ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක තීරණාත්මක සාකච්ඡාවක් තව සුළු මොහොතකින් පැවැත්වීමට නියමිතයි.
මෙහිදී උදය ගම්මන්පිළ සහ විමල් වීරවංශගේ ඇමති ධුර ඉවත් කිරීම හා දැනට මතුවී ඇති අර්බුදකාරී තත්ත්වය මෙන්ම ඉදිරි දේශපාලන ගමන්මඟ පිළිබඳව ද සාකච්ඡා කිරීම සඳහා මෙම පක්ෂ රැස්වීම පැවැත්වෙනු ඇත.
ඒ අනුව ඔවුන් ඉදිරියේදී අනුගමනය කරන ක්රියාමාර්ග අද පැවැත්වෙන රැස්වීමෙන් පසුව ප්රකාශයට පත්කිරීමට නියමිතයි.







