සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමරිකාවෙන් හෙණ දුන්න පසු…

by editor
අප්‍රේල් 4, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මේ වනවිට අප යළිත් වරක් අනපේක්ෂිත බිහිසුණු ආර්ථික අර්බුදයකය ලකුණු අභියසය.  ශ්‍රි ලංකාවේ අපනයන ආදායමෙන් සියයට 25ක ප්‍රතිශතයක් සැපයූ විශාලම ගැනුම්කරුවා වූ ඇමරිකාව ශ්‍රි ලංකාවේ නිශ්පාදිත ඇඟළුම් විෂයෙහි පනවා ඇති සියයට 44ක බදු බර අර්බුදයකින් තොරව ජීවත් වීම සදහා නව ආර්ථික මානයක් සොයා යෑම දක්වා ප්‍රශ්නය තීව්‍ර කර ඇත.

ශ්‍රී ලංකාවේ සමස්ත දළ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 12කි. ඉන් 25%ක් පමණ අප උපයා ගන්නේ ඇමරිකාව වෙත සපයන නිමි ඇඳුම්වලිනි. එනම් වාර්ෂිකව ඩොලර් බිලියන 3ක්, 3.4ක් ප්‍රමාණයකි. රටක් ලෙස ගතහොත් අපේ ප්‍රධාන ගැනුම්කරු ඇමරිකාවය.

එසේ වුව ද, ශ්‍රී ලංකාව විසින් ඇමෙරිකාවෙන් ආනයනය කරනු ලබන්නේ, ඩොලර් මිලියන 360ක් පමණ වටිනාකමකින් යුක්ත භාණ්ඩ හා සේවා ප්‍රමාණයකි. එය ප්‍රතිශතයක් ලෙස ගතහොත් අපේ රටේ අපනයන ප්‍රමාණයෙන් සියයට 10කි. මේ ඉහළ බද්ද ලංකාව මත පතිත වන්නේ වෙළෙඳ පරතරයක් සහිත රටවලින් ඉහළ බදු අයකරගැනීමේ ට්‍රම්ප් තියරිය මතය.

ශ්‍රී ලංකාවට ඇති බලපෑමේ බරපතලකම

කරුණු කිහිපයක් යටතේ ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ නව බදු පැනවීම ශ්‍රී ලංකාවට බලපාන්නේය. GSP සහනය යටතේ අපනයනය කරන සියලු ම භාණ්ඩ සඳහා 44%ක් බදු පැනවී තිබේ. GSP සහනය යටතේ ශ්‍රී ලංකාව භාණ්ඩ වර්ග 3,200ක් 3,400ක් පමණ අපනයනය කරයි. ඇඟළුම් සඳහා GSP සහනය තිබුණේ නැත. ඇඟලුම් අපනයනය කළේ GSP+ සහනය යටතේය.

මේ නව බදු පැනවීම යටතේ සියයට 44ක බද්දක් ඇඟළුම් මත ද පැනවී ඇත. ඉන් සිදුවන්නේ ඇමරිකානු වෙළෙඳපලේ ශ්‍රී ලංකා ඇඟළුම් නිශ්පාදනවල මිල ඉහළ යෑමය. එවිට සිදුවන්නේ තරගකාරී වෙළෙඳපලේ වෙනත් විකල්ප සඳහා පාරිභෝගිකයින් පෙළඹීමය. ඉල්ලුම නැතිවීම සැපයුම බිඳ වැටීමේ මූලික හේතුවය.

RelatedPosts

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

විශ්ලේෂකයන් පුරෝකථනය කරන්නේ එම තත්ත්වය ඇඟලුම් ව්‍යාපාර වැසී යෑමේ අවදානම තෙක් වර්ධනය විය හැකි බවය. රට තුළ ඇති බදු ප්‍රතිපත්ති වෙනස් කරගත නොහැකි වුවහොත් ඇඟළුම් වැනි කර්මාන්තයන්හි යෙදෙන ව්‍යවසායකයෝ රට හැර දමා බදු සහන සහිත අප්‍රිකානු කලාපය දක්වා සංක්‍රමණය වීමේ අවදානමක් පවතින ආකාරය ද ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

“එසේ වුවහොත් ශ්‍රී ලංකාවට “විශාල අර්බුදයකට” මුහුණ දීමට සිදුවේවි. අප්‍රිකානු රටවල්වල බදු අනුපාත ගොඩක් අඩුයි. ඉතියෝපියාව, නයිජීරියාව වහේ තැන්වලට ඇඟලුම් කර්මාන්තයට යන්න පුළුවන්. දැනටත් ඒක වෙනවා. එතකොට අපේ ඇඟලුම් කර්මාන්ත මෙහෙන් වහලා ඒ ව්‍යාපාර, අනෙක් රටවල්වලට ගියොත්, විශාල අර්බුදයකට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.” බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් මහාචාර්ය මෙත්සිල අමන්ද පෙරේරා ප්‍රකාශ කර තිබිණි.

මේ තත්ත්වයට රටට මුහුණ දීමට සිදුවී ඇත්තේ පවතින ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 16ක අපනයන ආදායම් ඉලක්කයක් ලබා දී ඇති මොහොතකය. ඒ ඉලක්කය අනුව 2027 වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 4කින් වැඩි කර ගැනීමේ අභියෝගය ශ්‍රී ලංකාව අභිමුව තිබේ.

ඩොලර් අර්බුදයක් සේම එය රැකියා පිළිබඳ අර්බුදයක් ද නිර්මාණය කරනු ඇත. ඇඟළුම් ක්ෂේත්‍රය ආර්ථිකය දුවවන ආකාරය අපට අමුතුවෙන් කියා දිය යුතු නැත.

“මේක ලොකු බලපෑමක්. මේක අපට ලොකු ෂොක් එකක්. අපේ පැත්තෙන් මේක අපි බලාපොරොත්තු නොවුන දෙයක්. අපේ රටේ ආර්ථිකය යම් ස්ථාවර කරගනිමින් යන ගමනක්.. අපනයන ක්ෂේත්‍රයේ ඉලක්කයක් තියනවා මේ අවුරුද්දේ බිලියන 03ක් වැඩි කරන්න. ඒකට මේක ෂොක් එකක්…” කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පැවසුවේය.

සියයට 44ක් වගේ බද්දක් ගණන් හදලා තියන විදිහ අසාධාරණයි. ඒ අය ගණන් බලලා තියෙන්නේ වෙළෙඳ ශේෂ පරතරය දෙකට බෙදලා. ඇමරිකාවත් එක්ක අපට වෙළෙඳ ශේෂ පරතරයක් තියනවා නම් එක් දෙකට බෙදලා ඒක අපි පිට පටවලා හරි නෑනේ. එහෙම කරන දෙයින් අසාධාරණයක් අපට වෙලා තියනවා.

අපි හිතනවා අපිට එහෙම කරන්න දේශපාලන හේතුවක් නෑ. ජනාධිපති තුමා මේ සම්බන්ධව විශේෂ කමිටුවක් පත් කරලා තියනවා. මොකද මේක අපට මේ වෙලාවේ දරාගන්න අමාරුයි. අප ස්ථාවර වෙන්න පටන් ගත්ත මොහොත මේක. අපේ නිමි ඇඳුම්වලින් සියයට 23ක් අපි ඇමරිකාවට යවනවා. ඒ පංගුව විශාල එකක්. අපි බලනවා මේක මේ වෙලාවෙදි සාකච්ඡා කරලා විසඳා ගන්න. ඇමතිවරයා පැවසුවේය.

ශ්‍රි ලංකා වාණිජ මණඩලය යෝජනා කරන්නේ ශ්‍රී ලංකාව තම තීරු බදු ව්‍යුහය නැවත සලකා බලා වෙළෙඳ පහසුකම් වැඩි දියුණු කරන සහ ව්‍යාපාර කිරීමේ පහසුව වැඩි දියුණු කරන වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීමට මෙය කදිම අවස්ථාවක් බවය.

මේ වනවිට ශ්‍රී ලංකාව ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ අඩක් පමණක් සාර්ථකව අවසන් කර ඇති බැවින්ද, ඉතා විශාල රාජ්‍ය මූල්‍ය පාලනයක සිටින බැවින් ද ශ්‍රී ලංකාව වෙත පනවා ඇති ඉහළ තීරු බදු අගය අඩු කරගැනීම ගැන සාකච්ඡා කිරීමේ අනිවාර්ය අවශ්‍යතාවය ලංකා වානිජ මණ්ඩලය අවධාරණය කරන්නේය.

අභියෝග නව ප්‍රවේශ පාදා දෙන්නේය. වැසෙන දොරටුවක් අවට තවත් දොරටු සිය ගණනක් ඇරී ඇති බව විචක්ෂණව නිරීක්ෂණය කරන්නේ නම් සොයා ගත හැකිය. අප සිටින්නේ අර්බුදයෙන්ම අර්බුදය ජය ගැනීමේ ප්‍රවේශ සොයා යා යුතු මොහොතකය. සමහරවිට ඇමරිකාව මේ විවර කර දෙන්නේ ඒ මාර්ගය විය යුතුය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වැ.බ. පොලිස්පතිට පොලිස් කොමිසම දුන් කණේ පාර මාධ්‍ය නිවේදනයකින්ම තහවුරු කරයි!

Next Post

මහ වැසි මැද මෝදි දිවයිනට!

Related Posts

පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R
පුවත්

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026
පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!
  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.