පවතින අයහපත් කාලගුණතත්වය හේතුවෙන් කැලණිගඟ ආසන්නයේ පිහිටි කොළඹ ඇතුළු පහත් බිම් වෙත 2016 වර්ෂයේ බලපෑ ගංවතුර තත්ත්වය වඩා වැඩි ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග අධ්යක්ෂ ජනරාල් ඉංජිනේරු ඉංජි. ඒ.ගුණසේකර මහතා අනතුරු අඟවයි.
වාර්මාර්ග අධ්යක්ෂ ජනරාල්රවායා මේ බව අද (28) පැවති මාධ්‍ය හමුවක් අතරතුරදී අනාවරණය කළේය. ඒ අනුව හෙට රාත්රියේදී හෝ ඊට ආසන්න කාලයකදී මෙම තත්ත්වය ඇති විය හැකි බවද ගුණසේකර මහතා පැවසීය.
මෙම අවදානම්කාරී තත්ත්වයෙන් ආරක්ෂා වීමට නිසි පියවර ගන්නා ලෙසද අධ්යක්ෂ ජනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.







