නිරිත දිග බෙංගලා බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින නිවාර් චණ්ඩ සුළි කුණාටුව අද (25) උදෑසන 8.30 පමණ වනවිට ලංකාවේ කන්කස්න්තුරය වෙරළට කිලෝ මීටර 213ක් ඊසාන දෙසින් ස්ථානගතව පැවතුනි.
මේ වනවිට ඉතා චණ්ඩ සුලි කුණාටුවක් සේ වර්ධනය වෙමින් දිවයිනේ උතුරු වෙරළ ආසන්නයෙන් ගමන් කර අද මධ්‍යම රාත්‍රිය වනවිට ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ හරහා ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.. එම නිවේදනය මෙසේය.