බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආරක්ෂක අමාත්‍යාංශ චැනල් 4 චෝදනා නිල වශයෙන් ප්‍රතික්ෂේප කරයි…

by editor
සැප්තැම්බර් 9, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ආරක්ෂක අමාත්‍යාංශය විසින් පාස්කු  ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් Channel 4 හි අසත්‍ය චෝදනාවල  නිල වශයෙන් ප්‍රතික්ෂේප කර විශේෂ නිවේදනයක් අද (09) උදෑසන නිකුත් කර තිබේ.

එම සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

ආරක්ෂක අමාත්‍යාංශය: පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් Channel 4 හි අසත්‍ය චෝදනා නිල වශයෙන් ප්‍රතික්ෂේප කිරීම

ළමුන් සහ විදේශිකයන් ඇතුළු අහිංසක මිනිසුන් 270 කට ආසන්න පිරිසකගේ ජීවිත බිලිගත් ලොවම කම්පා කළ 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය, ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර ප්‍රජාව භීතියෙන් බලා සිටියහ. මෙම ව්‍යසනයෙන් පසුව, ශ්‍රී ලංකා රජය, නීතිය ක්‍රියාත්මක කරන ආයතන, ආරක්ෂක අංශ සහ ජාත්‍යන්තර විමර්ශන ආයතන පුළුල් පරීක්ෂණ දියත් කළේය. වසර ගණනාවක් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් කරන ලද මෙම පරීක්ෂණ තුළින් නිරන්තරයෙන් පෙන්වා දී ඇත්තේ මෙම භයංකර ඛේදවාචකයේ නිර්මාපකයින් සහරාන් හෂීම්ගේ නායකත්වයෙන් යුත් අයිඑස්අයිඑස් හා සම්බන්ධ කණ්ඩායම්වල සාමාජිකයින් බවයි.

කෙසේ වෙතත්, 2023 සැප්තැම්බර් 5 වන දින බ්‍රිතාන්‍යයේ Channel 4 නාලිකාව විසින් නිෂ්පාදනය කරන ලද නවතම වාර්තාවට ප්‍රතිචාර දැක්වීමට ආරක්ෂක අමාත්‍යාංශය කැප වි සිටී. පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම හමුදා බුද්ධි අංශයට සහ ශ්‍රී ලංකා රාජ්‍ය බුද්ධි සේවයේ වත්මන් අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරල් සුරේෂ් සලේ වෙත මෙම වාර්තාව මගින් පවරයි.

මෙම ප්‍රහාරය මෙහෙයවීම සහ බෝම්බකරුවන්ට සහය වීම යන චෝදනාව වසර 36ක් පුරා රට වෙනුවෙන් සේවයට කැපවූ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකුට එරෙහිව සිදු කිරීම ආරක්ෂක අමාත්‍යාංශය තරයේ හෙළා දකියි. මේජර් ජෙනරල් සුරේෂ් සලේ 2016 දෙසැම්බර් සිට 2018 දෙසැම්බර් දක්වා මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය-උපදේශකවරයා ලෙස සේවය කළේය. ඔහු 2019 ජනවාරි 3 වන දින ඉන්දියාව බලා පිටත්ව ගොස් දිල්ලිහි ජාතික ආරක්ෂක විද්‍යාලයේ පාඨමාලාව අවසන් කර 2019 නොවැම්බර් 30 දින නැවත ශ්‍රී ලංකාවට පැමිණියේය.

Channel 4 නාලිකා වාර්තාවේ සඳහන් කාල සීමාව තුළ මෙම නිලධාරියා කිසි දිනෙක ශ්‍රී ලංකාවේ සිටියේ නැත. තවද, ඉහත සඳහන් කාල සීමාව තුළ (2016 දෙසැම්බර් සිට 2019 නොවැම්බර් දක්වා) මෙම නිලධාරියා මෙරට බුද්ධි හා ආරක්ෂක අංශවල සේවය නොකළ අතර, එම ක්ෂේත්‍රවල නිලතල හා වගකීම් දරා නැත. පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ කිසිදු ත්‍රස්තවාදියෙකු රජයේ වැටුප් ලේඛනයේ නොසිටි බවද ආරක්ෂක අමාත්‍යාංශය යළි අවධාරණය කරයි. එබැවින්, මෙම සාහසික චෝදනා ආරක්ෂක අමාත්‍යාංශය තරයේ ප්‍රතික්ෂේප කරන අතර එවැනි ද්වේෂසහගත සහ තහවුරු නොකළ ආඛ්‍යානයක් ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් Channel 4 නාලිකාව වෙත සිය බලවත් අප්‍රසාදය ප්‍රකාශ කරයි.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව, බලයට පත් ශ්‍රී ලංකා රජයන් සත්‍යය හෙළිදරව් කිරීම සඳහා නොසැලෙන කැපවීමක් පෙන්නුම් කර ඇත. දේශීය මෙන්ම ජාත්‍යන්තර වෘත්තීය ආයතන විසින් මේ සබැඳිව පවත්වනු ලබන විනිවිද භාවයෙන් යුත් පරීක්ෂණ සඳහා පහසුකම් සලසා ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ත්‍රස්ත විරෝධී විමර්ශන අංශය සහ ජනාධිපති විමර්ශන කොමිසමේ නිවැරදි ක්‍රමවේදයන් ඇතුළු මෙම විමර්ශන මගින් ප්‍රහාරය සම්බන්ධයෙන් වන අන්තවාදී කල්ලියේ වගකීම නිරතුරුවම තහවුරු කර ඇත. මීට අමතරව, ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ ක්‍රියාමාර්ග යෝජනා කිරීමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර ඇත.

එපමනක් නොව, ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය (AFP) සහ එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) විසින් සිදු කරන ලද විස්තීර්ණ විමර්ශනය, එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව විසින් පසුව ලබා දුන් තීන්දුව මඟින් ද දේශීය පරීක්ෂණවල සොයාගැනීම් නැවත තහවුරු කළේය. ජාත්‍යන්තර විමර්ශන ආයතනයක මෙම ප්‍රබල අනුමැතිය විමර්ශනයේ නිරවද්‍යතාවය සහ අඛණ්ඩතාව තවදුරටත් සනාථ කරයි.

මෙවැනි පැහැදිලි ස්ථාවරයන් නොතකා, Channel 4 නාලිකාවේ පටු අරමුණු සහ දුෂ්ට හැසිරීම අසමගියේ බීජ වැපිරීමෙන් ශ්‍රී ලාංකීය සමාජයේ දේහය විනාශ කරනවා පමණක් නොව, තම අවංකභාවය සහ වගකීම අධිෂ්ඨානශීලීව තහවුරු කළ අයගේ කීර්තිය හා ආරක්ෂාව නිර්ලජ්ජිත ලෙස අනතුරේ හෙළයි.

ආරක්‍ෂක අමාත්‍යාංශය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට ගරු කරන අතර ගවේෂණාත්මක මාධ්‍යවේදී කාර්යයේ වැදගත්කම තහවුරු කරන අතරම, ඔවුන්ගේ පදනම් විරහිත, ද්වේෂසහගත සහ දුර්වල ලෙස සනාථ කරන ලද ප්‍රකාශයන්ගෙන් පැන නගින ඕනෑම අනපේක්ෂිත ක්‍රියාවක් හෝ ප්‍රතිවිපාක සඳහා Channel 4 නිසැකවම වගකිව යුතු බව ආරක්‍ෂක අමාත්‍යාංශය තරයේ කියා සිටි. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශය මෙම අසත්‍ය චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන අතර සත්‍යය, යුක්තිය සහ ජාතියේ යහපැවැත්ම සඳහා රජයේ නොසැලෙන කැපවීම ආරක්ෂක අමාත්‍යාංශය විසින් නැවත අවධාරණය කරයි.

එම නිල නිවේදනය පහත දැක්වේ…

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉන්දියාවට සහ පකිස්ථානයට කරන අමුතු සැලකිල්ල ගැන ආසියානු ක්‍රිකට් සම්මේලනයට දැඩි විරෝධයක්!

Next Post

වෛද්‍ය වෘත්තිකයන් හිඟ ලංකාවේ විතරක් නෙවෙයි. ඒක ලෝකයම මූණ දෙන ගැටළුවක් – ඇමති නිමල් සිරිපාල

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.