අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩුව දිගටම ගෙනියන්න ජනපතිට උදව් කරනවා – ඇමති ප්‍රසන්න කියයි

by Lanka Sara Editor
අප්‍රේල් 25, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

වත්මන් ආණ්ඩුව අවසන් දිනය දක්වාම ගෙනයෑම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 126ට වැඩි පිරිසක් සමඟ ජනාධිපතිවරයාට සහාය පළකරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.
අමාත්‍යවරයා සඳහන් කරන්නේ පසුගිය ජනාධිපතිවරණයෙදි හා මහා මැතිවරණයෙදි පොහොට්ටුවට ඡන්දය දුන් ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීම අත්‍යාවශ්‍ය බවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෝට්ටේ ආසන නියෝජිත සමුළුව අමතමින් පසුගිය දා (22) අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙසේද පැවසීය.

ශ්‍රී ලංකා ⁣පොදුජන පෙරමුණ කවදාවත් මංකොල්ල කාල නෑ.මිනී මරල නෑ.අපේ පක්ෂයේ නායකයො රටට වැඩ කළා මිසක රටට වැරදි වැඩ කරල නෑ. ඒ ගැන අපි ආඩම්බර වෙනවා. අපි මේ පක්ෂය හදල මුලින්ම මුහුණ දුන්නේ පළාත් පාලන මැතිවරණයටයි. එදා අපිව ජයග්‍රහණය කරවන්න ගම් මට්ටමේ ජනතාව විශාල සහයක් දුන්නා. රටේම පළාත් පාලන ආයතනවලින් සියයට 80ක ජයක් අපි ලැබුවා.

ගෝඨාභය රාජපක්ෂ මහත්තය රටට යම් වැඩ පිළිවෙලක් කරන්න හැදුවා. ඔහු එදා ආරක්ෂක ලේකම් ලෙස යුද්ධය නිමා කරන්න මහින්ද රාජපක්ෂ මහත්තයට විශාල ශක්තියක් ලබාදුන්නා. කොවිඩි වසංගතය වෙලාවෙදි ඔහු අපේ රටේ මිනිස්සුන්ගෙ ජීවිත ආරක්ෂා කරන්න ඔහු ගත් පියවර මුළු ලෝකයේම පැසසුමට ලක් වුණා. අවස්ථා දෙකතුනකදි මිනිස්සුන්ගෙ ජීවිත බේරගත්ත නායකයෝ මේ පක්ෂයේ ඉන්නෙ. මෙවැනි පක්ෂයක සාමාජිකයකු වීම ගැන මම ආඩම්බර වෙනවා. ඒ වගේම මම එදා වගේම අදත් හෙටත් මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් කඩේ යනවා. එතුමා කරපු සේවය අපිට අමතක කරන්න බැහැ.

ජනාධිපතිතුමා වසරක් ඇතුළත අභියෝග ජයගත්තා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 126ට වැඩි පිරිසක් සමඟ මේ ආණ්ඩුව ගෙනියන්න අපි රනිල් වික්‍රමසිංහ මහතාට උදව් කරනවා. අපිට ජනාධිපතිවරණයෙදි, මහමැතිවරණයේදී ඡන්දය දීපු මිනිස්සුන්ගෙ බළාපොරොත්තු ඉටුකරන්න ඕන. මේ ශක්තිය බිඳින්න සමහරු උත්සහ ගන්නවා. මහින්ද මහත්තය අගමැති කරන්න හදනව කියල පහුගිය කාලෙ කතාවක් ගියා. මම මේ ගැන එතුමාගෙන් ඇහුව්වා. දිනේෂ් අගමැතිකමට පත්කලේ අපි. ඉතිං මොකටද අපි දිනේෂ් වෙනස් කරන්නේ කියල මහින්ද මහත්තය මට කිව්වා.

දැන් අලුත්ම කතාව සජිත් ප්‍රේමදාස අගමැති වෙනව කියන එකයි.මේ හදන්නෙ අපිව බිඳවන්නයි. මේ ආණ්ඩුව අවසන් දිනය දක්වා ගෙනියන්න අපි උපරිම සහය දෙනවා. වියත්මග හදාගෙන පක්ෂයට ආපු අය අද එළියට ගිහිල්ලා අපිව විවේඡනය කරනවා. හැබැයි පක්ෂය හදන්න මුල්වුණ අය අදත් අපි එක්ක ඉන්නවා. අරගලයට නායකත්වය දුන්නේ ගම හදනවට අකමැති වුණ අයයි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ,මධුර විතානගේ, සංජීව එදිරිමාන්න මෙම අවස්ථාවට සහභාගී වූහ.

Share69Tweet43
Previous Post

අද ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ ප්‍රති ත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල් යයි!

Next Post

පිළිතුරු පත්‍ර ඇගයීම් අද ආරම්භ වනු ඇති! ප්‍රශ්න ඇදුනේ මගේ විෂය පථයෙන් බාහිර කරුණු 03ක් නිසා…අධ්‍යාපන ඇමති කියයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.