රාගම රෝහලේ කොවිඩ් 19 වෛරසය වැළඳී ඇතැයි සැක සහිතව ප්‍රථිකාර ලබමින් සිටි පෑලියගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙක් රෝහලෙන් පැන ගියේය. එම පුද්ගලයා හඳුනා ගැනීමට පොලිසිය මහජන සහය පතයි.
ඒ සමගම ගම්පහ දිස්ත්‍රික්කයේ පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීමෙන් පසු කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ රෝගීන් ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා ගෙන යාමට ඔවුන්ගේ නිවෙස් වෙත ගිලන් රථ යැවුවද මෙම රෝගීන් අතරින් සමහරුන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යාම ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් පවතින බවත් එසේ ප්‍රතිකාර සඳහා යොමු නොවී මග හැරීම නිරෝධායන පනත යටතේ වරදක් හෙයින් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමටද සිදුවනු ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිඅරච්චි මහත්මිය අවධාරණය කරයි.
රජයේ නිල පුවත් සේවාව වෙත නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරිවය පවසන්නේ ශ්‍රී ලාංකික ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන සළකා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිවෙස් වෙත යොමු කරනු ලබන ගිලන් රථ මගින් ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යාමට පියවර ගන්නා ලෙසය.
ගම්පහ දසිත්‍ර්ක්කයේ බහුල වශයෙන් ව්‍යප්ත වන බැවින් එම ප්‍රෙද්ශයේ සිදු කෙරෙන පීසී ආර් පරීක්ෂණ ප්‍රමාණය වැඩි කොට ඇති අකර ඒ අනුව මෙසේ රෝගීන් හඳුනා ගෙන ඇත.