බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩුව දණ ගස්සන කුමන්ත්‍රණ දේශපාලකයින් සහ පාතාලයින් එකට සිටින බන්ධනාගාර තුළත් සිදුවිය හැකියි…

by editor
ජූනි 11, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

⁣පසුගිය වෙසක් පෝය දින ජනපති සමාවෙන් සිරකරුවන් නිදහස් කිරීමේදී ජනපතිවරයා විසින් සමාව නුදුන් සිරකරුවකු නිදහස් කිරීම පිළිබඳව සමාජය තුළ කතා බහක් මතු වෙද්දී එම සිද්ධිය ගැන වාර්තා කළ අප සඳහන් කෙරුවේ මෙය මුල්වරට සිදු කරන ලද ක්‍රියාවක් නොවන බවය. අප සඳහන් කළ ආකාරයට එය පොලිස් විමර්ශන වලදී තහවුරු වී ⁣තිබේ.

සැබවින්ම පසුගිය වෙසක් පෝය දින ජනපති සමා නොලැබූ සිරකරුවකු බන්ධනාගාරයෙන් නිදහස් කෙරුවේ තුන් කුළුදුලේ සිදු කළ වැරැද්දක් ලෙස නොවන බව ඉතා පැහැදිලිය. මේ ජාවාරම පසුගිය ආණ්ඩු කාලයේදී මීටත් වඩා කුමන්ත්‍රණකාරීව සිදු කරන්නට ඇත. එසේම මේ ජාවාරම බන්ධනාගරයේ හා අධිකරණ අමාත්‍යංශයේ ඉහළ ඇවරියේ නිළධාරීන් සමග සමූපකාර ක්‍රමයට සිදු කරන ලද්දක් බවටද සැක කළ හැකිය.

එසේ නැතුව බන්ධනාගාර පොඩ්ඩන්ට මෙවැනි ජාවාරමක් ගැන සිතන්නටවත් නොහැකිය.ජානගත ඇබ්බැහි පුරුද්ද නිසාම සිද්ධියට සම්බන්ධ ජාවාරම්කාර යන් ජාජබ ආණ්ඩුවද ගොනාට අන්දන්නට හැකි වෙතැයි සිතන්නට ඇත. එහෙත් ජනාධිපති කාර්යා⁣ලයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැමූ පැමිනිල්ල නිසාම මේ වන විට ජනපති සමාව යොදා ගනිමින් දීර්ඝ කාලයක් තිස්සේ සිදුකරන ලද එම ජාවාරම ගැන තොරතුරු අනාවරණය කරගන්න⁣ට පොලීසිය⁣ට හැකි වී තිබේ.

වෙසක් පෝය දින ජනාධිපති සමාව ලබා නිදහස ලැබූ මුදල් වංචා සිරකරු ගැන ප්‍රථමයෙන් අනාවරණය කෙරුවේ මාධ්‍යයයි. ඉන් අනතුරුව මේ මාධ්‍ය වාර්තා සභාගත කරමින් විපක්ෂයේ නීතිඥ අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කෙරුවේය. සැබවින්ම අජිත් පී පෙරේරා මන්ත්‍රී වරයාගේ දේශපාලනික අපේක්ෂාව වූයේ ජාජබ ආණ්ඩුව අපහසුතාවට පත් කිරීම මිස අන් යමක් නොවේ. එහෙත් ඔහුගේ ඒ මැදිහත් වීම ජාජබ ආණ්ඩුවට වෙස් වලාගත් ආශීර්වාදයක්ම විය.

බන්ධනාගාරයේ ලොක්කන් ගේ දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා කෙරුවාව දැන් හෙළිදරව් වෙමින් පවතී. මෙරට බොහෝ පාතාල ක්‍රියාකාරකම්වල සූදු පිටිය බන්ධනාගාර බව අමුතු වෙන් සඳහන් කළ යුතු නැත. සංවිධානාත්මක අපරාධ බොහෝ දුරට සැළසුම් කෙරෙන්නේ බන්ධනාගාර තුළ දඬුවම් ලබා සිටින පාතාල ක්‍රියාකාරිකයන්ය.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

මේ පාතාල ක්‍රියාකාරිකයන් බන්ධනාගාර තුළ ජීවත් වන්නේද සිටුවරු විදියටය. අතේ මිටේ යහමින් මුදල් ගැවසෙන මොවුන් හා බන්ධනාගාර නිළධාරීන් අතර පවතින්නේද ගජ මිතුරු සම්බන්ධතාවකි. ප්‍රබල දේශපාලඥයන් සිර දඬුවම් ලබා ඒමද බන්ධනාගාර නිළධාරීන්ට කල්ල මරේ ගජ වාසියකි. ඒ එම දේශපාලඥයන් හා ඔවුන්ගේ පවුලේ පණිවුඩකරුවන් වීමෙන් බන්ධනාගාර නිළධාරින්ට අත් පිට වාසි හිමිවෙන බැවිනි. ඒ අතරේ සිර දඬුවම් හෝ රිමාන්ඩ් කිරීම නිසා බන්ධනාගාර ගත⁣ කෙරෙන ප්‍රබල දේශපාලඥයන් හා දඬුවම් ලබා සිටින ලැයිස්තුගත අපරාධකරුවන් අතරත් නව සම්බන්ධතා ගොඩ නැගේ. බන්ධනාගාර තුළ නිර්මාණය වෙමින් පවතින මේ නව වටපිටාව ලේසි පහසු සිද්ධියක් ලෙස ගණන්⁣ නොගෙන සිටීම නම් බරපතලය. ඒ බරපතල කම ආණ්ඩුවට හා සමාජයට දැනේනන්ට පටන් ගන්නේ තව කාලයකදීය.

අධිකරණයෙන් අච්චු කළ හා රිමාන්ඩ් කළ පමණින් ප්‍රබල දේශපාලඥයන් බන්ධනාගාරය⁣ට ගාල් කරන විට ඒ තුළදී ඔවුන්ගේ කෙරුවාවන් ගැනද විපරමේ සිටීම වැදගත්ය. ඒ ගිනි සහ වෙඩි බෙහෙත් සමීප වී ඇති නිසාය. ඇතැම් විට ඊළඟ රජය පෙරළීමේ කුමන්ත්‍රණය මතු විය හැක්කේ බන්ධනාගාරය තුළින්ම වන්ටද පුළුවන. ඒ මන්ද යත් බන්ධනාගාර ගත කෙරෙන දූෂිත දේශපාලඥයන් ⁣බොහෝ දෙනෙකු සුපිරි ධනවතුන්ය. දැන් ඔවුන් සමීපයේ ගැවසෙන්නේ පාතාල අපරාධකරුවන්ය. ආණ්ඩුවට එරෙහිව සමා⁣ජය තුළ ගිනි ඇවිලවීම මේ දෙපාර්ශවය⁣ට සිම්පල් වැඩකි. පාතාල අපරාධකරුවන්ට ඒ සඳහා ශක්තිය තිබේ. දඬුවම් ලබා සිටින දූෂිත දේශපාලඥයන්ට එම ශක්තිය ක්‍රියාවේ යෙදවීම පිණිස මුල්‍යමය හා දේශපාලනික හයිය පවතී.ආණ්ඩුව නොපමාව ඒ ගැන අවධානය යොමු කළ යුතුය.

ආණ්ඩුවේ ඇතැම් කෙරුමන් විසින් ආරක්ෂාව ගැන සහතික වෙමින් පවසන පම්පෝරි ටියුෂන් කතන්දර නම් නිතරම අසන්නට ලැබේ. එහෙත් සමාජය බරපතල විපතකට පත් වූ විට ඒ පම්පොරි කාරයන් ගේ හෙවනැල්ලවත් හොයා ගන්නට නැත. බන්ධනාගාර තුළ නිර්මාණය වෙමින් පවතින එම නව පෝරිසාද සංස්කෘතිය ගැන මෙවුන්දැලා හිතන්නට තබා ඒ ගැන හයක් හතරක් නොදන්නා බවත් පැහැදිලිය. බන්ධනාගාර තුළ ඇතිවන මේ පෝරිසාද සංස්කෘතිය හරහා සමාජය තුළ වෙනත් හැඩයකින් අපරාධ සිදු වීමේ ඉඩ කඩ පවතී. අප මේ අනතුරු අඟවන්නේ සිදු විය හැකි දෙයක් ගැන මිස වැල් බයිලා නොවන බව ආණ්ඩුවේ ආරක්ෂක කෙරුම්කාරයන් වටහා ගත යුතුය.

එසේ නම් මේ පිළිබඳව ආණ්ඩුවේ මැදිහත් වීම කවර ආකාරයේ විය යුතුද යන්න ගැන අපට ඉතා සිම්පල් අදහසක් තිබේ. ඒ බන්ධනාගාර තුළ සිටින බරපතල ගණයේ අපරාධකරුවන් සමග සිර දඬුවම් හා රිමාන්ඩ් කරන දූෂිත දේශපාලඥයන් අතර සමීපතම ගණුදෙනු සිදු වීම වැලැක්වීමයි. ඒ සඳහා ගත යුතු උපාය උපක්‍රම සැළසුම් කිරීම ආණ්ඩුවේ ආරක්ෂක ලොක්කන්ගේ වගකීමයි.

සිරදඬුවම් ලබා බන්ධනාගාර ගතවන දූෂිත දේශපාලඥයන් සිටින්නේ ජනපති අනුර සහෝදරයා හා බද්ධ වෛරයෙන් බවද අප අමතක කළ යුතු නැත. ජාජබ ආණ්ඩුවේ ප්‍රබලම ඉන්ද්‍රීය ජනපති අනුර සහෝදරයා බවද මොවුන් දනී. කවර හෝ වත්කමක් වැය කර සිය නිදහස ලබා ගැනීමට මේ දූෂිතයන් රැළ ක්‍රියා කරන බව නිසැකය. ඒ ක්‍රියා කිරීම නිර්වචනය වන්නේ මෙලේච්ඡත්වය මිස අන් යමක් ලෙස නොවේ. එහිදී මේ මෙලෙච්ඡත්වය හා ගලපා ගැනීමට උචිත මෙවලම් බන්ධනාගාරය තුළ සිටී. ජනපති අනුර සහෝදරයාගේ ආරක්ෂාව සිල්ලර නොවිය යුතු වන්නේ ඒ නිසාය. ඉදිරි කාලයේදී අධිකරණ ක්‍රියා මාර්ග ගන්නා දූෂිත දේශපාලඥයන් ගේ පෝලිම දිගු වත්ම එම වටපිටාව තවත් බැරෑරුම් විය හැකිය.

ඉදිරි කාලයේදී ආණ්ඩුවට බර තබා ගණුදෙනු කරන්නට සිද්ධ වන්නේ විරුද්ධ පක්ෂයේ දේශපාලනික වෛරය සමගය. ඒ වෛරය මුදා හරින මූලස්ථානය විය හැක්කේ බන්ධනාගාරය බව අපි සිහිපත් කරමු.

එය එසේ වන්නා සේම ආණ්ඩුවේ බොහෝ ආරක්ෂක ප්‍රධානීන්ගේ කෙරුවාව ගැන අපට ලැබෙන තොරතුරුද එතරම් සුබදායක නැත. එහිදී පොලීසියේ හමුදාවේ ලොක්කන් බොහෝ දෙනෙකු තවමත් සිටින්නේ රාජපක්ෂලා ගැන සිහින මවමිනි.

මේ සියල්ල ගැන සිතන විට අප⁣ට අසන්නට ලැබෙන්නේ ජාජබ ආණ්ඩුව තවමත් විශ්වාස කර ගෙන සිටින්නේ රාජපක්ෂලා සමීපයේ ඇති දැඩි වුන පොලීසියේ ඇතැම් නිලමක්කාරයන් ගැන බවය. පොලීසියේ පමණනක් නොවේ. රජයේ ඉහළ තානාන්තර වල රාජකාරි කරන රාජපක්ෂ ජානගත නිළමක්කාරයන් ගැනද ආණ්ඩුවේ සිතීම එහෙමය.

මේ උන්නැහේලාගේ රාජකාරිය ගැන සොයා බලද්දී අපට සිහිපත් වන්නේ රාජසිංහ රජ දවස ගමරාළ කෙනෙකු හා කෝරාළ කෙනෙකු අතර ඇතිවූ හබයකට අන්දරේ සාක්ෂි කියු කතාවය.

තමන්ගේ ⁣ කුඹුරට වැද හානි කළ කෝරාළගේ මී ගවයා ගමරාළ විසින් කණුවක බැඳ ගැට ගසා ගත්තේය. කෝරාළ ඒ පිළිබඳව රජතුමාට පැමිණිලි කෙරුවේ ගමරාළ තමන්ගේ හරකා බලහත්කාරයෙන් බැඳ ගෙන සිටින බවටය.

රජු නඩුව විමසීමේදී කෝරාළගෙන් මුලින්ම ඇසුවේ මී ගවයා ඔහුගේ බවට ඔප්පු කළ හැකිද යන්නය.

දහසක් බුදු වන්ඩ රජතුමණි මේ හරකාගේ හිමිකරු මා බවට සද්ද විද්ද පළඟ පතිර රජ වාසල කවට කතික අන්දරේ සාක්ෂි දෙනවා අවසර යැයි කෝරාළ පැවසීය.

අනතුරුව සාක්ෂි දීම සඳහා අන්දරේ කැඳවීය. ගමරාළ තරහ කර ගත්තොත් ගමේ සිටින්නට බැරිය.කෝරාළ තරහ කර ගත්තොත් කෝරලේ ජීවත්වන්නට නොහැකිය. අන්දරේට කල්පනා විය. එහෙත් සාක්ෂි නොදී මග හරින්ටත් බැරිය.

අන්දරේ හරකා පරීක්ෂා කරමින් වටයක් දෙකක් ගියේය. ඉන් පසු රජතුමා ඇමතීය

දහසක් බුදුවන්ඩ දේවයන් වහන්ස. මේ මීමාගේ මූණ පැත්ත බලන විට හරියටම කෝරළගේ වාගේය. මීමාගේ පස්ස පැත්ත හෙවත් කුස්සිය පැත්ත බලන විට ඌ හරියටම ගමරාළ ගේ වාගේය. මගේ සාක්කිය නිමියේය. ඉතුරු හරියට දෙයියෝ සාක්කි යැයි අන්දරේ සාක්කිය හමාර කෙරුවේය.

දෙපැත්තෙන් එක පැත්තක් තරහ කර නොකර ගෙන අන්දරේ සාක්ෂි කිව්වේ එහෙමය.

ආණ්ඩුවට සමීප වී සි⁣ටින රජපක්ෂ ජානගත රජයේ බොහෝ නිළමක්කාරයන්ගේ රාජකාරිය හරියටම අන්දරේගේ සාක්ෂියට සමාන බව ඒ පැත්තෙන් අසන්නට හා කියවන්නට ලැබෙන තොරතුරු වලින් අපට සිතේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපති ජර්මානු නිල සංචාරය සඳහා දිවයිනෙන් පිටත්ව යයි

Next Post

බහුතරය විපක්ෂයට තිබුණ බණ්ඩාරවෙල මහ නගර සභාවේ බලය මාලිමාව පිහිටුවයි…

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.