බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇස් ඇති එවුන් බලත්වා!  පාදඩ පාතාලයන් සමග නිරුවත්වුන පොලිසියක පාතාලයෙන්  මරා දැමූ ගමන් සගයා අයි.පී.බාලේන්ද්‍ර ගැන නාකොටික් රංගජීව කියපු කතාව!

by editor
ඔක්තෝබර් 11, 2023
in පුවත්
පාතාල මර්ධනයට කැප වුන පොලිස් පරික්ෂක බාලොන්ද්‍රසිහගේ මුහුණට වෙඩි තබා පාතාලයන් විසින් ඝාතනය කර තිබූ ආකාරය...

පාතාල මර්ධනයට කැප වුන පොලිස් පරික්ෂක බාලොන්ද්‍රසිහගේ මුහුණට වෙඩි තබා පාතාලයන් විසින් ඝාතනය කර තිබූ ආකාරය...

Share on FacebookShare on Twitter

යම් සිදුවීම් අරභයා ආන්දෝලනයට ලක්වූ චරිතයක් වුවද  පාතාලයේ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම වෙනුවෙන්  කැපී පෙනෙන භූමිකාවක් සිදුකර  පාතාල වෙඩි පහරට ලක්වී ජීවිතය අනූ නවයෙන් ගලවා ගත්, ඒ මෙහෙයුම් නිසාම හිරේ විලංගුවේ වැටීමේ අත්දැකීම් සහිත පොලිස් නිලධාරියෙක් වූ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව පාතාලයන් විසින් වෙඩි තබා මරා දැමූ පොලිස් පරීක්ෂක බාලෙන්ද්‍ර සම්බන්ධව සංවේදී සටහනක් සිය මුහුණු පොතේ තබා තිබේ. එම සටහන තුළ මත්ද්‍රව්‍ය පාතාලය හා පොලිසිය සම්බන්ධව ඇති නෑදෑකම් මෙන්ම දෙපාර්තමේන්තුවක් ලෙස පොලිසියේ ඇති කුහකවත පිළිබඳව ද විවේචනාත්මකව  හෙළි කරයි.  ඔහු තැබූ සටහන මෙසේ උපුටා දක්වන්නේ එබැවිනි. 

උඹ යන්න ගියා …අපි ඔක්කොටම පාඩමක් කියා දී.

—————————————————

මම උඹ ගැන ගොඩාක් දන්නේ නැහැ ..එත් ටිකක් දන්නවා ..පාතාලයේ කයිචාංඩුවන් සතේට ගණන් නොගෙන ..කුඩු කාරයන්ට පන්න පන්නා ගහපු කොල්ලෙක් කියලා.

තරුවක් ගහලා පොලිසියට ආවාම young blood ඇති රට ජාතිය ආගම ගැන හැගිමක් තියෙනව එවුන්ට මැරෙනවා පේන්නේ නෑ වැඩ කරන්න ගියාම. උඹ ගැන උඹ වැඩ කළ වසමේ මිනිස්සු සාක්ෂි දරයි. දෙපාර්තමේන්තුවේ එවුන් ගෙන් අහලා වැඩක් නැහැ …උන් බහුතරයක් කුහකයි …හොද කොල්ලෙක් ..එත්…කියලා පටන් අරගෙන මෙහෙම කියනවා..

…”එත්” කියන වචනය තුල කුහක කමට,ඊර්ෂ්‍යාව , add වෙලා ..

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

” එයා දැගලනකොට අපි දන්නවා අන්තිමට කොහෙද නතර වෙන්නේ කියලා ”

“ඉතින් අපිටත් ගහන්න එපැයි “ඇයි එයාට ”

” මොකක් හරි ඩීල් එකක අවුලක් වෙන්න ඇති

මාව බේරා ගත්ත ලෝයර් මහත්තයා තමා උඹටත් නඩුවට ආවේ. ඒ රත්තරං මනුස්සයෙක් සල්ලි වලට නොවේ නඩු කළේ…  හමුදාවේ පොලීසියේ අපේ නඩු .

උඹට තිබුණ නඩුව මම A to Z දන්නවා .

පොලිසියට ආව 119 පණිවිඩයක් ගැන ක්ෂණිකව ක්‍රියාත්මක කරන්න ගිහින් ඇති වු ප්‍රශ්නයක දි  පහර දීමක් සම්බන්ධව toucher නඩුවක් වැටිලා . අවුරුදු එකහමාරක් සිර ගෙදර ඉදලා ඇවිත් සතියක් ගෙව්වුනේ නෑ . උඹව රිමාන්ඩ් කරගන්න කුඩු කාරයෝ කොච්චර වියදම් කළා ලෝයර්ස්ලා ට.

ඊයේ නඩුව ඉවර වෙලා හවස ලෝයර් උඹට කිව්වා නේ “රංගජිවට ගහන්න හිටියා නඩුවට එනකොට… ඔයාත් security එකක් ගන්න ඉක්මනට සේවයට එන්න කියලා ” එත් මල්ලි කිව්වේ..”සර් ගෙයි වහලේ දිරලා… එක හදාගෙන එනවා ” කියලා නේ .

කුඩු නඩු 150 ක් විතර සාක්ෂි දෙන්න තියෙනවා නේ.

කොහොම උනත් බිරිඳ හා දරුවන් තුන් දෙනා අද අන්ත අසරණ වෙලා … ඒ හැඟිම වෙන කාටවත් නැතුව මම දන්නවා … මොකද මට ගහන විට මගේ දරුවන් ද පාසල් යන පොඩි එවුන් නිසා … රැකියාව හැර වෙන ආදායම් නොතිබූ නිසා.

ප්‍රශ්නයට පැටලුන  ගමන් අපිව අතහරින්නේ අපේ දෙපාර්තමේන්තුවේ මිනිස්සු.  අනුන්ගේ ප්‍රශ්න අපේ ප්‍රශ්නයක් කරගෙන රාජකාරී කරන්න ගිය ඔක්කොටම වැරදුනා මල්ලි.  අපිට නායකයෙක් නෑ … එ්ත් පාතාලයේ එවුන් කුඩු කාරයන්ට නායකයන් බොහෝ යි.

“සිරකරුවො මනුෂ්‍යයෝය” එත්…  එත්…එවුන් අතින් මැරුනු අසරණයා ගේ දරුපැටවුන්ට කෑම වේලක් දෙන්න , පිටි පැකට් අරන් දෙන්න… පොත් ටිකක් අරන් දෙන්න එක බල්ලෙක් හෝ බලු සංවිධානක් නැහැ… උන් ඔක්කොගේම සල්ලි වලින් මොළේ මැරිලා …

අපරාධකරුවන් ආරක්ෂා කරන්න එන නියෝගවල නැත්තේ ඌ ගේ……….#ක හෝදන්න හා කලිසම් අන්දවන්න පමණයි . උන් ගෙන් මහපාරේ වෙඩි කන අසරණයා වෙනුවෙන් නියෝග නැත.

උන් හිතාන ඉන්නේ ගේ උන් ගේ දරුවන් කවදාවත් මේ පාතාලයේ එවුන් ගේ ගොදුරු නොවන බව හා පිටරට settle වෙන්න ඉන්න නිසා කියායි.

කොහොම වුණාත් උඹේ මතකය අපිට මාස තුනක් තියේවි . මුරණ්ඩු ලෙස රාජකාරී කරන්න ගොස් අන්තිමට අසරණ වුණේ දරුවන් හා බිරිඳ පමණි .

ඔබේ අවංකකම නීර්භීතකම උඹේ බිරිඳ දරුවන් තුන් දෙනා ලොකු වුණාම කියාලා දේවි.

උඹ පොලිස් කාරයෙක් විදියට හම්බුකර ගත්තේ ඒ ආත්මගරුත්වය පමණි .

උඹට සුව දායි දීර්ඝ නින්දක්..

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාතාලයට ගිය රටක්… මාස 09යි… පාතාල වෙඩි තැබීම් 95යි… ඝාතන 49යි… බරපතල තුවාල 46යි..

Next Post

ව්‍යාජ ලිපි ලේඛන සකසා  Immunoglobulin  ඖෂධය රටට ගෙන්වීම ගැන CID පරීක්ෂණ තවම ඇරඹී නෑ… 

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.