බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇපල් මිදි ඇත… ඉන්ධන නැත!- පිටරටින් ගෙන මී පැණි ඇත -ඖෂධ නැත – බලශක්ති ඇමති!

ප්‍රමුඛතාවය හඳුනාගෙන විදේශ විනියම වියදම් කළ යුතු හැටි ආණ්ඩුවට  කියමින් ඉන්ධන මිල ගැන ඇමති දුන්න ධර්මානුකූල උත්තරය...

by editor
මාර්තු 1, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඇපල් මිදි තිබෙන්නත් ඉන්ධන නැති වෙන්නත්, පිටරටින් ගෙනන මී පැණි තිබෙන්නත් ඖෂධ නැතිවෙන්නත් හේතුවක් ඇති බවත්,  තමන් ද   ඇමති වරයෙක්වන ආණ්ඩුව දැන්වත් කළ යුත්තේ ප්‍රමුඛතා හඳුනාගනිමින් සීමිත විදේශ විනිමය විදයම් කිරීම බවත් බලශක්ති ඇමති උදය ගම්මන්පිල පවසයි.

අද පැවති පුවත්පත් සාකච්ඡාවක් අමතමින් ඇමතිවරයා මෙසේ ද පැවසුවේය.

“ඇපල් මිදි දොඩම් කාලා කළුවරේ ඉන්නව ද?, පිටරටින් වතුර ගෙනත් බීලා වාහන දුවන්න තෙල් නැතිව ඉන්නවද?,  කැප කිරීම් කරලා අත්‍යාවශ්‍ය භාණ්ඩවන ඖෂධ සහ ඉන්ධනවලට අපේ සීමිත විදේශ විනිම වැය කිරීමේ දී ප්‍රමුඛතාවය දෙනවද? කියන ප්‍රශ්නය පිළිබඳව  මා ද ඇමතිවරයෙක් වන මේ ආණ්ඩුව තීන්දුවක් ගත යුතුමයි.“

“එසේ නොගැනීම නිසාම තමයි ඇපල් මිදි ඇත… තෙල් ටික නැත…, පිටරටින් ගෙනෙන මී පැණි ඇත… ඒත් ඖෂධ නැත…. මුහුදේ තෙල් නැව් නවතාගෙන බලා සිටී… නැත්තේ ඩොලර්ය.“ ඇමතිවරයා රිද්මයානුකූලව කීවේය.

“අප සතු තොග පහත බැහැලා තියනවා. ඒ නිසා ඊලඟ නැව එන තුරු අපට සීමිත තොගයක් තමයි වෙළෙඳපලට නිකුත් කරන්න සිද්ධ වෙන්නේ. එහි අවසාන ප්‍රතිඵලය ලෙස ඉන්ධන පිරවුම්හල්වලටත් සිද්ධ වෙනවා සීමිත ප්‍රමාණවලට විතරක්  සෑම කෙනෙකුටම ඉන්ධන ලබා දෙන්න.“

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

“මේ දුෂ්කර මෙහොතෙ සැමට සහනය ලැබිය යුතු නිසා තමයි සීමා කිරිමක් සහිතව ඉන්ධන නිකුත් කිරීමක් කරන්නේ.“ ඇමතිවරයා කීවේය.

මේ අවස්ථාවේ දී මාධ්‍ය වෙතින් නැගුනේ ඉන්ධන මිල යනවා ද නැද්ද සම්බන්ධ   ප්‍රශ්නයකි.

මිල වැඩි වෙනවා ද නැද්ද යන්න නෙමෙයි ප්‍රශ්නය. අපට ඉන්ධන ගෙන්වීමට මුදල් තිබිය යුතුයි.  පසුගිය අඟහරුවාදා තිබුණු විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දි මුදල් අමාත්‍යාංශය අඛණ්ඩ ඩොලර් සැපයුමක් සහතික වුනා.

නමුත් තවමත් එය මහපොළොවෙ ක්‍රියාත්මක වෙලා නෑ.

මහබැංකුව ඉතිහාසය පුරා තෙල් සංස්ථාවට  විශාල සහයෝගයක් ලබා දුන් නමුත්  තවදුරටත් එම සහයෝගය ලබා දෙන්නට නොහැකි බව දැනුම් දුන් විට එහි වගකීම මුදල් අමාත්‍යාංශය භාර ගත් ආකාරය බලශක්ති ඇමතිවරයා  කීවේය.

“ මේ මාසය තුළවත් ඉන්ධන මිල ඉහළ නොගොස් තිබෙයි ද?“  මාධ්‍ය  යළිත් බලශක්ති ඇමතිවරයා විමසුවේය.

“අවිනිශ්ඡිත අනාගතය ගැන නිශ්චිත ප්‍රකාශ කරන්න බෑ. ඒ විතරක් නොවෙයි,  පැය 24ක් මා ජීවත් වේවිද කියලා මට සහතික වෙන්නත් බෑ. ඔබට සහතික වෙන්නත් බෑ, “

“එතරම් අනිත්‍ය ලෝකයේ  තෙල් මිල ගැන විතරක් මගෙන් නිත්‍ය ප්‍රකාශ ඉල්ලන් එපා.“

බලශක්ති ඇමතිවරයා ධර්මානුකූල උත්තරයක් දුන්නේය

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කිලෝ මීටර හතලිහක් දිග රුසියානු සන්නද්ධ රථ පෙළ යුක්රෙන අගනගරය ආසන්නයට ලඟා වෙයි!

Next Post

 යුද්ධයෙන් සිර වුණු යුක්රේන – රුසියානු සංචාරකයන්ට සියලු  වෛද්‍ය පහසුකම් නොමිලේ!

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.