අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉතාලියේදී දියණියන් දෙදෙනා මරා දැමූ ලාංකික මවගේ මළ සිරුරත් හමුවෙයි

by Lanka Sara Editor
ඔක්තෝබර් 28, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ඉතාලියේ වෙරෝනා ප්‍රාන්තයේ පෝර්ටෝ සැන් පැන්ක්‍රේසියෝ ප්‍රදේශයේ පිහිටි නගර සභාව යටතේ පාලනය වන ආරක්ෂිත නිවස්නයක දී ඝාතනය කර තිබූ දැරියන් දෙදෙනාගේ මව වන ශ්‍රී ලාංකික කාන්තාවගේ මළ සිරුර සොයා ගෙන ඇතැයි එරට වාර්තා පවසයි.

වෙරෝනාහි ලාසරෙටෝ ප්‍රදේශයේ පැරණි වේල්ල අසල තිබී මළ සිරුර හමුවී ඇති අතර මෙසේ මියගොස් ඇත්තේ ආඬිගේ සචිත්‍රා නිසංසලා ප්‍රනාන්දු දේවේන්ද්‍ර මහවඩුගේ නමැති 34 හැවිරිදි කාන්තාවකි.

ඊයේ පස්වරුවේ එම කාන්තාවගේ ජංගම දුරකථනය සහ පුද්ගලික බඩු බාහිරාදිය ගං ඉවුරේ තිබී සොයා ගන්නා ලදී. ජංගම දුරකථනය ඇගේ පසුම්බියේ තිබී ඇත.

දැරියන්ගේ මරණ පරීක්ෂණයෙන් තහවුරු වූයේ ඔවුන් හුස්ම හිරවීමෙන්, සමහර විට කොට්ටයකින් මුව සිරකර මරා දමා ඇති බවයි. විෂ විද්‍යාත්මක පරීක්ෂණ වැනි වෙනත් වෛද්‍ය හා නෛතික පරීක්ෂණ සිදු කරනු ඇති බව ද එරට වාර්තා පැවසීය. නමුත් අභිචෝදක ෆෙඩරිකා ඔර්මන්නි භූමදානය සඳහා අවසරය ලබා දෙනු ඇත. දැරියන්ගේ ඝාතනය පිළිබඳ මිනීමැරුම් ගොනුව විවෘත වනු ඇති බව ද එරට වාර්තා සඳහන් ක‍ළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

තම දරුවන් දෙදෙනාට උණ වැළඳී ඇති බවත් ඔවුන්ට බෙහෙත් ටිකක් දී නිදාගන්නට සලස්වා ඇති බවත් තමා ඔවුන්ව එදින පාසල් යවන්නේ නැති බවත් මව විසින් අවසාන වරට ආරක්ෂිත නිවස්නයේ සිටි සමාජ සේවකයකුට පවසා තිබේ.

වෙරෝනා නගරාධිපති ෆෙඩරිකෝ ස්බෝරිනා මේ පිළිබඳ මෙසේ සඳහන් කර ඇත. “දියණියන් දෙදෙනා අසනීප වී ඇති බවත්, ඉන්ෆ්ලුවෙන්සා බෙහෙත් ඉල්ලා සිටි බවත් එහි සේවය කරන කාන්තාව වාර්තා කළාය. ටික වේලාවකට පසු එම කාන්තාව කාමරය තුළට ගොස් ඇඳේ නිදා සිටින බවක් පෙනෙන්නට තිබූ ගැහැණු ළමයින් දුටු නමුත් නාන කාමරයේ ආලෝකය දැල්වෙනු දැක තිබෙනවා. මේ නිසාම අම්මා බාත්රූම් එකේ ඉන්නවා කියලා හිතාගෙන ඇය කාමරෙන් එලියට ගියා. විනාඩි දහයකට පමණ පසු ඇය නැවත කාමරයට ගොස්, නාන කාමරයට ඇතුළු වූ අතර කිසිවෙකු නොමැති බව තේරුම් ගෙන තිබෙනවා. එම අවස්ථාවේදී ඇය මෙම ඛේදජනක සොයාගැනීම සිදු කර තිබෙනවා. ගැහැණු ළමයින් දෙදෙනා පරීක්ෂා කළ ඇයට දක්නට ලැබී ඇත්තේ ඔවුන් ඒ වන විටත් මියගොස් සිටි බවයි ” “නානකාමරයේ ජනේලය විවෘතව තිබූ අතර ඒ නිසා මව එතැනින් ඉවත්ව ගොස් ඇත,” ස්බෝරිනා නමැති එම කාන්තාව නිගමනය කර ඇත. ඇගේ සැමියා සමඟ ඇති සම්බන්ධය සහ කාන්තාව සහ දියණියන් පවුලෙන් නෙරපා හැරීමට හේතු වූ කරුණු සම්බන්ධයෙන්, එම පුද්ගලයාට අයුතු ලෙස සැලකූ බව කියන පැමිණිලි මෑතකදී ගොනු කර ඇති බව දැනගන්නට ලැබුණු බව නගරාධිපතිවරයා හෙළිකර තිබේ.

ඝාතනයට ලක්වූ අවුරුදු 3 හා 11 හැවිරිදි සබඳි හා සඳනිගේ පියා සේම සචිත්‍රාගේ සැමියා ද වන 38 හැවිරිදි රුවන් කිරිවැල්ලගේ පවසන්නේ බිරිඳ විසින් තමාට එල්ල කළ සාක්ෂි නොමැති චෝදනා හේතුවෙන් ඔවුන් වෙන්ව විසූ අතර දරුවන් බැලීමටවත් ඇය ඉඩ නොදුන් බවයි. එරට වාර්තා පවසන පරිදි බිරිද විසින් කරන ලද පැමිණිල්ලකට අනුව බාලවයස්කාර උසාවිය විසින් පියාගෙන් දරුවන් දෙදෙනා වෙන්කිරීමට නියෝග කර ඇත. සචිත්‍රා දරුවන් දෙදෙනා සමග ආරක්ෂිත නිවස්නයේ වාසය කර ඇත්තේ ඒ අනුවයි.

“මගේ බිරිඳ කවදත් හොඳ අම්මා කෙනෙක්. නමුත් සත්‍යය නම් ඇයට මානසික ගැටළු ඇති බවයි, ඒ නිසා සමාජ සේවකයින් මනෝ විද්‍යාඥයකු හමුවන ලෙස මම යෝජනා කළා” සචිත්‍රාගේ සැමියා පවසයි. ඔවුන් තිදෙනාගේ මරණය තමාට කම්පනයක් බවත් එය සිදුවී ඇත්තේ කෙසේදැයි තමමාට දැනගැනීමට අවශ්‍ය බවත් ඔහු පවසයි. යොවුන් වියේ සිටම රුවන් ඉතාලියේ වාසය කරමින් එරට කර්මාන්තශාලාවක සේවය කරමින් සිටී. ඔහුගේ පවුලේ අයද එහි වාසය කරන අතර සිය බිරිඳ නිතර දරුවන් සැමියාගේ පවුල අත්කරගනී යැයි බියෙන් පසුවූ බව ද පවසා තිබේ. එම කරුණු සචිත්‍රා සහ රුවන් හඳුනන අසල්වැසියකු ද පවසා ඇතැයි එරට වාර්තා කියයි.

ශ්‍රී ලංකාවේ ධීවර ගම්මානයකින් ඉතාලියට පැමිණි සචිත්‍රා අවස්ථා කිහිපයකදීම ‘මගේ දියණියන් දෙදෙනා මගේ සැමියාට දෙනවාට වඩා, මම ඔවුන්ව මරා දමා මාත් මැරෙනවා.’ යනුවෙන් ඇයට සමීල පුද්ගලයින්ට ඇය නැවත නැවතත් පවසා ඇත.

දෙමාපියන්ගේ හැකියාව තහවුරු කර ගැනීම සඳහා ඇයව ‘පරීක්ෂා කළ’ වෛද්‍යවරුන් සමඟ සම්මුඛ සාකච්ඡා අවසානයේ පවා කාන්තාව අවස්ථා කිහිපයකදී එය පුනරුච්චාරණය කළ වාක්‍ය ඛණ්ඩයක් බව වෛද්‍යවරුන් පවසා තිබේ.

 

සබැඳි පුවත්
ඉතාලියේදී ශ්‍රී ලාංකික මවක් කුඩා දියණියන් දෙදෙනා මරා දමා පලාගිහින්

Tags: නවතම
Share69Tweet43
Previous Post

කාසියේ වාසිය ඔස්ට්‍රේලියානු කණ්ඩායමට… ශ්‍රී ලංකාව මුලින්ම පිතිකරණයට!

Next Post

මැද පෙළ බිඳ වැටී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 154කට සීමා වේ… කඩුලු 06ක් දැවී යයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.