ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100කින් වැඩි කර තිබේ.
කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදය ප්‍රකාශ කළේ ලෝක වෙළෙඳපලේ කිරිපිටිවල මිල ගණන් සියයට 25ත්, සියයට 30ත් අතර මිලකින් වැඩිවීම පදනම් කරගෙන මෙරට කිරිපිටි මිල වැඩි කළ බවය.
ඒ අනුව මෙරට කිරිපිටි ගෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 1100 සිට 1200 දක්වා ඉහළ ගොස් ඇත. කිරිපිටි කිලෝ එකක පැකට්ටුවක මිල රුපියල් 250කින් ඉහළ යනු ඇත.







