බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩුවේ රෙද්ද ගැලවූ සීනි බද්ද ගිල්ලේ පිරම්ඩ් විල්මාර්ද?

by editor
මාර්තු 13, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සීනි වැඩිය කන්නට එපා කියන්නේ අපේ ශරීරය ලෙඩ වන නිසාය. එහෙත් මේ දිනවල කතා වෙන්නේ සීනිවලින් වැඩියෙන් කෑම නිසා අපේ ආර්ථිකය ලෙඩ වී ඇති ආකාරයයි.  මේ කතාවට පදනම් වූයේ පසුගියදා මුදල් අමාත්‍යංශය විසින් පාර්ලිමේන්තුවේ මහජන මුදල් පිළිබඳ කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවකට අනුව පසුගිය ඔක්තෝබර් මාසයේ 13 වැනිදා සිට පෙබරවාරි මාසයේ 20 වැනිදා දක්වා කාලය තුළ සීනිවලට පනවා තිබූ විශේෂිත වෙළෙඳ භාණ්ඩ බද්ද ශත 25ක් දක්වා අඩු කිරීමෙන් රටේ භාන්ඩාගාරයට රුපියල් බිලියන 15.9ක පාඩුවක් සිදුව ඇති බවය. එය පාඩුවක් නොව මහා වංචාවක් බව බොහෝ දෙනකුගේ චෝදනාවයි.

පසුගිය රජය බලයට පත් වූ මුල් කාලයේම මැදිහත් වූ මහ බැංකු වංචාවෙන් රටට පාඩු වූ මුදල ලෙස එකල විපක්ෂයේ සිටි වර්තමාන රජයේ දේශපාලකයන් පට්ට පතුරු ගැසුවේ ආසියාවේ දැවැන්තම හොරකම වංචාව එය ලෙසය. එයින් සිදුවූ බවට සඳහන් වූ පාඩුව රුපියල් බිලියන 11ක් බව කියවුණි. කෙසේ වුවද මේ පාඩු වූ  බව කියන  බිලියන 12ක් මහ බැංකු බැඳුම්කර සිද්ධියට සම්බන්ධ අර්ජුන ඇලෝෂියස්ලාගේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් ගිණුම්වල තවමත් ඇත. මෙම ගිණුම් අක්‍රිය කර ඇති අතර ඕනෑම මොහොතක මේ මුදල් රජයට ලබා ගත හැකිය.

විශේෂිත වෙළෙඳ භාණ්ඩ බද්ද

විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද යනු මෙරට ගොවියාත් පාරිභෝගිකයාත් ආරක්ෂා කිරීමට භාවිත වන බදු බාධකයකි. මේ බාධකය ලිහිල් වෙද්දී ආනයනයට ඉඩ සැලසෙයි. සාමාන්‍යයෙන් මෙම බද්ද පැනවෙන්නේ අල ,  බී ලූණු, මිරිස්, සහල්, සීනි වැනි ආහාරමය පාරිභෝගික ද්‍රව්‍ය සඳහාය. දේශීය නිෂ්පාදනය ප්‍රමාණවත්  පවතිද්දී කරන්නේ ආනයන පාලනය කිරීමේ අරමුණින් විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ දැමීමය. වෙළෙඳ පොල මිල ඉහළ යයි නම් හෝ දේශීය සැපයුම ප්‍රමාණවත් නොවේ  නම් කරන්නේ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පහළ දැමීමය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

පසුගිය කොරෝනා වසංගතය හේතුවෙන් රජය කළේ සීනි පරිප්පු, සැමන් බී ලූණු  සහ සීනි යන  ආහාර ද්‍රව්‍ය සඳහා මෙසේ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අඩු කිරීමය. මේ කතාවේදී අපට මාතෘතා වන්නේ සීනි පමණක් නිසා අපි සීනි පිළිබඳව කතා කරමු.

සීනි බද්ද

සීනි සඳහා කලින් පැවැති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද වූයේ කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් 35කි. එය පනවන ද්දේ පසුගිය රජය විසිනි. එහෙත් වර්තමාන රජය කළේ දේශීය නිෂ්පාදන ආරක්ෂා කිරීමේ සහ වැඩි කිරිමේ අරමුණින් සීනි සඳහා පැවැති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද 2020 මැයි මාසයේ දී රුපියල් 50ක් දක්වා ඉහළ නැංවීමය. කෙසේ වුවද එයින් දේශීය නිෂ්පාදනය සම්බන්ධයෙන් කිසිදු බලපෑමක් සිදු නොවූ  අතර වුණේ මිල ඉහළ යාම පමණි. ඒ අනුව වෙළෙඳපොලේ සුදු සීනි කිලෝවක මිල රුපියල් 135ක් තරම් ඉහළ ගියේය.

මේ තත්ත්වය නිසා ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම්වරයා මුදල් අමාත්‍යංශයට  ඔක්තෝබර්  13 වැනිදා දන්වන්නේ වහාම ක්‍රියාත්මකවන පරිදි  සීනි සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 50 සිට ශත 25ක් දක්වා අඩු කිරිමය. ඒ අනුව සීනි කිලෝ ග්‍රෑම් එකකින් ආණ්ඩුවට යන්නේ ශත 25කි.

සාමාන්‍යයෙන් ආනයනය කරන භාණ්ඩවලින් මෙම බද්ද අඩුවන විට එහි වාසිය පහසුවදාම යන්නේ නැත. හේතුව මෙම නව බදු යටතේ ආනයනය කිරීමට කාලයක් ගත වන නිසාය. කෙසේ වුවද බදු ඉහළ දැමීමකදී පසුවදා සිටම පාරිභෝගික භාණ්ඩවල මිල ඉහළ යාම අප අත්දකින අවාසනාවන්ත වෙළෙඳ සම්ප්‍රදායකි.

පිරමීඩ් විල්මාර් සීනි ගබඩාව

පිරමීඩ් විල්මාර් ආතයනයේ සීනි ගබඩාවක්…

මේ බද්ද අඩු කරන විට මේ රටේ සැලකිය යුතු සීනි තොග ප්‍රමාණනයක් මෙරට ආනයනකරුවන් සතුව පැවති බව සඳහන් වේ. ඒ අතුරින් විශේෂිත සමාගමක් වන්නේ මේ වනවිට සීනි බදු වංචාවෙන් වැඩි වාසියක් ගත්  බවට චෝදනා එල්ලවන  පිරමිඩ් විල්මාර් සමාගමයි.

මුදල් අමාත්‍යංශය පාර්ලිමේන්තු මුදල් කමිටුවට සීනි ගනුදෙනු පිළිබඳව ඉදිරිපත් කළ වාර්තාවට අනුව මෙරට සීනි ආනයනය කරන ප්‍රධාන පෙළේ සමාගම් 14ක් ඇත.  පිරමිඩ් විල්මාර් එයින් එකකි. ඒ වනවිට සීනි මෙරටට ගෙන්වා ගබඩා කර තිබූ බොහෝ සමාගම් එසේ කර තිබුණේ විශේෂ වෙළෙඳ භාන්ඩ බද්ද රුපියල් 50ක් කිලෝවකට ගෙවීමෙන් අනතුරුවය.

එහෙත් පිරමිඩ් විල්මාර් සමාගමට බන්ධිත ගබඩාවක් ඇත . මෙම බන්ධිත ගබඩාවට බදු ගෙවීමකින් තොරව ආනයනය කොට සීනි ගබඩා කර ගත හැකි අතර එයින් පිට කිරීමේදී අදාළ බදු ගෙවා ඒවා පිට කර ගත හැකිය. පිරමිඩ් විල්මාර් කළේ තම බන්ධිත ගබඩාවේ තිබූ සීනි තොගද රුපියල් 50ක බද්දක් ගෙවා ගෙන්වූ තොග වෙළෙඳුන් අලෙවි කරන මිලකට වෙළෙඳපළට  දැමීමය. එය ඔවුන්ට එක් සීනි කිලෝවකින් රුපියල් 50කට ආසන්න ලාබ තීරුවක් රඳවා ගැනීමට අවස්ථාව හිමිවිය.

එමෙන්ම ඔවුන්   මේ වනවිට මුහුදේ තිබූ නැව්ද ආපසු හරවා තම ගබඩා පුරවා ගත් බව ට සමගි ජනබලවේග පාර්ලමේන්තු මන්ත්‍රි එරාන් වික්‍රමරත්න චෝදනා කරයි.

බදු නොගෙවා ලාභ ලැබූ හැටි

මුදල් අමාත්‍යංශ වාර්තාවට අනුව සීනි රඳවාගෙන සිටින බන්ධිත ගුදම් හිමි සීනි ආනයන සමාගම් තුනක් පවතින අතර රේගු දත්ත පදනම් කරගෙන මෙම වාර්තාව සහන් කරන්නේ අදාළ බද්ද ඉවත් කර විට බදු නොගෙවා මෙරට ගබඩා කළ සීනි කිලෝ ගෑම් 10147000 (එක්කෝටි එක් ලක්ෂ හතළිස් හත් දහසකි. ඔවුන් ට අවම වශයෙන් කිලෝ ග්‍රෑමයකින් රුපියල් 50ක ලාභයක් රඳවා ගත හොත් ඔවුන් එයින් ලබන අයථා ලාභය රුපියල් කෝටි 50කට අධිකය. (ව්‍යාපාර ආරංචි මාර්ග පවසන්නේ මෙම තොගයෙන් කිලෝ ග්‍රෑම් ලක්ෂ 80ක් පැවතියේ පිරමිඩ් විල්මාර් සමාගම සතුව  බවය. )

ශ්‍රි ලංකාවෙන් සීනි ආනයන දත්ත පිළිබඳව විමසීමේදී ඔය කියන බදු සීමා ඉවත් කළ ඔක්තෝබර් 13 සහ මෙම වසරේ පෙබරවාරි මස 20 අතර කාලය තුළ මෙරටට සීනි මෙට්‍රික් ටොන් 326000ක් පමණ ගෙන්වා ඇති අතර එයින් සියයට 39ක වෙළෙඳපොළ කොටස දරන්නේ විවාදිත පිරමිඩ් විල්මාර් සමාගමය.

මේ අතර රජය පාරිභෝගික අධිකාරියේ ගැසට් නිවේදනයක් හරහා සුදු සීනි උපරිම සිල්ලර මිල රුපියල් 85ක් බවට පත් කලේය. එහෙත් සීමිත තැන් දෙක තුනක හැරෙන්නට  රටේ කොතැනකවත් මේ පාලන මිලට අදටත් සීනි නැත.

sajad-mawzoon
පිරමිඩ් විල්මාර් සමාගමේ අධ්‍යක්ෂවරයෙක් වූ සජාඩ් මවුසුන්

පාරිභෝගික අධිකාරියේ ලජ්ජා නැතිකම

පිරමිඩ් විල්මාර් සමාගම තවත් පාඩුවත් රජයට කළේය. එනම් ඔවුන් සතොස සමාගමට ද සීනි තොග ලබා දුන්නේ කිලෝවක් රුපියල් 127 බැගින්ය. විලි ලජ්ජාවට කාරණය වන්නේ ගැසට් ගහන පාරිභෝගික අධිකාරිය අයත් වන රේඛීය අමාත්‍යංශය වන වෙළෙඳ අමත්‍යංශය යටතේ ඇති සතොස මේ සීනි රු127ට අරන් 85ට විකිණීමය.

මුදල් අමාත්‍යංශ වාර්තාවට අනුව පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සීනි සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ශත 25 දක්වා රුපියල් 49.75කින් අඩු කරද්දී එකල පැවැති ලෝක වෙළෙඳපොළේ සීනි මිල අනුව අවම වශයෙන් සීනි කිලෝව රුපියල් 80.25ක සිල්ලර මිලකට අලෙවි කළ හැකිව තිබිණි. එහෙත් පාරිභෝගික අධිකාරියේ ගැසට්ටුවට උපරිම සිල්ලර මිල විය යුත්තේ රුපියල්85කි. එම අධිකාරි පනතට අනුව උපරිම සිල්ලර මිල වන්නේ සීනි පැකට්ටුවක මිලය. එනම් පැකට් නොකළ කිරා දෙන සාමාන්‍ය සීනි ඊට වඩා අඩු විය යුතුය.

කෙසේ වුවද මුදල් අමාත්‍යංශයට අනුව ඩොලරයේ අගය ඉහළ යාමත් ලෝක වෙළෙඳපොලෙ සීනි මිල ඉහළ යාමත් සමඟ එදාට වඩා අද රුපියල් 9කින් පමණ සීනි මිල වැඩි වී ඇත. එසේ වුවත් සීනි සිල්ලර මිල විය යුත්තේ රුපියල් 100ක් 105ක් පමණය. එසේ වුවද අදටත් සීනි මිල රුපියල් 115ට අඩුවෙන් මෙරට සාමාන්‍ය වෙළෙඳපොළෙන් ලබා ගත නොහැකිය.

මෙම විවාදිත සීනි ආනයන සමාගම රජයට හිමිවන්නට තිබූ බදු මුදල අහිමි කළද එම බදදේ වාසිය සිල්ලර වෙළෙන්ඳාට පමණක් නොව රජයේ සතොස ආයතනටවත් නොරඳවා තමන් ගසා ගැනීමක් සිදුව ඇත. ඒ මුදල රුපියල් බිලියන 15.9ක්ම යයි අපි නොකියමු. එසේ වුවද ඔවුන් එයින් විශාල අයථා වාසියක් ලබා ඇති බව පැහැදිළිය.

කවුද මේ පිරමිඩ් විල්මාර්

පිරමිඩ් විල්මාර් සමාගම පිරමිඩ් ඔයිල් මිල්ස් සමාගම සහ විල්මාර් ඉන්ටර්නැෂනල් නම් සිංගප්පූරුව පාදක කර ගත් ආහාරමය තෙල් සහ සීනි නිෂ්පාදන සිදු කරන බහුජාතික සමාගමේ ඒකාබද්ධ ආයෝජනයකි. මෙම සමාගම ෂ්‍රැංගිලා ව්‍යාපෘතියේද ප්‍රධාන කොටස්කරුවකු වන අතර මෙහි අධ්‍යකෂවරයකු ලෙස කටයතු කරන සජාඩ් මවුසුන් මෙම ව්‍යාපාරයේ මූලික නියමුවකු ලෙස සැලකේ.

සජාඩ් මවුසුන් ෂ්‍රැංගිලා ශ්‍රි ලංකා මාගමේද සභාපතිවරයා වන අතර ඔහු පවතින රජයේ මෙන්ම විපක්ෂයේද ප්‍රබලයින් සමඟ සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන යන පුද්ගලයකු ලෙස සැලකේ. මේ බිලියන 15.9ක වාසිය ගියේ සජාඩ් මවුසුන්ගේ සාක්කුවටදැයි අද ඇතැම්හු ප්‍රශ්න කරති. මේ සීනි බද්ද පිළිබඳ වෝහාරික විගණනයක් කළ යුතු බවට ආණ්ඩුවේත් විපක්ෂයේත් දේශපාලකයන් කියන්නේ ඒ නිසාය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අනුරාධපුරේ ඇමති බිරිඳ පස් ජාවාරමට ආණ්ඩුවේ කැළෑවක් වනසයි

Next Post

“ෂැංග්‍රිලා සීනි ජාවාරම පමණක් නොව, ෂැංග්‍රිලා පොල්තෙල් ජාවාරමත් විමර්ශනය කළ යුතුයි”

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.