බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අරලගංවිල මහවැලි බීජ ගොවිපොළේ වී ගබඩාව රැකගන්න ඇටවූ විදුලි රැහනක ගැටී වන අලියෙක් මරුට… ගොවිපල කළමණාකරු අත්අඩංගුවට!

by editor
මැයි 8, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් අරලගංවිල මහවැලි බීජ ගොවිපොළේ වී ගබඩාව ආරක්ෂා කර ගැනීම සඳහා, වෙසක් පොහෝදා  ඇද තිබූ  අනවසර විදුලි රැහැන් පද්ධතියේ ගැටී වන අලියකු මියයෑමේ සිද්ධියට සම්බන්ධ එම බීජ ගොවිපලේ කළමනාකාරවරයා අද  ( 8 ) වෙනිදා පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව වෙහෙරගල වනජීවී කාර්යාලය සඳහන් කරයි.

ඉකුත් වෙසක් පොහෝ දිනයේ ගොවිපොළේ වී ගබඩාව  වන අලින්ගෙන් ආරක්ෂා  කරගැනීම සඳහා අදාල කළමනාකාරවරයා විසින් නීති විරෝධී අයුරින් ඇද තිබූ විදුලි කම්බි වල ගැටී  අවුරුදු 35 ක් පමණ වයසැති වන අලියෙකු එම ස්ථානයේ මියගොස් ඇති බවත්, අත්අඩංගුවටගත්  කළමනාකාරවරයා පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට අද ( 8 ) වෙ  ඉදිරිපත් කිරීමට  කටයුතු කර ඇති බව පිඹුරත්තෑව අඩවි ආරක්ෂක ඩබ්ලිව්. ජී.   වීරසේන   අප කළ විමසීමකදී පැවසීය,

සැකකාර කළමනාකාරවරයා මහවැලි බී කලාපයේ රජකාරි කරන  පලාපත්වල මාතලේ ප්‍රදේශ්යේ පදිංචිකරුවෙකු වන බවද අඩවි ආරක්ෂක නිලධාරියා  කීය.

මීට  අමතරව වෙසක් සතියේම දිඹුලාගල බදනාගල ගම්මානයේ ලිඳක් අසල වතුර මෝටරයක් සඳහා ඇද තිබු අනවසර විදුලි රැහැනක ගැටී  අවුරුදු දහයක් පමණ වයසැති අලි පැටියකු  මියයෑමෙ  සිද්ධියට සම්බන්ධ එම නිවසේ හිමිකරු අත්අඩංගුවටගෙන පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මහවැලි බී කලාපයේ පමණක් වෙසක් සතිය ඇතුළත වන අලි ප්‍රහාරවලින් මනම්පිටියේ සහ  අරලගංවිල යන ප්‍රදේශවල කිරි ගොවියෙකු සහ ගොවිමහතෙකු මියගොස් ඇත.

වන අලින් ජීවිත හා දේපළ රැසකට හානි සිදුකර ඇති බවත්, මේ දිනවල වන අලි ගම්වැදීම වැඩිවී ඇති බවත්  පොළොන්නරුව, මනම්පිටිය, පිඹුරත්තෑව, වැලිකන්ද, යන වනජීවි කාර්යාලවලට නිලධාරීහු සඳහන් කළහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආනයනික පිටි මිල වැඩි කළාට බේකරි නිශ්පාදනවල මිල වැඩි වෙන්නේ නෑ… බේකරි හිමියෝ කියති!

Next Post

දැරියකට ලිංගික බලපෑම් කළ ගුරුවරයෙක් නිසා පාසලක් වැසේ!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.