සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අවුරුදු 10ට වැඩි සේවා කාලයක් සැපිරූ ගුරුවරු අනීතිකව  නාලන්දාවේ රඳවාගෙන නැතිලු… ඉන්න කෙනා ඉන්නෙත් අධ්‍යාපන ලේකම්ගේ අවසරයකින් බව නාලන්දා විදුහල්පති කියයි.

by editor
සැප්තැම්බර් 13, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

වසර 10ක සේවා කාලයක් සැපිරූ ගුරුවරුන් නාලන්දා විද්‍යාලයේ සේවය කරන බවට වාර්තා වුන තොරතුරු අනුව ලංකාසර වාර්තා කළ ප්‍රවෘත්තිය ප්‍රතික්ෂේ කරමින් නාලන්දා විද්‍යාලයේ ගුරුවරු විදුහල්පති සහ ආදිශිෂ්‍යයින් නමින් ඊ මේල් පණිවිඩයක් ලැබී තිබේ.

එම ඊ මේල් පණිවිඩය මෙසේය.

“නාලන්දා විද්‍යාලයට අලුත් නීතියක්ද?….. අවුරුදු 10 කට වැඩි සේවා කාලයක් සහිත ගුරුවරු මාරු කරලා අනුප්‍රාප්තිකයෝ එව්වත් මාරු කල ගුරුවරු යන්නෑ …” යන ශීර්ෂය යටතේ ඔබගේ වෙබ් අඩවිය තුළ   පළකර ඇති ලිපිය සාවද්‍ය බව දැනුම් දෙමු.

  • දැනට, වසර 10 ක සේවා කාලය සපුරූ ගුරුවරුන්ගේ ස්ථාන මාරු අධ්‍යාපන අමාත්‍යාංශයේ නීති සහ උපදෙස් අනුව සිදුවේ.
  • එබැවින්, ඔබගේ වෙබ් අඩවියෙහි පළකර ඇති මෙම ලිපිය අසත්‍ය සහ සාවද්‍ය පුවතක් බව අවධාරණය කරමින්, එය කඩිනමින් ඉවත් කරගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.
  • එමෙන්ම, මෙම අසත්‍ය පුවත පිළිබඳව ඔබ ආයතනය විදුහල්පතිතුමාගෙන්, ගුරු මණ්ඩලයගෙන් සහ ආදි ශිෂ්‍ය සංගමයෙන් සමාව ලබා ගත යුතු බවත් සිහි කැදවමු.
  • මෙම විද්‍යාලයේ වසර 10 කට වැඩි සේවා කාලයක් සහිත ගුරුවරුන් රඳවා නොගන්නා අතර, එහෙත් වෙනත් කොළඹ පාසල් කිහිපයක එවන් අවස්ථා පැවතිය හැකි බවත් මතක් කරමු.
  • එබැවින්, මෙම පුවත කඩිනමින් ඉවත් නොකළහොත්, එයට අදාළව ප්‍රවෘත්ති ප්‍රකාශන මණ්ඩලය හරහා අවශ්‍ය නීතිමය කටයුතු කඩිනමින් ගනු ලබන බව දන්වා සිටිමු.

මෙම ඊ මේල් පණිවිඩය එවීමෙන් අනතුරුව ලංකාසරට කතාකළ නාලන්දා විදුහල්පති මෙම පුවත සම්බන්ධව දැඩි අවේගකාරී, තර්ජනාත්මක  මෙන්ම විවේචනාත්මක කරුණු දැක්වීමක් ද කරනු ලැබුවේය.

නාලන්ද විද්‍යාලයේ විදුහල්පති ප්‍රකාශ කළේ අවුරුදු 10ක    සේවා කාලයක් සැපිරූ එකම ගුරුවරයෙක්වත් අනීතිකව සිය පාසලේ නැති බවත්, අධ්‍යාපන ලේකම්වරයාගේ අවසරය මත අවුරුදු 10 ඉක්මවූ එක් ගුරුවරයෙක් සිය දරුවා පාසලට ඇතුළත් කරගැනීමේ පදනම මත සේවය කරන බවත්ය.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

හැකිනම් එසේ සිටිනා ගුරුවරයා සම්බන්ධව සාක්ෂි ඉදිරිපත් කරන ලෙසට අභියෝගයක් ද කළේය.

ලංකාසර වාර්තා කළ පුවත මුළුමනින්ම ප්‍රතික්‍ෂේප කරන බවය. කොළඹ  වෙනත් පාසල්වල ගුරුවරුන් මේ ආකාරයෙන් රඳවා තබාගෙන සිටිය දී ඒ සම්බන්ධව හෙළි නොකර කිසිම වරදක් නැති සිය පාසල සම්බන්ධව චෝදනා කිරීම සාපරාධී ක්‍රියාවක් බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකරට වරෙන්තු…

Next Post

කළුතර විද්‍යාලය අර්බුදයක…

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.