කැලණි වැලි වැවිලි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අනුර වීරකෝන් ඇතුළු එම සමාගමේ කණ්ඩායමක් අවිනීත ලෙස කාර්යාල අඩස්සියේ රඳවා ගැනීම සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසියේ කළ පැමිණිල්ල ට එරෙහිව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් තොණ්ඩමන් ඊයේ (01) දිනයේද පොලිසිය ඉදිරිපිටට පැමිණ දැඩි විරෝධතාවක් දක්වා ඇත. එම පැමිණිල්ල ඉල්ලා අස් කර ගන්නා ලෙස බලපෑම් කරමින් ඔවුන් මෙලෙස විරෝධතාවෙහි යෙදී ඇති අතර පැයට අධික කාලයක් සිය පිරිස සමඟ රැඳී සිට ඇති බව වාර්තා වේ.
කැලණි වැලි වැවිලි සමාගමට අයත් වත්තක සේවකයන් දෙදෙනකු තාවකාලික වැඩ තහමකට ලක් කිරීමත් ඔවුන්ට යළි සේවය ලබා නොදීමටත් විරෝධය පළ කරමින් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පසුගිය බ්‍රහස්පතින්දා එම සමාගමේ ප්‍රධාන කාර්යාලය පිහිටි නුවරඑළිය පිඩෘ වතු යායට පැමිණ ප්‍රධාන විධායක නිලධාරියා ඇතුළු පිරිස නිවාස අඩස්සියට ගත්හ.මෙම සිදුවීම පාලනය කිරීමට ඔවුන් පොලිසියද ඉඩ නොදුන් අතර පැය කිහිපයක් තිස්සේ වතු සමාගම් පිරිස දැඩි පීඩනයකට ලක්ව සිට ඇති බව වාර්තා විය.
මෙම සම්බන්ධයෙන් කළ පැමිණිල්ල හමුවේ නුවරඑළියට පැමිණ විරෝධය පළ කළ අමාත්‍යවරයා පොලිසියට හැකිනම් තමන් අත්අඩංගුවට ගන්නා ලෙස අභියෝග කළ බව ද වාර්තා වේ. කෙසේ වුවද ඔහු එම ස්ථානයෙන් පිටව ගොස් තිබුණේ පොලිසිය තමන්ට එරෙහිව ඇති පැමිණිල්ල ඉල්ලා අස් කර ගත් බව පවසමින් ඔහු එම ස්ථානයෙන් පිටව ගොස් ඇතත් වැවිලි සමාගම ප්‍රකාශ කරන්නේ එම පැමිණිල්ල තමන් ඉල්ලා අස්කර නොගත් බවය.