දෙවැනි වරටත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ ඇතුළු විපක්ෂයේ අනෙකුත් පක්ෂ නායකයින් හමුවී තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, හිටපු අමාත්‍යවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත, ෂෙහාන් සේමසිංහ, නිමල් ලාන්සා, නිමල් සිරිපාල ද සිල්වා, ප්‍රේම්නාත් සී දොලවත්ත සහ සාගල රත්නායක හමුවූ සෙසු පිරිස වෙති.
වත්මන් රජයෙන් හිටපු මන්ත්‍රීවරුන්ට සිදුවන අසාධාරණය පිළිබඳව නායකයින් සාකච්ඡා කළ බව අනුර ප්‍රියදර්ශන යාපා උපුටා දක්වමින් ඩේලි මිරර් වාර්තා කර ඇත. එසේ නොමැතිව කිසිදු දේශපාලන සන්ධානයක් ගොඩනැගීමට අවධානය යොමු නොවන බවද ඔහු කියා සිටියේය.
මේ විපක්ෂයේ නායකයින් හමුවූ දෙවැනි හමුවය. පළමුවැන්න ජනවාරි 30 වැනිදා පවත්වන ලදී.







