ලලිත් චාමින්ද –
ආපදා තත්ත්වය හේතුවෙන් මෙරට මහා වාරි පද්ධතිය යටතේ වගාකරණු ලැබු කුඹුරු අක්කර ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් හානියට පත්වු බවත් ඉන් අක්කර 25000කට ආසන්න ප්‍රමාණයක් මෙම කන්නයේ දි නැවත අස්වැද්දිම සඳහා ඇළ ඇමුණු අලුත්වැඩියාකොට ජලය ලබාදිමට කටයුතු කර ඇති බැව් වාරිමාර්ග අධ්යක්ෂ (ජලවිද්‍යා සහ ආපදා කළමණාකරණ), ඉංජිනේරු එල්. ඒ. එස්. සූරියබණ්ඩාර මහතා පවසයි.
ආපදා තත්ත්වය හේතුවෙන් මෙරට ඇළ මාර්ග, අමුණු, වැව් ඇතුළු වාරි පද්ධතියට සිදුවි ඇති හානිය රුපියල් බිලියන 22කට ආසන්න බව සදහන් කළ වාරිමාර්ග අධ්‍යක්ෂකවරයා මින් සැලකිය යුතු සංඛ්‍යාවක් මේ වනවිට තාවකාලිකව ප්‍රතිසංස්කරණය කොට ඇති බවද පෙන්වාදෙයි.
දැනට ඇදහැලෙන මහ වැසි හේතුවෙන් ප්‍රධාන වැව් 73න් 34කට ආසන්න ප්‍රමාණයක් තවදුරටත් වාන් දමන බවද වාරිමාර්ග අධ්‍යක්ෂකවරයා පවසයි.
සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවත් එහෙත් මහ ගංවතුර තත්ත්වයක් ඇතිවිමට මේදක්වා ඉඩක් නොමැති බවද හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.







