අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අවාරයේ සිරිපා කරුණාවට ටිකට් කඩන වනජීවියට එරෙහිව  අද නල්ලතන්නිය වනජීවී කාර්යාලය අසල  විරෝධතාවයක්…

ශ්‍රී පාදස්ථාන නා හිමිගේ විරෝධය පහළට පැතිරේ...

by editor
ඔක්තෝබර් 8, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

හැටන් රංජිත් රාජපක්ෂ –

අවාරයේ ශ්‍රි පාදස්ථානයේ සංචාරයන් සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගෙන් මුදල් අයකර ප්‍රවේශපත්‍ර නිකුත් කිරිමට විරෝධය පාමින් මහා සංඝ රත්නය සහ නල්ලතන්නිය ප්‍රදේශවාසින් පිරිසක් එක්ව අද (08) දින නල්ලතන්නිය වනජිවී කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නියැලුනහ.

වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් 2022 වසරේ අවාරයේ ශ්‍රි පාදස්ථානය සංචාරය කරන දෙස් විදෙස් සංචාරකයන්ගෙන් මුදල් අයකර ප්‍රවේශපත්‍රයක් නිකුත් කිරිම සඳහා ගැසට් පත්‍රයක් නිකුත් කර තිබුණි.

එම ගැසට් පත්‍රය අනුව නල්ලතන්නිය සහ රත්නපුර පලාබද්දල වනජිවී කාර්යාලවලින් අවාරයේ ශ්‍රි පාදස්ථානය සංචාරය කරන විදෙස් සංචාරකයෙකුගෙන් ඩොලර් 5 ක මුදලක් , සාර්ක් කලාපිය රටවල් වලින් පැමිණෙන සංචාරකයන් සඳහා ඩොලර් 4ක මුදලක්ද , දේශීය සංචාරකයන්ගෙන් රු 40 මුදලක් ද අය කර ප්‍රවේශපත්‍ර නිකුත් කරන අතර , එම ප්‍රවේශපත්‍ර නොමැතිව කිසිදු සංචාරකයෙකුට අවාරයේ ශ්‍රි පාදස්ථානය සංචාරය කිරිමට තහනම් කර ඇත.

ඒ අනුව ඉකුත් (04) දින සිට එම කාර්යාල දෙකෙන්ම දෙස් විදෙස් සංචාරකයන් සඳහා මුදල් අයකර ප්‍රවේශපත්‍ර නිකුත් කිරිමට විරෝධය පාමින් මහා සංඝ රත්නය , නල්ලතන්නිය ප්‍රදේශවාසීන්  සහ ශ්‍රී පාදස්ථානයේ සංචාරයක් සඳහා පැමිණි විදේශිය සංචාරකයින් පිරිසක් එක්ව (08) දින විරෝධතාවයේ නියැලි සිටිහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

නල්ලතන්නිය කල්ප රුක්ෂ විහාරස්ථානයේ විහාරාධිපති දෙහිපේ නන්ද හිමියන්ගේ අනුශාසකත්වය යටතේ නල්ලතන්නිය සංචාරක නිවාඩු නිකේතන හිමියන්ගේ සංගමය , ත්‍රිරෝද රථ සහ වෑන් රථ සංගමය , සංචාරක මග පෙන්වන්නන්ගේ සංගමය සහ ප්‍රදේශවාසින් එක්ව මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණි.

එම පිරිස නල්ලතන්නිය සිට ශ්‍රි පාදස්ථාන මාර්ගයේ මකර තොරණ ප්‍රදේශයේ පිහිටි නල්ලතන්නිය වනජිවි කාර්යාලය වෙත හේවිසි වාදන මැද්දේ පෙරහැරකින් ගොස් එම ස්ථානයේ විරෝධය දක්වා එම කාර්යාලයේ සේවයේ යෙදි සිටින වනජිවි නිලධාරින් වෙත වනජිවි අධ්‍යක්ෂක ජෙනරාල්වරයා වෙත භාරදිම සඳහා සංදේශයක්ද භාරදෙනු ලැබුහ.

නල්ලතන්නිය කල්ප රුක්ෂ විහාරස්ථානයේ විහාරාධිපති දෙහිපේ නන්ද හිමියන් මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රි පාදස්ථාන මාර්ගය වනජිවි සහ වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවට අයත් රක්ෂිතයක් හරහා ස්ථාපනය කර තිබුණද එම මාර්ගයේ අලුත්වැඩියා කටයුතු සහ එම මාර්ගයේ ගමන් ගන්නා බැතිමතුන් , සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් සලසනු ලබන්නේ ශ්‍රි පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් මැදිහත් විමෙන් බවය.

ඒ සදහා වනජිවි සහ වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් කිසිදු ප්‍රතිපාදනයක් ලබානොදෙන බවද උන් වහන්සේ කීහ.

ශ්‍රී පාදස්ථානය

නල්ලතන්නිය සංචාරක නිවාඩු නිකේතන හිමියන්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්.එම්.ශාන්ත කුමාර   කියා සිටියේ අවාරයේදි ශ්‍රි පාදස්ථානයේ සංචාරය සඳහා දෙස් විදෙස් සංචාරකයන් ඉතා සිමිත ප්‍රමාණයක් ඉර සේවය නැරඹිම සඳහා පැමිණෙන බවය.  එම සංචාරකයන්ගෙන් මුදල් අයකර ප්‍රවේශපත්‍ර නිකුත්  කිරීමෙන් අවාරයේ එම පිරිස ශ්‍රි පාදස්ථානයේ සංචාරය කිරිමෙන් වැලකි සිටිමේ අවදානමක් පවතින බවත් ඔහු පැවසුවේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සහ වනජිවි සහ වන සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිටද නල්ලතන්නිය ප්‍රදේශවාසින්ගේ විරෝධතාවය දක්වන ලිපි යොමු කිරිමට පියවර ගෙන ඇති බවත් ඔහු පැවසුවේය.

ශ්‍රි පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් කියා සිටින්නේ එම ගැසට් පත්‍රය අනුව ශ්‍රි පාදස්ථානයට රක්ෂිතය හරහා පිවිසෙන සංවර්ධනය නොකල මාර්ග වල පැමිණෙන සංචාරකයන්ගෙන් පමණක් මුදල් අය කර ප්‍රවේශපත්‍ර නිකුත් කරන ලෙසට ගැසට් පත්‍රයේ සඳහන් කර තිබියදි නල්ලතන්නිය ශ්‍රි පාදස්ථාන මාර්ගයේ සහ රත්නපුර ශ්‍රී පාදස්ථාන මාර්ගය ස්භාවික මාර්ග නොවන බවත්, එය ඉදිකළ මාර්ගයක් නිසා එම මාර්ගයේ ගමන් කරන දෙස් විදෙස් සංචාරකයන්ගෙන් මුදල් අය කර ප්‍රවේශපත්‍ර නිකුත් කිරිමට තමන් දැඩි ලෙස විරුද්ධ වන බවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සූරිය වැව ගොවි මහතෙක් වන අලි ප්‍රහාරයකින් මිය යයි!

Next Post

සිංහලයින් අත පල්ලෙන් වැටුණ නැගෙනහිර පළාතට රටේ නීතිය ඉල්ලා අම්පිටියේ සුමනරතන හිමියන් දිවුලපතාන ගැමියන් සමග විරෝධතාවයක…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.