේ සංචාරය දෙරට අතර පවතින ශක්තිමත් සබඳතා සහ සමීප සහයෝගීතාවය සංකේතවත් කෙරේ. ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට “අංක එකේ ප්‍රමුඛත්වය” ලබා දී ඇත. මෙම සංචාරය දෙරට අතර පවතින ද්විපාර්ශවික සමුද්‍රීය සබඳතා ශක්තිමත් කරනු ඇති අතර දෙරට ආරක්ෂාවට පොදුවේ බලපාන කරුණු සහ ධාරිතාවයන් වැඩි දියුණු කිරීමේ සහ හැකියා ගොඩනැගීමේ වැඩසටහන් පිළිබඳව ද මෙම සංචාරය අතරතුර සාකච්ඡා කෙරෙනු ඇත. එසේම, මෙම සංචාරය ඉන්දියාවේ “අසල්වැසියා ප්‍රථමයෙන්” යන ප්‍රතිපත්තිය අනුව දෙරට අතර වර්ධනය වන සහෝදරත්වය සහ මිත්‍රත්වය පිළිබඳ සංකේතයකි.

Indian Naval Staff

Indian Naval Staff

Share69Tweet43
Previous Post

අලුත් උපරිම සිල්ලර මිලත් ප්‍රතික්ෂේපයි… බිත්තර මිල පා වෙයි…

Next Post

පනත් කෙටුම්පතට කතානායක අත්සන් තබයි… වැට් බද්ද බලාත්මකයි…

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.