බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩුවත් පොහොට්ටුවත් බේරාගන්නැයි ඇමති ප්‍රසන්න පාක්ෂිකයන්ට කියයි

by Lanka Sara Editor
සැප්තැම්බර් 27, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ආණ්ඩුට එරෙහි විවේචනවලට නිවැරදි පිළිතූරු නොදුන්නොත් සියයට තුනේ බොරුවලට ජනතාව රැවටෙන්න ඉඩ ඇති බවත් රට තුළ පැතිර යන දුර්ම නිවැරදි කර ආණ්ඩුව මෙන්ම පොදුජන පෙරමුණ ආරක්ෂා කර ගැනීම මහජන නියෝජිතයන්ගේ සහ පාක්ෂිකයන්ගේ වගකීමක් බවත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ආණ්ඩුවට එරෙහිව විපක්ෂය විවධ බොරු ප්‍රචාරන කරන බවත් ඒ නිසා ආණ්ඩුව සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සම්බන්ධයෙන් අමාත්‍යවරයා මෙසේ පැවසුවේ “2022 ඔබට අය වැයෙන්” නමින් පැවැත්වෙන රැස්වීම් මාලාවේ කැස්බෑව ආසනයේ රැස්වීම අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

“ග්‍රාමීය සංවර්ධන කමිටු සමග සම්බන්ධ වෙලා ගම සංවර්ධනය කරන යෝජනා හඳුනා ගැනීම මේ දිනවල සිදු කෙරෙනවා. ගමම එක තැනකට එකතු කරලා කොට්ඨාසයට අවශ්‍ය සංවර්ධන ව්‍යාපෘති හදුනාගන්න ඕනෑ. ජීවනෝපාය සංවර්ධන කටයුතු සඳහා සියයට හතළිහක් වෙන් වෙනවා. ඒ මුදල් යොදාගෙන සංචාරක ව්‍යාපාරය වැනි ක්ෂේත්‍ර වල සිටින අය නගා සිටවූවොත් ඒ බදු මුදල් වලින් රටේ ආර්ථිකය නගා සිටුවන්න පුළුවන්. පොදු යටිතල පහසුකම් සඳහා තවත් සියයට හතළිහක් වෙන් වෙනවා.පරිසර හා තිරසර සංවර්ධනයට සියයට දහයක්, සමාජ සුභසාධන කටයුතු වලට තවත් සියයට දහයක් වෙන් කරන්න පුළුවන්. ග්‍රාමසේවක වසම් මට්ටමෙන් රාජ්‍ය නිලධාරීන් කැඳවලා ගම ම එතැනට එකතුවෙලා ගමට ලැබිලා තියෙන ප්‍රතිපාදන ගැන දැනුවත් කරලා, ගමේ යෝජනා ටික හඳුනාගෙන යෝජනා අපට භාර දෙන්න. ජනවාරි මාසේ ඉඳලා ඒ යෝජනා ක්‍රියාත්මක කරන්න අපි කටයුතු කරනවා. එහි ප්‍රතිඵලය ලැබුණම දක්ෂ මන්ත්‍රීවරුන්ට තමන්ගේ ගම දියුණු කරගන්න පුළුවන්. ගමේ සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කරන්න ඔබට සවියක් වෙන්න වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සූදානම්. ගමේම අදහස් අරගෙනයි මේ කටයුතු ඉදිරියට ගෙනියන්නෙ. සමහර මන්ත්‍රීවරුන් කාණු හදන්න කැමතියි. ඒ උනාට හිතු හිතු විදියට දැන් ඒව කරන්න බෑ. ගමේ ව්‍යවසායකයෝ හඳුන ගන්න ඕනේ. ගම සංචාරක ව්‍යාපාරය සමඟ සම්බන්ධ නම් ගමේ පුද්ගලික ව්‍යවසායකයෝ ඇති කරන්න මේ මුදල්වලින් හැකියාව ලැබෙනවා. ගම වඩු කර්මාන්තයට ප්‍රසිද්ධ නම් වඩු කර්මාන්තය දියුණු කරන්න මේ මුදල්වලින් පුළුවන්කම ලැබෙනවා.ගමේ පාරවල් ටික හදාගන්න පුළුවන්. පාසල් දියුණු කරන්න ප්‍රතිපාදන වෙන් කර ගන්න පුළුවන්. ඒ සඳහා ඔබ ගමේ නායකත්වය ගෙන කටයුතු කරන්න.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

කොවිඩ් වසංගතයෙන් අපි ඉගෙන ගත්ත පාඩම් තියෙනවා. රටවල් වහපුවම අපේ රටට බඩු එන්නේ නැහැ.ලෝකයේ අනෙක් රටවල් තමන්ගෙ රටවල් දියුණු කරද්දි අපි වගේ රටවල් අනෙක් රටවල් මත යැපෙන එක මේ වෙලාවෙ සෑහෙන්න බලපෑවා. දේශීය ආර්ථිකය දියුණු කර ගැනීමට අවශ්‍ය පියවර අපි ක්‍රියාත්මක කරන්න ඕනේ.වර්තමාන මුදල් ඇමතිවරයා උත්සාහ කරන්නේ ඒකටයි. සමහරු ආණ්ඩුවේ කැබිනට් එකේ වාඩිවෙලා ඉඳගෙන කැබිනට් යෝජනා එලියට ඇවිත් විවේචනය කරනවා. එහෙම කරන්න බැහැ. ඒක කරන්න තිබුනේ කැබිනට් එකේදියි. කැබිනට් එකේ තීන්දුවක් ගත්තම අපි හැමෝටම ඒ තීන්දුවට සාමූහිකව වගකියනවා. හරි වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඔබතුමන්ලාත් ආසන සංවිධායකවරයා සමඟ එකතු වෙලා එක වැඩ පිළිවෙලක් ආසනය තුළ ගෙන ගියොත් අපේ ඉලක්ක සම්පූර්ණ කරගන්න පුළුවන්.

අපි එකතුවෙලා කටයුතු කළොත් රට දිනවන්න පුළුවන්. විවේචන එල්ල වෙනකොට ඒ ගැන අපෙන් අහන්න. විවේචන වලට අපි හරියට උත්තර නොදුන්නොත් සියයට තුන බොරුවෙන් රට පාලනය කරනවා. ඒකට ඉඩ තියන්න එපා. පක්ෂය ශක්තිමත් වුණොත් ආණ්ඩුව ශක්තිමත් වෙනවා. පක්ෂය දුර්වල වුණොත් ආණ්ඩුව දුර්වල වෙනවා. මේක අපි අත්දැකීමෙන් කියන්නෙ. පක්ෂය ශක්තිමත් කිරීමේ වගකීම තියෙන්නෙත් අපිට. ගමේ ශාඛාව ශක්තිමත් කරලා, ජනතාව ශක්තිමත් කරපුවම අපිට පුළුවන් බොරු වලට උත්තර දෙන්න. සමාජ මාධ්‍ය වල වැඩිපුරම යන්නේ බොරු.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වේලෙන උණවටුනට බලාපොරොත්තුවක් ගෙනා ජර්මන් සංචාරකයෝ….

Next Post

යාපනයේ මිනීමරු කප්පම් කල්ලියේ ප්‍රධාන සැකකරුවන් ඉන්දියාවට පලා ගිහින්…

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.