අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආරක්ෂක මණ්ඩලේ සතියකට වරක් ඉල්ලුවත් මෛත්‍රි-රනිල් දුන්නේ මසකට වරක්

by Lanka Sara Editor
ජූලි 24, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ජාතික ආරක්ෂක මණ්ඩලය සතිපතා පවත්වන ලෙස බුද්ධි අංශ සහ ආරක්ෂක ප්‍රධානීන් ඉල්ලීම් කළ ද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ එකඟතාව මත එය මසකට වරක් පවත්වන්නට යෙදුණු බව හිටපු ජනාධිපති ලේකම්වරයකු වන පී. බී. අබේකෝන් මහතා පාස්කු ඉරිදා එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ අද (24) සාක්ෂි දෙමින් අනාවරණය කළේය.

මසකට වරක් ජාතික ආරක්ෂක මණ්ඩලය පැවැත්වීමට තීරණය වූවද එය පැවැත්වීමේ නවිශ්චිත දිනයක් නොතිබුණු බවත් ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ ඉල්ලීම් මත ආරක්ෂක මණ්ඩලය පැවැත්වුණේ ජනාධිපතිවරයාගෙන් දින ලබා ගනිමින් බවද පී.බී. අබේකෝන් මහතා පැවැසීය.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගේ ධුර කාලයේ පත් වූ පළමු ජනාධිපති ලේකම්වරයා වූ අබේකෝන් මහතා 2015.01.09 සිට 2017.06.30 දක්වා තමන් ජනාධිපති ලේකම් ධූරයේ කටයුතු කළ බව අද පාස්කු ප්‍රහාරය වපිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ සදහන් කළේය.

පෞද්ගලික හේතුවක් මත තමන් එම ධූරයෙන් ඉල්ලා අස්වූ බව කී අබේකෝන් මහතා ජාතික ආරක්ෂාවට වඩා ආගමික හා ජාතීන් අතර සංහිදියාට එකල ප්‍රමුඛත්වය ලැබී තිබුණු බවත් එය දේශපාලන තීන්දුවක් වූ බවත් සඳහන් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජාතික ආරක්ෂක මණ්ඩල රැස්වීම් මුලින් සතිපතා පැවැත්වූවත් රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල ගැටලු නොතිබීම ආදී කරුණු සැලකිල්ලට ගනිමින් එම රැස්වීම සති පතා පැවැත්වීමෙන් පලක් නොවන බවට මතයක් ඇති වූ බවත් මාසයකට වරක් එය පැවැත්වීමට දේශපාලන තීන්දුවක් ගත්තේ ඒ අනුව බවද ඔහු සඳහන් කළේය.

එසේම ඔහු එහිදී සඳහන් කළේ රජය පත්වූ මුල් කාලයේදී ජාතික ආරක්ෂක මණ්ඩලය රැස්වීම් අවසානයේදී ඊළගට රැස්වන දිනය දැනුම් දුන්නද පසු අවස්ථාවලදී ජාතික ආරක්ෂක කවුන්සිලය පැවැත්වීමට හිටපු ජනාධිපතිවරයාගෙන් දිනයක් ලබාගැනීමට සිදුවූ බවයි.

ප්‍රසිද්ධ රහසක් වන හිටපු ජනපති සහ හිටපු අගමැති අතර තිබූ ගැටුම එම රැස්වීම්වලට බලපෑමක් එල්ල කළේ දැයි මෙහිදී කොමිසම බී.බී. අබේකෝන් මහතාගෙන් විමසා සිටියේය.

මුල සිටම යම් යම් ගැටලු දෙදෙනා අතර පැවතුණත් ඒවා තමාගේ කාලයේදී කරළියට නොපැමිණි බව පැවසූ හිටපු ජනාධිපති ලේකම්වරයා දෙදෙනා හිත හොදින් තොරව අවසන් වූ ආරක්ෂක කවුන්සිල රැස්වීම් පැවති බවද සදහන් කළේය.

එහෙත් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නා අවස්ථාවලදී දෙදෙනාම එක මතයකට එළඹුණු බවද පී.බී. අබේකෝන් මහතා අනාවරණය කළේය.

ජාතික ආරක්ෂාවට බලපාන යම් වැදගත් කරුණුක් පිළිබඳව ජනාධිපති දැනුවත් කිරීමට බුද්ධි ප්‍රධානීන්ට යම් අවශ්‍යතාවක් මතුවුහොත් ආරක්ෂක මණ්ඩල රැස්වීම පවත්වන තෙක් නොසිට ජනපතිව දැනුවත් කිරීමේ ක්‍රමයක් තිබුණේදැයි කොමිසම මෙහිදී බී.බී. අබේකෝන් මහතාගෙන් විමසා සිටියේය.

එවැනි අවස්ථාවල රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ජනපතිවරයා සෘජුව මුණගැසී සාකච්ඡා කරන අයුරු තමන් ජනාධිපතිවරයාගේ කාර්යාල කාමරයේ රැදි සිටින අවස්ථා දැක ඇති බව සදහන් කළේය.

ඇතැම් විට එම හමුවීම් සදහා තමන්ට කථාකර වේලාවන් වෙන්කර ගන්නා අවස්තාවන්ද ඇතැයි ඔහු සදහන් කළේය. එසේම ආරක්ෂක අංශ ප්‍රධානීන්ට සහ පොලිස්පතිවරයාට ඝෘජුවම ජනාධිපතිවරයා හමුවීමට අවස්ථා පැවැති බවත් ඒ අය පැමිණන විට ඔවුන්ට ඉහළ ප්‍රමුඛතාවය ලබාදෙන ලෙස ජනාධිතිවරයා තමන්ට දැනුම් දී තිබුණු බවද අබේකෝන් මහතා පැවැසීය.

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය මෙහිදී ප්‍රශ්න කළේ එම රැස්වීම්වලදී ආගමික අන්තවාදය ගැන කරුණු සාකච්ඡා වූයේද යන්න පිළිබඳව හිටපු ලේකම්වරයාගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේ ඔහු අනාවරණය කළේ එවැනි කරුණු සාකච්ඡා වූ බවය.

වරක් අයි එස් ත්‍රස්ත සංවිධානයට එක්වීමට මෙරටින් පිරිසක් ගොස් ඇතැයි වරක් බුද්ධ් අංශ අනාවරණය කෙරුණු බවත් ඔහු සදහන් කළේය.

එසේම උතුරු – නැගෙනහිර ක්‍රියාත්මක වන ආගමික අන්තවාදී රැස්වීම් පිළිබඳව ද සාකච්ඡා වූ බවද ඔහු මෙහිදී හෙළි කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලෝකය දිනන දරුවෙක් හදන්න දැනගත යුතු කරුණු 20ක්

Next Post

ඡන්දපොළ කොරෝනාවෙන් රැකගන්න මැකොට උදව් දෙන කට්ටිය මෙන්න

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.