බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආනවිලුන්දාවේ පරිසර විනාශය වෙනුවෙන් ගත් පියවර ගැන සජිත් පාර්ලිමේතුවේදී අසයි

by Lanka Sara Editor
සැප්තැම්බර් 9, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ජාත්‍යන්තර වශයෙන්ද ආරක්‍ෂා කිරීමට බැදී සිටින රැම්සාර් තෙත්බිමක් මෙන්ම වන සත්ත්ව අභය භූමියක් වන ආනවිලුන්දාව අභය භූමියේ අක්කර දෙකක පමණ භුමි ප්‍රමාණයක් දින දෙකක් පුරා ඩෝසර් කොට විනාශ කිරීමේ අපරාධය සම්බන්ධයෙන් උපදෙස් මෙන්ම ආධාර හා අනුබල දුන් පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පැමිණවීමට රජය ක්‍රියා කර තිබේද යන්න ප්‍රශ්න කළ විපක්ෂ නායක සජිත් පේ්‍රමදාස මහතා මෙම අපරාධය සම්බන්ධව අදාල ආයතන විසින් මේ වන විට ගෙන ඇති නීතිමය ක්‍රියාමාර්ගවල ප්‍රගතිය පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට කටයුතු කරන්නේදැයි අද පාර්ලිමේනතුවේදී විමසීය.

පරිසර සහ ස්වාභාවිත සම්පත් ස්ථාවර වෙනුවෙන් ස්ථාවර නියෝග 27(2) යටතේ පාර්ලිමේන්තුවෙන් ප්‍රශ්න කළ සජිත් ඵේ්‍රමදාස මහතාගේ සම්පූර්ණ ප්‍රකාශය මෙසේ වෙයි.

පරිසරය හා ස්වභාවික සම්පත් ආරක්‍ෂා කිරීම රටක රජයක මූලික මෙන්ම ප්‍රධානතම වගකීමකි. ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්‍ෂා කොට සුරක්‍ෂිත කොට වැඩි දියුණු කිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27(14) ව්‍යවස්ථාව මගින් රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙවීමේ මූලධර්ම හා මූලික යුතුකම් යටතටද ඇතුළත් කොට තිබේ.

02. කෙසේ වුවද, වර්තමාන රජය බලයට පත් වූ වහාම වැලි ප්‍රවාහනයට අවශ්‍යව තිබූ බලපත්‍රය අවලංගු කිරීමට කටයුතු කරනු ලැබූ අතර ඒ පිළිබඳව දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් නිර්මාණය විය. එසේම, පසුගිය දිනක සිංහරාජ වන්නාන්තරයට මායිම්ව පිහිටා ඇති ලංකාගම බලා යන මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ වීමත් සමග නැවතත් පරිසර විනාශය පිළිබඳව සමාජයේ කතිකාවක් මතු විය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

03. මේ අතරතුර, තවත් මහා පරිමාණ පාරිසරික ඛේදවාචකයක් පසුගිය දිනක පුත්තලම ප්‍රදේශයෙන් වාර්තා විය.
පුත්තලම දිස්ත්‍රික්කයේ ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පිහිටා ඇති ආනවිලුන්දාව අභය භුමියේ අක්කර දෙකක පමණ භුමි ප්‍රමාණයක් ඉස්සන් වගාව සඳහා ඩෝසර් කොට එහි පරිසර පද්ධතිය විනාශ කිරීම එම ඛේදවාචකයයි.

04. පරිසරවේදීන්ට අනුව ඉතා සංවේදී පාරිසරික කලාපයක් වන මෙම කලාපය දේශීය හා විදේශීය සංචාරක පක්‍ෂීන් මෙන්ම දුර්ලභ ගණයේ මත්ස්‍ය වර්ග හා සමනළ වර්ග බහුල කලාපයකි. එසේම, කඩොලාන ආශ්‍රිත දුර්ලභ පරිසර පද්ධතියකින් හා ජලාශ පද්ධතියකින් මෙම කලාපය සමන්විත වේ. ලෝකයේ දැනට පවතින අති දුර්ලභ මෙන්ම ජෛව විවිධත්වයෙන් අනූන තෙත්බිම් අරක්‍ෂා කිරීමට 2001 වසරේදී ඉරානයේ රැම්සාර් නගරයේදී ඇති කරගත් සම්මුතියට ශ්‍රී ලංකාවද ඇතුළත් වී තිබෙන අතර, ඒ අනුව ආනවිලුන්දාව අභය භූමියද රැම්සාර් තෙත්බිමක් වශයෙන් 2001 වසරේදී ප්‍රකාශයට පත්කොට තිබේ.

එසේම, මෙම කලාපය වන සත්ව හා වෘක්ෂලතා ආඥාපනත යටතේ ද ප්‍රකාශයට පත් කොට ඇති අභය භූමියකි.
05. මෙවැනි පාරිසරික පද්ධති විනාශ වීමට ඉඩ හැරීම ඉතා බරපතල අපරාධයක් බව අවිවාදයෙන් පිළිගත යුතු කාරණයකි. එසේම, මෙම අපරාධය සඳහා ප්‍රබල දේශපාලනඥයෙකුගේ සොහොයුරෙකු සම්බන්ධ බවට ද, ඒ හේතුවෙන් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වීම ප්‍රමාද වන බවට ද පසුගිය දින කිහිපයේම ජනමාධ්‍ය ඔස්සේ වාර්තා විය.

මෙය ජාතික වැදගත්කමකින් යුත් හදිසි කරුණක් බැවින් පහත ප්‍රශ්න සඳහා පිළිතුරු හා පැහැදිලි කිරීම් රජයෙන් බලාපොරොත්තු වෙමි.

1) ජාත්‍යන්තර වශයෙන්ද ආරක්‍ෂා කිරීමට බැදී සිටින රැම්සාර් තෙත්බිමක් මෙන්ම වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥාපනත යටතේ ද ප්‍රකාශයට පත් කොට ඇති අභය භූමියක් පමණක් නොව අති සංවේදී හා ජෛව විවිධත්වයෙන් අනූන පරිසර පද්ධතියක්ද වන ආනවිලුන්දාව අභය භූමියේ අක්කර දෙකක පමණ භුමි ප්‍රමාණයක් දින දෙකක් පුරා ඩෝසර් කොට විනාශ කරන තෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට අපොහොසත් වීම රජයේ බරපතල දුර්වලතාවයක් බව රජය විසින් පිළිගනු ලබන්නේද? නොඑසේ නම් ඊට හේතු මොනවාද?

2) මෙම අපරාධය සඳහා උපදෙස් මෙන්ම ආධාර හා අනුබල දුන් පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පැමිණවීමට රජය ක්‍රියා කොට තිබේද? මෙම අපරාධය සම්බන්ධව අදාල ආයතන විසින් මේ වන විට ගෙන ඇති නීතිමය ක්‍රියාමාර්ගවල ප්‍රගතිය පිළිබඳව මෙම ගරු සභාව දැනුවත් කිරීමට රජය කටයුතු කරන්නේද?

3) මෙම අපරාධය පිළිබඳව සොයාබැලීම සඳහා වනජීවී හා වනසංරක්ෂණ අමාත්‍යවරයා විසින් පත් කරන ලද කමිටුවේ වාර්තාව ඉදරිපත් කොට තිබේද? එය මෙම ගරු සභාවට ඉදිරිපත් කරන්නේද? නොඑසේ නම් එය ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ කවදාද?

4) මෙවැනි බරපතල පාරිසරික අපරාධ ඉදිරියේදී සිදුවීම වැළැක්වීම සඳහා නිසි වැඩපිළිවෙලක් යෙදීමට රජය විසින් කටයුතු කොට තිබේද? එසේ නම් ඒ පිළිබඳව මෙම ගරු සභාව දැනුවත් කිරීමට කටයුතු කරන්නේද?

Tags: නවතම
Share69Tweet43
Previous Post

නඩුවලට එන කුඩුකාරයන්ට අධිකරණය අසල කුඩු විකුණපු මාතර කුඩ්ඩෝ පොලිස් දැලේ

Next Post

“අග්‍රඵලය මට එපා.. මල්ලිට මහඇමතිකමයි දුවට මන්ත්‍රීකමයි දෙන්න”

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.