සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අර්චුනා මන්ත්‍රී බලතල භාවිතා කර යාපනය රෝහලට කඩා වැදී යකා නටලා…. රෝහල් අධ්‍යක්ෂ පොලිසියට පැමිණිලි කරයි… අර්ජුනාගේ නට් ලූස් ද?… නැතිනම් වැඩ කරන්නේ සඟවුන න්‍යාය පත්‍රයකට ද?…

by editor
දෙසැම්බර් 10, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

ස්වාධීනව තරග කොට යාපනය දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ රාමනාදන් අර්ජුනා මන්ත්‍රීවරයා මන්ත්‍රී බලතල භාවිතා කරමින් යාපනය ශික්ෂණ රෝහලට කඩා වැදී රෝහලේ වෛද්‍යවරුන්ට කාර්ය මණ්ඩලයට බැණ වදිමින් පහර දීමට උත්සාහ කළ බවට ඊයේ (09) යාපනය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ.

එම පැමිණිල්ල යොමු කොට ඇත්තේ යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ පී.සත්‍යමූර්ති විසිනි. යාපනය පොලීසිය ප්‍රකාශ කළේ එම පැමිණිල්ලට අනුව පරීක්ෂණ ආරම්භ කොට ඇති බවය.

මේ මන්ත්‍රීවරයා වෛද්‍යවරයෙකු වන අතර ඔහු චාවකච්චේරිය රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ කාලයේදී රෝහල තුළ දැඩි නොසන්සුන් තත්වයක් ඇති කිරීමේ චෝදනාව මත ඔහුට එරෙහිව පැමිණිලි කීපයක්ම දමා තිබුණි.

අනතුරුව අධිකරණය හමුව පෙනී සිටින ලෙසටද ඔහුට නියෝග ලැබුණි. එම සිද්ධියෙන් පසුව මන්නාරම රෝහලටද රාත්‍රී කාලයේ බලහත්කාරයෙන් කඩා වැදී රෝහලේ වෛද්‍යවරුන්ට හා කාර්ය මණ්ඩලයට පහර දීමට උත්සාහ කළේය. ඊට එරෙහිවද පැමිණිලි කීපයක් යොමු වීම මත ඔහුට මන්නාරම අධිකරණයේද නඩු පැවරුණි.

RelatedPosts

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

පාර්ලිමේන්තුවට තේරී පත් වී එහි ගිය මුල්ම දිනයේ විපක්ෂනායකවරයාට වෙන් වූ ආසනයේ බලහත්කාරයෙන් වාඩි වී එහිදීද මේ මන්ත්‍රීවරයා විශාල කලබැගෑනියක් ඇති කළේය. ඉන් පසුව එල්.ටී..ටී.ඊ සංවිධානයට පක්ෂපාතීව ප්‍රකාශයක් කිරීම නිසා පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමටද පියවර ගෙන තිබේ.

මෙවර යාපනය ශීක්ෂණ රෝහලට ඔහු කඩා පැන ඇත්තේ මන්ත්‍රී බලතල පෙන්වා රෝහලේ ආරක්ෂක නිලධාරීන්ටද තර්ජනය කරමිනි. බලහත්කාරයෙන් රෝහල තුළට කඩා වැදුණු ඔහු හමු වූ සියලුම වෛද්‍යවරුන්ට හා රෝහල් කාර්ය මණ්ඩලයට බැනවදිමින් පහර දීමට තැත් කොට ඇති අතර රෝහල් පාලනය නිර්දය ලෙස විවේචනය කරමින් කෑ කෝ ගසා ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගැසට් එක වැඩ… නව පාලන මිල පැනවීමට පෙර රුපියල් 242ක තොග මිලට දකුණට බෙදා හැරිය රතු කැකුළු තොග යළි කැඳවීමට මෝල් හිමියෝ සැරසෙති… සිල්ලර වෙළෙන්දන් කිලෝවක් සඳහා රුපියල් 28ක අයුතු ලාභයක් ලබලා….

Next Post

කතා නායකවරයාගේ සුදුසුකම් ගැන වගකීම් සහිත ප්‍රකාශයක් ඔහු විසින්ම සිදුකරාවි… කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කියයි!

Related Posts

dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !
  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.