අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩුවෙන් ඩොලර් මිලියන 175ක් කොමිස් ගන්නෙ  කවුද?.  ආණ්ඩුවේ මැති ඇමතිවරුත් කොමිස් හොරා සොයති!

by editor
ඔක්තෝබර් 10, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
  • පුංචි ගෙදර පුංචි ඇඟලුම් ව්‍යාපාරයක් කරන කෙනත් ඩිමෝට් ඩොල්ර් බිලියන 2.5 ණයක් අරන් දීලා ඩොල්ර් මිලියන 175ක කොමිස් එක්ක කැබිනට් එකෙන් අනුමත කරගෙන… කෙනත් ඩිමෝට් පස්සෙ ඉන්නේ කවුද? … පාර්ලිමේන්තුවේ දී හර්ෂ අසයි…

  • එහෙම ණය මුදලකට කොමිස් ගන්න කිසිවෙකුට කැබිනට් අනුමැතිය ලබා දීලා නෑ… – කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරණ කියයි 

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පවතින විදේශ විනිමය ණය සමනය කිරීම සඳහා ලබා ගැනීමට යෝජිත ඇමෙරිකානු ඩොලර් බිලින 2.5ක ණය මුදල ට අදාලව කොමිස් මුදලක් ලබා ගන්නා දේශීය ණය නියෝජිතයා ලෙස නම් කර ඇති කෙනත් ඩිමොට් නැමති පුද්ගලයා සහ කන්සෙප්ට් ග්ලෝබල් නම් සමාගම පිළිබඳව පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා   අනාවරණය  කිරීමෙන් පසුව  රජයේ අමාත්‍යවරුන් සහ රාජ්‍ය නිලධාරීන් මේ සම්බන්ධයෙන් පරස්පර අදහස් ප්‍රකාශ කිරීමෙන්   දැඩි මතභේදාත්මක තත්වයක් උද්ගත වී ඇතැයි  දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගියදා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ආචාර්ය හර්ෂ ද සිල්වා  සඳහන් කළේ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවක් මඟින් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5 ක ණයක මුදලක් ලබා ගැනීම වෙනුවෙන් අදාල සමාගමට සියයට 7ක කොමිස් මුදලක් එනම් ඇමෙරිකානු ඩොලර් මිලියන 175ක් ලබා දීම ට අදාළ කැබිනට් පත්‍රිකාවෙන්ම යෝජනා කර ඇති අතර ඊට කැබිනට අනුමැතිය ලැබී ඇති බවය.

මේ සමාගම සම්බන්ධ අදාළ ලිපිනය පිළිබඳව සොයාගෙන යද්දී කොළඹ ආසන්නයේ පිහිටි කුඩා නිවසක ජීවත් වන කෙනෙත් ඩිමෝට් නැමැති පුද්ගලයකු එම නිවසේ සිටින බවත් ඔහු කුඩා ඇඟලුම් ව්‍යාපාරයක් කරගෙන යන පුද්ගලයකු බවත් අනාවරණය වී ඇති බවත් සඳහන් කරයි.

මේ පුද්ගලයා මෙවැනි සුවිශාල ණයක් ලබා ගැනීමට  හැකියාවක් සහිත පුද්ගලයකුද යන්න පිළිබඳව  ආචාර්ය හර්ෂද සිල්වා  මහතා වරක් පාර්ලිමේන්තුවේ පොදු මුදල් කාරක සභාවේදී මුදල් අමාත්‍යංශ ලේකම්වරයාගෙන් ද විමසා ඇති අතර එහිදී ඔහු පවසා ඇත්තේ මෙම ණය සම්බන්ධයෙන් තම මේසයට යෝජනා කිහිපයක් පැමිණි අතර ඒවා අධ්‍යයනය කිරීමෙන් පසුව අදාළ ණය ලබා ගැනීමට අදාල කැබිනට් පත්‍රිකාව සකස් කර ඇති බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කෙසේ වුවද පසුගිය මාසයේ මේ සම්බන්ධයෙන් කැබිනට් මාධ්‍ය හමුවකදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක  අමාත්‍ය වෛද්‍ය  රමේෂ් පතිරණ විසින් මෙවැනි ණයක් සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය නොදන්නා බව ප්‍රකාශ  කර ඇත.

කෙසේ වුවද මේ වන විට අනුමැතිය ලැබී ඇති මෙම ණය මුදල ඇත්තටම ලබා ගන්නේ කාගෙන්ද යන්න සහ මෙම කොමිස් මුදල ලබා ගන්නා සැබෑ පුද්ගලයන් කවුද යන්න පිළිබඳව මේ වනවිට අමාත්‍යවරුන් අතර පවා කතාබහක් නිර්මාණය වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග ලංකාසරට පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හෝර්ටන් තැන්නේ මළගම තීන්දු කර ආණ්ඩුවේ පරිසර අපරාධකරුවන් විවෘත කරන මරණයේ පාර

Next Post

පොදුරාජ්‍ය මණ්ඩලීය කරුවන්  26000ක් පරදා ලෝකය දිනූ කිංස්වුඩ් ඉස්කෝලෙ අයියයි මල්ලියි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.