බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමරිකාව චීන “ඔත්තු බැලුනය” මිසයිල ප්‍රහාරයක් එල්ල කර බිම දමයි… දෙවැනි චීන ඔත්තු බැලූනයක් ගැනත් චෝදනා…

by editor
පෙබරවාරි 5, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඇමරිකාව පුරා පිහිටි ප්‍රධාන හමුදා ස්ථාන පිළිබඳ ඔත්තු බැලූ බව පවසන යෝධ චීන බැලූනය ඇමරිකාව විසින් බිම හෙළා තිබේ.

ආරක්ෂක දෙපාර්තමේන්තුව තහවුරු කළේ ඔවුන්ගේ ප්‍රහාරක ජෙට් යානා එක්සත් ජනපද මුහුදු සීමාවට ඉහළින් බැලූනය බිම හෙළූ බවය.

චීනයේ විදේශ අමාත්‍යාංශය පසුව ප්‍රකාශ කළේ සිවිල් මිනිසුන් රහිත ගුවන් යානාවලට පහර දීමට එක්සත් ජනපදයේ බලය යෙදවීමට එරෙහිව දැඩි අතෘප්තිය සහ විරෝධය පල කරන බවය.

කුඩා පිපිරීමකින් පසු බැලූනය මුහුදට වැටෙන ආකාරය එක්සත් ජනපද රූපවාහිනී ජාලවල දර්ශනවල දැක්වේ.
F-22 ජෙට් ප්‍රහාරක යානයක මිසයිල ප්‍රහාරයක් මගින් එක්සත් ජනපද වෙරළට නාවික සැතපුම් හයක් පමණ දුරින් බැලුනය පුපුරවා හැරිය බව විදේශ මාධ්‍ය වාර්තා කළේය.

ආරක්ෂක නිලධාරීන් එක්සත් ජනපද මාධ්‍ය වෙත පැවසුවේ බැලුනයේ සුන්බුන් දකුණු කැරොලිනාවේ මර්ටල් වෙරළ ආසන්නයේ – ඔවුන් බලාපොරොත්තු වූවාට වඩා නොගැඹුරු – අඩි 47 (මීටර් 14) ක ජලයට ගොඩ බැස ඇති බවය.
සැතපුම් හතක් (කිලෝමීටර් 11ක්) පුරා පැතිරී ඇති බැලුනයේ සුන්බුන් සොයා ගැනීමට හමුදාව දැන් මෙහෙයුමක් ආරම්භ කර තිබේ. ඒ සඳහා සඳහා බර දොඹකරයක් ඇතුළු නාවික නෞකා දෙකක් ප්‍රදේශය තුළ යොදවා ඇත.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

බ්‍රහස්පතින්දා ආරක්ෂක නිලධාරීන් එම බැලුනය නිරීක්ෂණය කරන බව ප්‍රථමයෙන් ප්‍රකාශ කළ දා සිට එක්සත් ජනපද ජනාධිපති ජෝ බිඩෙන්ට බැලූනය බිම හෙළීම සඳහා බලපෑම් එල්ල වූ බව විදෙස් මාධ්‍ය කියයි.

බැලූනයට බිම හෙළීමෙන් පසු ජනාධිපතිවරයා පැවසුවේ “ඔවුන් එය සාර්ථකව බිම හෙළා තිබෙනවා… එම මෙහෙයුමේ නිරත වූ අපගේ ගුවන් යානාවලට ප්‍රශංසා කිරීමට මට අවශ්‍යයි” යනුවෙනි.

බැලුනය බිම හෙළා පැය කිහිපයකට පසු ප්‍රකාශයක් නිකුත් කරමින් චීන විදේශ අමාත්‍යාංශය පැවසුවේ මෙම ගුවන් නෞකාව සිවිල් භාවිතය යෙදවූ එකක් බව තහවුරු කළ බවය. එය දෝෂයක් හේතුවෙන් පාලනයෙන් මිදී එක්සත් ජනපද ගුවන් සීමාව වෙත ගමන් කළ බවත් එය මුලුමනින්ම කාර්මික දෝෂයක් නිසා සිදුවූවක් බවත් චීන පාර්ශවය එක්සත් ජනපදයට නැවත නැවතත් දැන්වූ බවය.

කෙසේ වෙතත් බැලූනය සොයා ගැනීම රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයකට තුඩු දී ඇති අතර, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මේ “වගකීම් විරහිත ක්‍රියාව” හේතුවෙන් මෙම සති අන්තයේ චීන සංචාරය වහාම නතර කර ඇත.
“ජාතික ආරක්ෂක ප්‍රයත්නයක්” හේතුවෙන් එක්සත් ජනපද ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය (FAA) සෙනසුරාදා දහවල් දකුණු කැරොලිනා වෙරළ අවට ගුවන් තොටුපල තුනක සියලුම සිවිල් ගුවන් ගමන් නවත්වා මෙම මෙහෙයුම සිදු කර තිබිණි.

බැලුනය බිම හෙළීම සඳහා එය ගොඩබිම් ප්‍රදේශයෙන් ඉවත්ව මුහුදට ගමන් කරන තුරු ආරක්ෂක අංශ බලා සිට ඇත. “සැලකිය යුතු අනතුරක් ඇති” මිලිටරි මෙහෙයුම් හේතුවෙන් එම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස වෙරළාරක්ෂක නිලධාරීන් නාවිකයින්ට උපදෙස් දුන්නේය.

වෙරළ තීරයේ ඇසින් දුටු සාක්ෂිකාරියක් වන හේලි වෝල්ෂ් බීබීසී පුවත් සේවයට පැවසුවේ මිසයිලය විදීමට පෙර ප්‍රහාරක ජෙට් යානා තුනක් කැරකෙමින් සිටිනු තමා දුටු බවය. එවිට “අපිට විශාල පිපිරීම් ශබ්දයක් ඇසුණා, නිවස දෙදරුම් කෑවා”. ඇය පැවසුවාය.

ආරක්ෂක නිලධාරීන් සෙනසුරාදා අනාවරණය කළේ බැලූනය ජනවාරි  28 වන දින එක්සත් ජනපද ගුවන් සීමාවට ඇතුළු වූ අතර දින තුනකට පසුව කැනේඩියානු ගුවන් සීමාවට ගොස් ජනවාරි 31 වන දින නැවත එක්සත් ජනපදයට ඇතුළු වූ බවයි. සංවේදී න්‍යෂ්ටික මිසයිල ස්ථාන රැසකට නිවහන වන එක්සත් ජනපදයේ මොන්ටානා ප්‍රාන්තයේ මෙම වස්තුව නිරීක්ෂණය විය.

සිකුරාදා, පෙන්ටගනය පැවසුවේ දෙවන චීන ඔත්තු බැලූනයක් දැක ඇති බවය.  මෙවර ලතින් ඇමරිකාව හරහා කොස්ටාරිකාව සහ වෙනිසියුලාව හරහා වාර්තා වී ඇති බව ප්‍රකාශ  විය.

වාර්තා වූ දෙවන බැලූනය සම්බන්ධයෙන් චීනය මෙතෙක් කිසිදු ප්‍රසිද්ධියක් ප්‍රකාශ කර නොමැත.

බීබීසී – 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලෝකයට විහිළු සපයමින් ක්‍රිකට් වළලන ශ්‍රී ලංකා ක්‍රිකට් කන්සලටන්ට් නාඩගම…

Next Post

ඉන්දියාව පරිසර හිතකාමී වාහන වලට බදු සහන දෙයි

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.