සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අරගලකාරීන්ට උපදෙස් මාලාවක්!

by editor
අප්‍රේල් 18, 2022
in පුවත්
colum
Share on FacebookShare on Twitter

අරගලයක් කරද්දී අනුගමනය කළ යුතු නිවැරදි ක්‍රමවේදයක් මොනවාදැයි මේ දිනවල තැනින් තැන කතා බස් වෙමින් පවතියි. ඊට මූලික හේතුව වී ඇත්තේ නිශ්චිත පුද්ගල නායකත්වයක් නැති පුරවැසි පුරෝගාමීත්වයෙන් ඇරඹී ඉතිහාසයේ මෙතෙක් නොවීවිරෑ අරගලයක් සක්‍රීය වී තිබීමය.

අරගල කිරීමේ මනා පලපුරැද්දක් ඇති නම් ගම් හෙළි කිරීමට අකමැති වූ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරැ දෙදෙනෙක් ඉදිරිපත් කළ අවංක උපදෙස් පහත පරිදිය.

1. සංගීතය – නර්තනය – කලාව අරගලයට අකැපය

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී : අරගලය කියන්නේ මොකක්ද කියලවත් මේ ළමයින්ට තේරෙන්නෙ නෑනේ. සිංදු කිය කිය බජව් දානවද අරගලවලදී? ඒකට අපි නම් ගන්නේ ගල් කාලටයි – බත් පැකට් එකයි – රැපියල් පන්සීයයි පඩියට එන සෙට් එකක්. කුඩු පැකට් එකකුත් දුන්නනම් උන් ගිනි අව්වේ මෝලම් පාර ගහලා නටනවා බලන්න අප්පිරිය හිතෙන්න.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

විපක්ෂ මන්ත්‍රී : කැරළි ගැහිල්ලත් කලාවක් කියලා ඔය කවුද හාදයෙක් කියලා තියෙනවා කමයි. අරගලේ කියන්නේ ජීවන ගීතය ලු. නැටුම සංවේදනා ප්‍රකාශයක් ලු. අරගලයත් විනෝදයක්ලු. අම්මපා ඊළග ඡන්දෙට අපිටත් නටනටා කැම්පේන් යන්න වෙයිද දන්නෑ?

2. අරගලකරැවන් ශුද්ධවන්තයින් විය යුතුය.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී : ළමා අපචාර නඩු, හොරකම් නඩු තියෙන එවුන් සෙට් එකකුත් අරගලයේ අප්පච්චිලා කියලා සෙල්ෆ් ප්‍රමෝට් වෙන්න හදනවලු. පජාත ඉන්ටර්නෙට් පකීර්ලා එතන කුණුහරැප වපුරනවා. අන්න! ජනතාවගෙ හද ගැස්ම. මහජන නියෝජිතයෝ වෙන්න සුදුසු උනුත් එතැන ඉන්නවා බලනකොට. අරගලේ ඉවරවුණු ගමන් උන් සෙට්එක මේ පැත්තට ඇදලා ඊළග ඡන්දෙට දාන්න ඕන අපේ පක්ෂෙන්.

විපක්ෂ මන්ත්‍රී : අරගලය නියෝජනය කරන්නෙත් සාමාන්‍ය ජනතාව. එතකොට ඒ සමාජ සංයුතිය අරගලෙත් ඉන්නවා. ඒ වුණාට පාර්ලිමේන්තු සංයුතිය? ඒක දැක්කම හිතෙන්නෙ මේ රටේ ඉන්න හැමෝම ස්ත්‍රී දූෂකයෝ හොරැ මගෝඩි තක්කඩි කියලනෙ. කොහොම වුනත් අරැන් සෙට් එක ආණ්ඩු පක්ෂෙන් බිලීබාගන්න ඉස්සෙල්ලා අපි මුට්ටිය දාලා බලන්න ඕන.

3. ස්ත්‍රී පුරැෂ සමානාත්මතාවය අවශ්‍යම නැත

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී : කොහෙද ගෝල් ෆේස් පිට්ටනියට විසි කරපු කොන්ඩම් ටිකෙන් වැඩක් ගන්නත් බැරි වුනානේ, එතන කෙල්ලෝ වද කොත්තු කාලා ඉන්නෙ කියලා අපිටම ඇරිය හින්දා. අනික මාස නමයකට පස්සෙ ඔතනින් එක ළමයෙක්වත් ඉපදුනේ නැත්තන් මේ අරගලයෙන් වැඩක් තියෙනවද මං අහන්නෙ?

විපක්ෂයේ මන්ත්‍රී : කෙල්ලෝ කොල්ලෝ එකට බැහැලා හිටන් ගේම ගැහුවට පස්සෙ ඉතිං බැටන් එක ගන්නේ අපිනේ. ඊළගට මහ මැතිවරණෙට කාන්තාවන්ටත් සම නියෝජනය ඉල්ලන් ආවොත් තමයි කෙළ වෙන්නේ.

4. සියලු ආගම් සහ ජාති එක සමාන නැත

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී : අර අවුරැදු දා මුස්ලිම් කෙල්ලන් ලව්වා කැවුම් කිරිබත් බෙදිල්ල නම් කුජීතයි ඈ. මහපාරේ රාමසාන් සමරන්න සිංහල කොල්ලෝ කෑම දෙනවා. ඒ මදිවට මුස්ලිම් කෙල්ලෝ අපේ හාමුදුරුවන්ගෙ තට්ටෙට අව්කාශ්ටකේ වැටෙනවට කුඩ අල්ලනවා. මෙහෙම ගියොත් මුස්ලිම් ආගම පිරිහීමට පත් වෙන්න පුළුවන්. මුස්ලිම් ආගම බෞද්ධයන්ගෙන් බේරගන්න ඉදිරිපත් වෙන්න කියලා අන්තගාමී තම්බි ටික හීන්සැරේ දැනුවත් ඕනේ.

විපක්ෂ මන්ත්‍රී : අරගලයේ තියෙන ජාති සහ ආගම් අතර සමගිය නම් ඉතා විශිෂ්ටයි. ඒත් යකෝ අපි ඊළග ඡන්දෙට ගේන්න හිටිය තුරැම්පුවක්නෙ ඕක! මුන් මේ සමගිය දැන්ම ඇති කලාම කොහොමද අපි ඒක කරනවා නියලා ඡන්දෙ ඉල්ලන්නේ? ඒ හින්දා මොකක් හරි උගුලක් අටවල ඔය සමගිය නැති කරවන්න ඕනේ.

5. අරගලය අවිහිංසාවාදී නැත

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී : මේ ළමයින් තේරෙන්නෙ නෑ නටලා, ගයලා, බෝඩ් අල්ලන් ඉදලා, කපුටු කාක් නාක් කාක් කියලා, ආණ්ඩු වට්ටන්න බෑ කියලා. අරගලේ කියන්නේ පොලිසියට ගල්, පැට්රෝල් බෝම්බ ගහලා, බස් ගිනි තියලා කරන්න ඕන ගති වැඩක්නේ. එහෙම වුනා නම් අපිත් දන්නවා රටේ ප්‍රශ්න විසදන හැටි. වෙඩිල්ලක් දෙකක් තියලා දෙන්නෙක් තුන්දෙනෙක් බාවලා මුන් ඔක්කොම ත්‍රස්තවාදී කියලා හංවඩු ගහනව. ඒක පිටින් දාලා අන්තරෙයි, ජේවීපී එකයි තහනම් කරලා දානවා. අම්මපා තද වුනොත් කරපු පාහර වැඩේට ශ්‍රීලංකාඑකත් තහනම් කරන්න කියලා ලොක්කට කියනවා. එතකොට රටේ ප්‍රශ්න ඔක්කොම ඉවරයිනේ.

විපක්ෂ මන්ත්‍රී : කෙලින් නොකිව්වට අපිත් හිතන්නේ හිංසාව තමයි අපේ ජයග්‍රහණය කියලා. වෙඩිකාලා එකෙක් දෙන්නෙක් මැරැණ නම් ‘මිනීමරැ ආණ්ඩුව පන්නමු’ කියලා එතනින්ම කැම්පේන් එක පටන් ගන්න තිබුණා. අපි එහෙනම් ඒ මිනී උස්සගෙන රට වටේ යනවා. කෙහෙද මේ හාල්පාරැ අරගලකාරයෝ විහිළුකටවත් ගලක්වත් ගහන්නෙ නෑනේ.

(අරගලයෙහි ප්‍රවීණයන් වූ මේ කෘතහස්ත දේශපාලකයින් දෙදෙනාගෙන් ගතහැකි උපදෙසක් ඇතැයි සිතුනොත් ඔබට කෙටි විවේකයක් සහ නින්දක් අවශ්‍ය බැව් පමණක් වටහා ගන්න.)

Tags: නවතම
Share69Tweet43
Previous Post

රටම එකට… ගෝඨාගෝගමේ ශාඛාවක් යාපනයේ අරින්නට යාපනය සරසවි සිසුන්ගේ සූදානමක්!

Next Post

අලුත් ඇමති මණ්ඩලය දිවුරුම් දෙයි

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.