දිනසේන රතුගමගේ –
වවුනියාව ඕමන්ත ඉලපර්මරදන්කුලම ප්‍රදේශයේ ඇලකට ඇතින්නක් හා පැටියෙකු වැටී දින තුනකට පමණ පසුව 8 දා ප්‍රදේශවාසීන් පිරිසක් එම ඇතින්න හා පැටියා දැක තිබේ.
මේ පිළිබදව පළාතේ ග්‍රාම නිලධාරීවරයා හරහා වගකිව යුත්තන්ට තොරතුරු දැණුම් දීමෙන් පසුව වන ජීවී නිලධාරීන් පිරිසක් එහි ගොස් ඇති අතර ඇතින්න හා පැටියා ගොඩ ගැනීම සදහා ඔවුන් කටයුතු යොදා තිබේ.
ගම්වාසීන් පැවසුවේ මෙම ඇතින්න හා පැටියා දිය බීමට පැමිණි අවස්ථාවේදී එම ඇලට වැටෙන්නට අති බවයි.
කෙසේ වෙතත් ඇතින්නට හා පැටියාට දින තුනකට වඩා වැඩි කාලයක් කිසිම ආහාරයක් නොමැතිව සිටින බවද ගම්වාසීහූ කියා සිටියහ.