සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අලුත් දුම්රිය කට්ටල ගේන්න තව අවුරුදු දෙක හමාරක් විතර යාවි… නිරන්තර දුම්රිය අවලංගුව වලක්වන සැලසුම්වල ප්‍රතිඵල ක්ෂණික නෑ…

නියෝජ්‍ය ඇමති පාර්ලිමේන්තුවට කියයි....

by editor
ඔක්තෝබර් 23, 2025
in පුවත්
TRAIN-1
Share on FacebookShare on Twitter

මේ වනවිට ටෙන්ඩර් කැඳවා ඇති දුම්රිය කට්ටල සඳහා වූ කටයුතු අවසන් වනවිට මේ වසර අග වනු ඇති බවත්, එම ටෙන්ඩර වෙනුවෙන් දුම්රිය නිපදවා ලංකාවට ලබා ගැනීමට තවත් වසර දෙක හමාරක් තුනක් පමණ ගත වනු ඇති බවත් ප්‍රවාහන නියෝජ්‍ය ඇමති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

ඔහු පෙන්වා දෙන්නේ දුම්රිය අමතර කොටස් සඳහා මේ වනවිට ලැබෙමින් ඇත්තේ 2023 දී සිදුකළ ප්‍රසම්පාදනයන් බවය. මේ සියලුම ප්‍රායෝගික තත්ත්වයන් යටතේ භෞතික සම්පත් මෙන්ම මානව සම්පත් දියුණු කරගෙන දුම්රිය සේවාව දියුණු කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක බව ද එහි ප්‍රතිඵල ක්ෂණයකින් නොලැබෙන බවද ඇමතිවරයා කීවේය.

ඔහු පැවසුවේ මෙවැන්නකි.

පවතින දුම්රිය වර්ෂ ගණනාවක් පැරණියි. දුම්රිය ගමන් වාර කැන්සල් වෙනවා. අලුත් දුම්රිය අවශ්‍යයයි.  දැන් දුම්රිය බලවේග කට්ටල ඇන්ජින් තියෙන්නේ අවුරුදු 40ක් 50ක් පැරණි ඒවා. මේවා රෙපෙයාර් කරලා දැම්මත් ආයෙත් රෙපෙයාර් සඳහා එනවා.  ඒ නිසා දවසකට දුම්රිය වාර අවලංගු වෙන ප්‍රමාණය වැඩියි.

අලුත් බලවේග කට්ටල 05ක් ආනයනය කරන්න ටෙන්ඩර් කටයුතු අවසන් වෙලා තියනවා. මේ අවුරුද්ද අවසන් වෙනකොට අපට ටෙන්ඩර් කෝල් කරගන්න පුලුවන් වේවි කියලා හිතනවා. සාමාන්‍යයෙන් වාහනය සඳහා වෑන් එකක් බස් එකක් ගේනවා වගේ දුම්රියක් ගේන්න බෑ. දුම්රියක් ලංකාවේ රේල් පීලිවලට සහ දුම්රිය උමං පද්ධතියට ගැලපෙන විදිහට අපි හදන්න ඕන. ඩිසයින් පාර්ට් එකට ලොකු කාලයක් ගත වෙනවා.

RelatedPosts

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ලබන අවුරුද්ද මුල ලබා දුන්නත් දුම්රිය කට්ටල පහ ලංකාවට එනකොට වසර දෙක හමාරක තුනක් ගත වෙනවා දුම්රිය කට්ටල පහ ලංකාවට එනකොට.

නමුත් මේ වෙනකම් දුම්රිය සේවය පවත්වා ගත යුතුයි. ඒ සඳහා මානව සම්පත සහ භෞතික සම්පත වැඩි කරගත යුතුයි. භෞතික සම්පත වැඩිකරගැනිම පැත්තෙන් දැන් ප්‍රසම්පාදන කටයුතු සිදුවෙන්නේ 2023 සිට ඇනවුම් කරන ලද අමතර කොටස්… ඒ අමතර කොටස් තමයි දැන් ලැබෙන්නේ.

මේ නිසා අපි ප්‍රසම්පාදන මීට වඩා ක්‍රමවත්ව සහ පිළිවෙළකට කරන්න වැඩසටහනක් හදලා තියනවා. තව මාස හයක් යනකොට මීට වඩා හොඳ තැනකට ගන්න හැකි වේවි.

විවිධ ක්‍රම පටන් ගත්තා. ප්‍රතිඵල ලැබෙන්නේ සෙමෙන්. අනෙක් ආයතනවල වගේ ක්ෂණික ප්‍රතිඵල ගන්න බෑ. අපි බලාපොරොත්තු වෙන තරම් ඉක්මනට ඉලක්ක වෙත යන්න බැරි වෙලා තියනවා.

දුම්රිය රියදුරන්ගේ හිඟයි. තරග විභාගයට ලියා සමත් වී සිටින 162ක් ඉන්නවා බඳවා ගන්න. ඊයේ අද හෙට සම්මුඛ පරික්ෂණ තියනවා. මානව සම්පත  අවුරුද්දක් ඇතුළත සම්පූර්ණ කරගන්න පුලුවන්. ඒත්  භෞතික සම්පත් හිමින් සීරුවේ ලබා දෙන්න වෙන්නේ.  “ නියෝජ්‍ය ඇමතිවරයා කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලසා මරන සැලැස්මේ මහජන ආරක්ෂක ඇමතිත් ඉන්නවාදැයි සැකයි… මුජිබර් පාර්ලිමේන්තුවේ දී කියයි…

Next Post

වඩිවේල් සුරේෂ්,  සියඹලාපිටිය, මහින්දානන්ද ඇතුළු දේශපාලකයින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ අත්කරගත් මහා පරිමාණ ඉඩම් ගැන පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි!

Related Posts

HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
පුවත්

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.